Home > ජීවිතය, සිතුවිලි > ජීවිතයට පාඩමක්……

ජීවිතයට පාඩමක්……


මේක මට ලැබුනු මේල් එකකින් උපුටා ගැනීමක්. පරිවර්තනය කලේ නම් මම.

කාටහරි නියම මේල් එක ඔනානම් මට කියන්න මම එවන්නම්.

වැදගත්ම පාඩම – “පුද්ගලයින්ව මතක තබා ගැනීම  “


මම උසස් අධ්‍යාපනය ලබන කාලයේ අපේ මහාචාර්‍යවරයා හදිසි ප්‍රශ්න කිහිපයක් අපට යොමුකලා. ප්‍රශ්න කිහිපයට ඉතා ඉක්මනින් පිළිතුරු ලීවිමට හැකි වුවත් අවසාන ප්‍රශ්නය ඇත්තටම මට ප්‍රේහේලිකාවක් උනා. එය තමයි ” පාසල පිරිසිඳු කරන තැනැත්තියගේ මුල් නම කුමක්ද?”

මේකනම් ඇත්තටම විහිලුවක් විය යුතුයි. මම ඇයව කිහිපවරක් දැක තිබුනා. ඇය උසයි, කොන්ඩය කලු අවුරුදු 50 ගනන් වල කෙනෙක්. නමුත් මම කොහොමද නම දන්නේ? මම එයට පිළිතුරු නොදි පිළිතුරු පත බාරදුන්නා.

පන්තිය අවසාන වීමට කලින් අපි ප්‍රශ්න කලා අවසාන ප්‍රශ්නයත් ලකුණු දෙන එකක්ද කියා.”අනිවාර්‍යයෙන්ම” ඔහු කිව්වා ” ඔබගේ වෘත්තියේදි ඔබට බොහෝ මිනිසුන් හමුවෙනවා. හැමෝම සුවිශේෂයි. ඒගොල්ලන් වෙත ඔබ අවධානය යොමු කල යුතුයි. අඩුම ගානේ සිනහවක් සහ ආයුබෝවන් කියා පැවසීමෙන්වත්”

මට කවදාවත් එම පාඩම අමතක උනේ නැහැ. මම දැනගත්තා ඇයගේ නම ඩොරති කියා.

**********

2 – උදව් කරන්න



එක් රැයක වයසක කලු ජාතික කාන්තාවක් අධිවේග මාර්ගයේ අයිනක කාරයට වී සිටිනවා අධික වර්ෂාවෙන් බේරීම සඳහා. ඇයගේ කාරය මේ වන විට කාර්මික දෝෂයකට ලක්වී ඇති අතර ඇය තමන්ව පසු කරන වාහනවලින් තම ගමන යාමට උදව්වක් ඉල්ලා සිටියා. තරුණ සුදු ජාතිකයෙක් ඇයට උදව් කිරීමට නැවතුනා

ඔහු ඇයව ආරක්ෂා සහිතව  ටැක්සියක් කරා ගෙන ගොස් ඇයට උදව් කරනවා. ඇය ඉතා හදිසියෙන් සිටින බවක් පෙනෙන අතර ඇය ඔහුගේ ලිපිනය ඉල්ලා ගෙන ඔහුට ස්තූති කර යන්නට යනවා.

ඉන් සතියකට පමන පසු ඔහුගේ නිවසට විශාල වර්ණ රූපවාහිනියක් සමඟ කුඩා සටහනක් ලැබෙනවා. ඒකේ කියවෙනවා ” මට එදා උදව් කලාට ඔබට බොහොම ස්තූතියි. ඒ වෙලාවේ මගේ ඇඳුම් පමනක් නොව මගේ ශක්තිය පවා පෙඟිලා තිබුනා. නමුත් ඔබ නිසා මට මගේ පුරුෂයාගේ මරණයට මොහොතකට කලින් ඔහු අසලට යන්න හැකි වුනා. ඔබට දෙවි පිහිටයි.

මීට
Mrs. Nat King Cole ( ඇමෙරිකානු ප්‍රසිද්ධ කලු ගායකයකුගේ බිරිඳක්)

******

3 – ඔබට සේවය කරන්නන්ව අමතක නොකරන්න

අවුරුදු 10ක් පමණ වයසැති වන ළමයෙක් හෝටලයකට ඇතුලු වී sundae නැමැති අයිස්ක්‍රීම් වර්ගයේ මිල විමසා සිටියා එතැන සේවයකරනු ලබන සේවිකාවගෙන්.”$ 0.50 යි ඇය පිලිතුරු දුන්නා.

කුඩා ළමයා තම පසුම්බිය රැගෙන තමා සතු මුදල් ප්‍රමානය ගණන් කර නැවතත් විමසුවා “හොඳයි සමාන්‍ය අයිස්ක්‍රීම් එකක් කීයද?” මේ වන විට සෑහෙන පිරිසක් තව සේවය බලාපොරොත්තුවෙන් සිටින නිසා ඇය නොයිසිලිමත් හා රළු ලෙස $0.35 ලෙස දැනුම් දුන්නා.

ඔහු නැවතත් ගණන් කර හොඳයි මට එහෙනම් සාමන්‍ය එකක් දෙන්න යැයි පැවසුවා. ඇය එය ලබා දුන් අතර ඔහු පසුව බ්ල ගෙවා පිටවුනා. ඇය ඔහු ගේ පීරිසිය ගැනීමට පැමිනි විට දුටු දෙයින් හඬන්නට පටන් ගත්තා. එහි තිබුනේ ඇයගේ ටිප් එක ලෙස $ශත 15ක්.

එනම් ඔහු ඇයගේ ටිප් එක ගැන නොසිතුවානම් ඔහුට තම කැමතිම වර්ගයෙ අයිස්ක්‍රීම් එක රස බැලීමට තිබුනා.

******

4 – ජීවන මාර්ගයේ බාධක

එක්තරා රජ කෙනෙක් පාරක් මැද එය අවහිර වෙන ලෙස විශාල ගලක් තබා පැත්තකට වී සැඟවී සිටියාලු. ඔහුගේ ධනවත්ම වෙලෙන්දන් සහ ඇමතිවරුන් එය දැක එය මගහැර ගමන් ගනු ලැබුවා. බොහෝ දෙනා හැමෝටම ඇසෙන පරිදි පාර අවහිර නොවන ලෙස තබාගැනීමට රජුට නොහැකි බව පවසමින් එය මඟහැර ගියාලු ගලට කිසිවක් නොකරම.

ඊලඟට එතැනින් ගොවියෙක් යන්නට ගියාලු එලවලු කදක් රැගෙන. ඔහු ඔහුගේ ගමන නවතා බොහෝ අමාරුවෙන් අර ගල අයින් කිරීම්ට උත්සහ කර බොහෝ අවසානයේ ගල පාරෙන් අයින් කරනු ලැබුවා.

ඊලගට ඔහු තමාගේ එලවලු කද ලඟට යන විට ගල තිබූ තැන රන්කාසි මල්ලක් දුටුව අතර ඒ තුල රජතුමාගේ පණිවිඩයක් සඳහන් සටහනක් තිබුනා. එහි සඳහන් වී තිබුනේ මෙම රන්කාසි මල්ල අර බාධකය අයින් කල තැනැත්තට ලැබෙන බවයි.

ගොවියා අපි කාටවත් නොතේරෙන පාඩමක් ඉගෙන ගනු ලැබුවා. එනම් සෑම බාධකයක්ම අපගේ තත්වය වර්ධනය කර ගැනීමට උදව්වකි.

******

5 – අවශ්‍ය වෙලාවට දෙන්න

අවුරුදු ගණනකට පෙර මම ස්වෙච්ඡා සේවකයෙක් ලෙස රෝහලක වැඩ කරමින් සිටින විට ලිස් නැමැති දුර්ලභ රෝගයකින් පෙලෙන කුඩා ගැහැනු ළමයෙක්ව දැන්ගන්නට ලැබුනා. ඇයට තිබුනු එකම අවස්ථාවනම් අවුරුදු 5ක් වයසැති ඇයගේ කුඩා සහෝදරයාගෙන් රුධිර පාරවිලයනය කර ගැනීමයි. ඔහුටත් මෙම රෝගය වැලදි සිට නොසිතූ ලෙස සුවය ලැබූ අයෙක්. ඔහු තුල ප්‍රතිදේහ නිපද වී තිබුනා රෝගය සමඟ සටන් කිරීමට.

වෛද්‍යවරයා තත්වය දරුවාට පැහැදිලි කර ඔහුගෙන් කැමැත්ත විමසා සිටියා. ඔහු එක් මොහොතකට පසුබා සිට ගැඹුරු හුස්මක් ගෙන මෙසේ පිළිතුරු දුන්නා.” හොඳයි මම එය කරන්නම් එයින් ඇය සුවවෙනවා නම්”

පාරවිලයන සිදුකරන විට ඔහු ඇයට එහා පැත්තේ ඇඳට වී සිටිමින් ඇය දෙස බලාසිටියා. ඔහුගේ හිනාව අඳුරු වී ගොස් එක්වරම මෙසේ ඇසුවා. “දැන් මම මැරෙන්න පටන් ගන්නවාද?”

ඔහුගේ කුඩා මොලයට වැටහී තිබුනේ ඔහු තම සියළුම රුධිරය ඇයව බේරා ගැනීමට දිය යුතුයි කියායි.

******
ඇත්තටම අනිකාගේ ඉරියව්ව, ආකල්පය තේරුම් ගැනීම සැම දෙයක්ම හොඳින් කර ගැනීමට උදව්වක් වෙයි.

  1. නුවන්
    July 31, 2009 at 9:56 am

    අලුතෙන් හිතන්න‍ට යමක් දැම්මට ස්තුතියි මචං.

    • රොයිලි ප්‍රනාන්දු
      September 2, 2009 at 7:30 pm

      ඇත්තටම ලොකු පණිවිඩයක් තියෙනවා මචං මෙ කතා වල

  2. August 29, 2009 at 6:11 pm

    හොද ලිපියක්

    • රොයිලි ප්‍රනාන්දු
      September 2, 2009 at 7:30 pm

      ස්තූතියි මචං

  3. October 10, 2009 at 9:40 am

    මෙවැන්නක් අප හා බෙදා ගත්තාට, ඔබට බොහොම පිං !

    • රොයිලි ප්‍රනාන්දු
      October 11, 2009 at 8:56 pm

      ස්තූතියි මචං.

  4. චමි.දේ.වා.
    October 16, 2009 at 7:48 am

    රොයිලියා…රොයිලියා… කියලා බයිස්කෝප් එකේ දැක්කට බ්ලොග් එක දැක්කේ අදනේ….
    ඇයි මචෝ සිංහල බ්ලොග් කියවනයේ මේක දාන්නේ නැත්තේ….

    • රොයිලි ප්‍රනාන්දු
      October 16, 2009 at 3:37 pm

      හිතුනේ නෑ මචං ඒක කරන්න. බලමු. ඒත් ඔයා මීට කලිනුත් මේකේ කමෙන්ට් දාලා තියෙනවා.🙂

      හැබැයි ඔයා එතකොට මාව දන්නේ නැතිව ඇති. අර සුපර් ස්ටාර් ගුරුකම එකට🙂

  5. October 31, 2009 at 3:37 pm

    @Royly Fernando

    ඇත්ත නේන්නම්…මට ඒක හම්බුනේ ඉ-මේල් එකකින්. ඔයාගෙ බ්ලොග් එකෙන් නෙමෙයි..මම එක ඔයාටත් එවන්නම්. මට ඇඩිරස් එක දෙන්න…
    ඔයාගෙන් කෙලින්ම ගත්තනම් මම ඔයාගෙ නම දානවා…අනික මම බ්ලොග් වලින් කරුනු උපුටාගන්නෙත් නෑ..අවශ්‍යම අවස්තාවක හැරෙන්න.

    • රොයිලි ප්‍රනාන්දු
      October 31, 2009 at 3:51 pm

      මේල් එක හම්බ වුනා මචං. මට ගත්තු කෙනාත් හොයාගත්තා.

      මේ තියෙන්නේ පොර මේල් එක තමන්ගේ කර ගත්තා මදිවට ලියල තියෙන දේ බලහන් කෝ

      This email and any attachment hereto is for authorized use by the addressee
      only. It may contain confidential or privileged information and/or proprietary
      material. If you are not the intended recipient, this email and/or any
      information it contains should not be copied, disclosed, retained or used
      by you or any other party, and the email and all its contents should be
      promptly deleted fully from your system and the sender informed. Thank
      you.

  6. October 31, 2009 at 6:09 pm

    අන්තිම එක නම් තේරුණේ නෑ වගේ..😦

    අනිත් 4 නම් සිරාම සිරා…🙂

    • රොයිලි ප්‍රනාන්දු
      November 2, 2009 at 10:58 pm

      පොඩ්ඩක් ආයේ කියවල බලහන් මචං, එලටම තේරෙනවා,😉

  7. October 31, 2009 at 6:10 pm

    ඇත්තටම හොද ලිපියක්….

    ජය වේවා!!!!

    • රොයිලි ප්‍රනාන්දු
      November 2, 2009 at 10:59 pm

      ස්තූතියි මචං,

  8. October 31, 2009 at 7:07 pm

    හොද අර්ථවත් ලිපියත්.

    • රොයිලි ප්‍රනාන්දු
      November 2, 2009 at 10:59 pm

      ස්තූතියි මචං,😉

  9. October 31, 2009 at 8:15 pm

    oh, mama eka dakke dan ne..
    mara kathawakne kiyala thiyenne..

    • රොයිලි ප්‍රනාන්දු
      November 2, 2009 at 11:00 pm

      ඒකනේ මචං. මුන් හොරකම් කලා මදිවට තව කියලා තියෙන කතාව.😉

  10. November 1, 2009 at 9:37 am

    නොහිතන පැත්තක්

    • රොයිලි ප්‍රනාන්දු
      November 2, 2009 at 11:00 pm

      හ්ම්ම්ම්….

  1. December 3, 2009 at 11:54 pm

Leave a Reply

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

You are commenting using your WordPress.com account. Log Out / Change )

Twitter picture

You are commenting using your Twitter account. Log Out / Change )

Facebook photo

You are commenting using your Facebook account. Log Out / Change )

Google+ photo

You are commenting using your Google+ account. Log Out / Change )

Connecting to %s

%d bloggers like this: