සුබ අලුත් අවුරුද්දක් වේවා……


2009 අවුරුද්දත් ඉවරයි එහෙනම්. ආපසු හැරිලා බැලීමක් කරන්න හිතුනා. මේ අවුරුද්ද පටන් ගත්තේ නම් අමුතුම විදියකට. කතාවක් තියෙනවනේ ජනවාරි පලවෙනිදා සල්ලි අතින් යන්න හොඳ නෑ කියලා. හැබැයි මට නම් අතින් ගියා. හැබැයි අවුරුද්ද පුරාවට ගත්තහම මට මුදල් නැත්තම් රැකියාව අතින් 2008 ට වඩා ස්ථාවර වෙන්න පුළුවන් වුණා. හැබැයි පෞද්ගලික ජීවිතයේ නම් යම් පසු බෑමකින් තමයි අවුරුද්ද පටන් ගන්න සිද්ධ වුණේ. ඒත් දැන් නම් එවා අමතක කරලා දාලා ඉන්නේ.🙂

මේ අවුරුද්දෙ සිද්ධ වුණු ලොකුම පෙරළියක් තමයි සිංහල යුනිකෝඩ් ගැන ඒ වගේම සිංඩිය ගැන දැන ගන්න ලැබීම. ඊට කලින් සිංදුවක් අහන්න අන්තර්ජාලයෙන් චැට් කරන්න විතරක් හුරු වෙලා හිටපු මම දැන් බ්ලොග් එකක් ලියන්නත් පුරුදු වුණා. චැට් රූම් පැත්ත පළාතක යන්නේ නැහැ. ඊට වඩා සින්ඩියේ තියෙන බ්ලොග් වල ලියවෙන දැණුම් සම්භාරයෙන් ධනවත් වීම වැඩදායකයි. ඒ වගේම මට හොඳ යාලුවන් කිහිප දෙනෙකුත් අඳුන ගන්න ලැබුනා. විශේෂයෙන්ම දැන් බ්ලොග් අවකාශයේ මාව වැඩි දෙනෙක් දන්නේ බයිස්කෝප් අඩවියට උපසිරැසි සහිතව චිත්‍රපටි දෙන කෙනා විදියටනේ. ( මගෙ බ්ලොග් අඩවියේ වුනත් වැඩිපුර කමෙන්ට් වැටිලා තියෙන්නේ සිංහල උපසිරැසි පිටුවටනේ )🙂 ඒකෙනම් සම්පූර්ණ ගෞරවය යන්න ඕනා පොතේ ගුරා සහෝදරයට තමයි. ඒ වගේම සරදියෙල්, ඇන්ත්‍රැක්ස්, පිස්සා, සොඳුරුසිත, ගෝලයා, දුකා, වගේ බොහෝ දෙනෙක්ව අඳුනගන්න ලැබුනා. (හදිස්සියෙන් ලියන නිසා නම් නොලියවුණු අය තරහ වෙන්න එපා හොඳේ)

ඉතින් සමස්තයක් විදියට ගත්තහම සාර්ථක වසරක් කියලා හඳුන්වන්න පුළුවන්. එහෙනම් ලබන්නාවූ නව වසර සුබම සුබ අලුත් අවුරුද්දක් වෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා හැමෝටම. ජය වේවා !!!!!!

  1. චමී.දේ.වා.
    January 1, 2010 at 11:43 am

    සුබම සුබ අලුත් අවුරුද්දක් වේවා සහෝ……..!!!!!!!!
    වැඩිවැඩියෙන් සිංහල සබ් දාන්න හැකිවේවා…….!!!!!!!!!!

    • රොයිලි ප්‍රනාන්දු
      January 2, 2010 at 1:13 pm

      එසේම වේවා!!!! වැඩි වැඩියෙන්ම සබ් දාන්නම් සහෝ🙂

  2. January 2, 2010 at 1:27 pm

    කෝඕඕඕඕඕඕඕඕඕඕඕඕඕඕඕඕඕඕඕ………..

    මේක සින්ඩියේ නෑනේ…… මේ දවස් වල සින්ඩියට ඇප්ලයි කරන්න.. ඊලග දවසෙම ඒක ඇතුලට යන්න පුළුවනි…

    නැත්නම්, අපි අංජනං එලි ඇරලාද මේකට ගොඩ වෙන්න ඕනේ???

    උඹට් සුබම සුබ අළුත් අවුරුද්දක් මචං…

    • රොයිලි ප්‍රනාන්දු
      January 2, 2010 at 1:47 pm

      මම සින්ඩියට දාන්නේ නෑ මචෝ. මොකද බ්ලොග් එකේ මහලොකු දෙයක් ලියවෙන්නේ නැති නිසා😦 .
      ඒත් මම දාන උපසිරැසි උබලට එනවනේ🙂

      එල එල සුබම සුබ අලුත් අවුරුද්දක් වේවා.!!!!

  3. January 8, 2010 at 8:30 pm

    මොකද මෙච්චර කල් ඔයාව හම්බ නොවුනෙ මෙක සින්ඩියට තාම දැම්මෙ නැද්ද… කොහොම උනත් සුබ නව වසරක් පතනවා..
    හිතෙ තියන අදහස් කරුනු කාරනා සියල්ල ඉෂ්ට වෙවා යි පතනවා..
    මහන්සියෙන් හරි හම්බකරගන්න අවස්තාවන් ලැබෙවායි පතනවා…

    • රොයිලි ප්‍රනාන්දු
      January 9, 2010 at 3:53 pm

      නෑ මචෝ මම මේක දාලා නෑ. මොකද මේකේ එහෙමම කියලා වටින දෙයක් ලියවෙන්නේ නැති නිසා.🙂

  1. No trackbacks yet.

Leave a Reply

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

You are commenting using your WordPress.com account. Log Out / Change )

Twitter picture

You are commenting using your Twitter account. Log Out / Change )

Facebook photo

You are commenting using your Facebook account. Log Out / Change )

Google+ photo

You are commenting using your Google+ account. Log Out / Change )

Connecting to %s

%d bloggers like this: