Home > ස්තූතිය, සිතුවිලි > ආරම්භය……

ආරම්භය……


මෙච්චර කල් බ්ලොග් කියව කියව උන්නු මමත් බ්ලොග් එකක් පටන් ගන්න හිතුවා. මම ගැන පොඩි විස්තරයක් කියලම වැඩේ පටන් ගන්නම්. මගේ ගම දංකොටුව. ඒත් දැන්නම් ඉන්නේ නේපල්ස් (Naples) වල. හරියටම අවුරුදු 25 පිරුණු දාට පහුවදාම මෙහෙට එන්න ලැබුනා.

මෙහෙට ඒ කියන්නේ ඉතාලියට එන්න මම ඉන්න ප්‍රදේශයේ ගොඩක් අය සිහින දකිමින් ඉන්නවා. කොටින්ම කියනවනම් මීගමුව ඉඳන් හලාවත වෙනකම් ඉන්න ජනතාවගෙන් වැඩි කොටසක් දැන් ඉන්නේ මෙහේ. ඒත් ලංකාවේ ඉන්නකොට දකින ඉතාලියයි මෙහෙට ආවට පස්සේ දකින ඉතාලිය යයි කියන්නේ බොහොම වෙනස් තැන් දෙකක්. ඒ කට්ට ඉතින් කාලම බලන්න ඕනා. මම ඒ ගැන වෙනම ලිපියකින් කතා කරන්නම්.

ඇත්තටම මම බ්ලොගයක් පටන් ගන්න හිත හිත ඉද්දි අපේ පොතේ ගුරා සහෝදරයා ආරධනා කලා බලන චිත්‍රපටි ගැන හැදින්වීම් කරන්න. ඉතින් මමත් චිත්‍රපටි බලන්න හරිම රුසියනේ 😀 . මමත් ලිපි 3-4 ලිව්වා. ඒකෙන් ඉතින් මම මේ වැඩේ පටන් ගන්න එක ඉක්මන් උනා. ඒකේ ස්තුතිය යන්න ඕනා ඉතින් පොතේ ගුරා සහෝදරයට.

අදට මේ ඇති. මම ආරධනා කරනවා හැමෝටම මම ලියන දේ වල හොඳ, නරක, වැරදි, පෙන්වන්න කියලා. ඕනා දෙයක් බාර ගන්න සූදානම්. එහෙනම් පස්සේ දවසක හමු වෙමු.

  1. සොයූරි
    June 10, 2009 at 4:33 am

    ඔබගේ පළමු බ්ලොග් සටහනට මාගේ සුභපැතුම්.

    • රොයිලි ප්‍රනාන්දු
      June 10, 2009 at 11:12 pm

      @ සොයූරි

      ස්තූතියි ස්තූතියි. මගේ බ්ලොග් එකේ පලමු කමෙන්ට් එක දැමීම වාසනාවක් විධියටම සිතන්න. 😀

  2. June 10, 2009 at 1:05 pm

    එළ එළ..දිගටම ලියමු..වැඩේ නම් මල් හතයි..අපෙන් සුබපැතුම්.. 🙂

  3. June 10, 2009 at 1:06 pm

    Congratz machan

  4. Prasanna
    June 10, 2009 at 1:23 pm

    Hi Royly,,this is good work and keep it up

  5. Nuwan
    June 10, 2009 at 3:02 pm

    මට සිංහල Blog කියවන්න පුරුදු කරපු මගේ හිතාදර මිත්‍රයාගේ Blog සටහනට හා හාපුරා කියලා, මුල්ම comment එක සටහන් කරන්න හිටියත්, මට ඒ අවස්ථාව නොලැබීම දුකක්.

    ඒත් ඔහුගේ ආරම්භයට ලැබී තිබුණු ප්‍රතිචාර දකින විට අතිවන්නේ අප්‍රමාණ සතුටක්……

    ඔබ්ට ජයෙන් ජයම වේවා……

    ආ මග කෙටියි……. යායුතු මග දුරයි……

  6. Danushka
    June 10, 2009 at 10:01 pm

    Royly aiya වැඩේ nam niyamai.. Best of Luck….

  7. රොයිලි ප්‍රනාන්දු
    June 10, 2009 at 11:21 pm

    @ පොතේ ගුරා

    තැන්කූ මචං….. එල කිරි, බලමුකෝ බ්ලොග් කෙරුවාව කොහොම වෙයිද කියලා.. 😀

    @ HodaHitha.com

    thanks කසුන් නිතරම මේ පැත්තේ ඇවිල්ලා යන්න එන්න

    @ Prasanna

    එල කිරි තමා මචං. හැමදාම වගේ තවත් කුණු ගොඩක් අරන් එන්නම් කෝ

    @ Nuwan

    ස්තූතියි මචං. බලමුකෝ කොච්චර දුරකට යන්න පුලුවන් වෙයි ද කියලා 😀

    @ Dhanushka

    Thanks මචං…….

  8. June 14, 2009 at 3:22 pm

    enna keewane onna awilla giya ithin. api awata oyala enne nathi ekane seen eka. nuwanla ehema pennawath nhane

    • රොයිලි ප්‍රනාන්දු
      June 16, 2009 at 3:05 pm

      අපි ගැන මොන කතාද බං උඹලවත් උඹේ සයිට් එක පැත්තේ එන්නෙ නැති කොට

      නුවා ගැනනම් මම දන්නෙත් නැහැ මචං. එයා ලංකාවෙද දන්නෙත් නැහැ. 😀

  1. No trackbacks yet.
Comments are closed.