To get the best viewing experience for my Sinhala Subtitles
සෑහෙන කාලෙකට පස්සෙ බ්ලොග් එකට පොස්ට් එකක් දානවා.
දැන් ඉස්සර වගේම නිතරම online එන්න වෙන්නෙ නැති නිසා කමෙන්ට් වලටවත් පිළිතුරු දෙන්න බැරිවුනා. ඒකටත් මුලින්ම සමාව ඉල්ලනවා.
අනික පහුගිය දවස් වල බයිස්කෝප් අඩවියේ ඇතිවූ තාක්ෂණික දෝෂය නිසා මගේ උපසිරැසි පිටුවේ තිබෙන බාගත කරගැනීමේ සබැඳි වලින් ඔබට එය බාගත කරගත නොහැකි වුනත් බයිස්කෝප් සිංහලෙන් අඩවියේ තාවකාලිකව සියළුම උපසිරැසි සඳහා එක් පිටුවක් දීලා තියෙනවා. ඒ පිටුවෙන් පැරණි උපසිරැසි බාගත කරගත හැකියි.
මේ පෝස්ට් එක ලියන්න හේතුව වුනේ බයිස්කෝප් සිංහලෙන් අඩවියට මම දෙන සිංහල උපසිරැසි සමහර අයට හරියටම දර්ශනය නොවීමයි. අපේ සාමාන්‍ය මඟපෙන්වීම මේ පිටුවෙන් බලාගෙන උපසිරැසි පේන තත්වයට පත්කර ගත්තත්, ඒ පේන උපසිරැසි වල අකුරු ප්‍රමාණය ලොකු වීම හෝ සමහර වචන නොපෙනීම වැනි ප්‍රශ්න තියෙන අය වෙනුවෙනුයි මේ පෝස්ට් එක වෙන්වන්නෙ.
මුලින්ම කියන්න තියෙන්නෙ මම උපසිරැසි පරික්ෂා කරන්න භාවිතා කරන්නෙ වගේම චිත්‍රපටි බලන්න පාවිච්චි කරන්නෙ Jet Audio player එකයි. ඉතින් ඒ player එක පාවිච්චි කරන්න පුලුවන් නම් අනිවා සිංහල උපසිරැසි හරියටම පේනවා. දැන් අපි බලමු ඒ Player එකේ අකුරු ප්‍රමාණ වෙනස් කරගන්න හැටි.
මම මේ පහලින් තියෙන Screen capture එකේ දාලා තියෙන විදියට Video එක Play වෙද්දි එන Screen එකේ right click කලාම එන Menu එකේ යටින්ම තියෙන Configure Subtitle Option කියන එක තෝරන්න.
ඊට පස්සෙ Font Tab එකට ගිහින් Font Button එක තෝරන්න. දැන් මේ පහලින් තියෙන Screen capture එකේ තියෙන්නෙ මම දාලා තියෙන අගයන්. ඔය විදියට දාපුවහම උපසිරැසි දර්ශනය වෙන හැටිත් ඔයාලට පේනවනෙ.
ඔච්චරයි. ඉතින් ඔය විදියට හදා ගත්තහම අනිවා කිසිම ප්‍රශ්නයක් නැතිව චිත්‍රපටිය උපසිරැසි එක්ක බලන්න පුලුවන්.
ආ තව එක දෙයක්. සමහර වෙලාවට ටොරන්ට් එකේම එන ඉංග්‍රීසි සබ් ෆයිල් එක ලඟටම සිංහල එකත් දාලා අවශ්‍ය වෙලාවට මාරු කර ගෙන බලන්න පුලුවන්. ඒකට කරන්න ඕනා චිත්‍රපටිය Play වෙද්දි Ctrl+Shift+S ඔබන එක විතරයි. එතකොට උපසිරැසි අතර මාරු වීම හා උපසිරැසි off කිරීම කරගන්න පුලුවන්.
එහෙනම් දැන් හැමෝටම Happy Viewing කිව්වා. ආයෙමත් හමුවෙමු.







උපසිරසි යටින් බයිස්කොප් වෙබ් අඩවියේ ලිපිනය කුඩාවට දිස්වෙන්න දාලා තියෙනවා නේද?මම ජෙටි ඔඩියෝ එකෙන් බලනකොට ඒ කුඩා ලිපිනයේ කොඩින් පෙනෙනවා.එක නැති කර ගන්නේ කොහොමද?
හ්ම්ම්ම්. කෝඩින් එක නැතුව පේන්නයි මම හදලා තියෙන්නෙ. ඔය මම දාල තියෙන ඒවා බලන්නකෝ…. ජෙට් ඕඩියෝ එකේ එහෙම පේන්න විදියක් නැහැනෙ. සබ් එක වෙනස් කළේ නැහැනෙ?…
thanks godak, mata thawa awlak thiyenawa. me wage fiim ekak dvd ekakata gaththama eke sub kiyawanna bari widiyata penawa higak welawaya , kaha paatata hodatooma bonda wela, samahara film wala sub penawa. kohomada meka hadaaganne?,
mama use karanne convertXtodvd kiyana softwere eke. anika mama computer gena danneth oyaala wage ayagen ahala iganagaththu deyak witharai wediya danne nee
ඕක සොෆ්ට්වෙයා එකේ අවුලක් වෙන්න ඕනා. තාම හරියට ඕක කරගන්න සොෆ්ට්වෙයා එකක් නැහැ නේද සහෝ….