බයිස්කෝප් සිංහලෙන් හා මම! II


පළමුවෙනි ලිපිය නැවැත්තුවේ මම බයිස්කෝප් සයිට් එක අඳුනගත්තු තැනින්නේ. අද ඉතුරු ටික…..

මම මුලින්ම පොතේ ගුරා කියන අන්වර්ථ නාමයෙන් සයිට් එක කරන්නේ කවුද කියලා මුකුත් නොදැන උන්නත් මමත් ටොරන්ට් වලින් චිත්‍රපටි බාගත කර ගන්න නිසා උනන්දුවක් දැක්වුවා ලිපි ගැන. ඒත් කමෙන්ට් කරන්න ගියේ නැහැ. මොකද ඒ වෙන කොට මට සිංහල ටයිප් කරන්න එච්චරම හැකියාවක් නොතිබුණු නිසා හා කියන දෙයින් මම චාටර් වෙයි කියලා හිතුනු නිසා.


ඔන්න ඔහොම හිටපු මම මගේ පළවෙනි කමෙන්ට් එක දැම්මා. ඒක දැම්මේ ගුරා ඇනගත්තු දවසක. ඒක බයිස්කෝප් එකේ 501 වෙනි කමෙන්ට් එක වෙලා තිබ්බා. ඒත් මගේ පළවෙනි කමෙන්ට් එක මහම මහ පණ්ඩිත කමෙන්ට් එකක්. ලින්ක් එකක් දැම්මා ටොරන්ට් එකකට. හුටා හැරෙන තැපෑලෙන් මෙන්න ඒක මූ සංස්කරණය කරලා. හැබැයි මටම හිනා වෙච්ච දේට. මෙතනින් ගිහින් බලන්නකෝ ඒක.

ඔන්න ඉතින් ඊට පස්සෙ මමත් කමෙන්ට් දාන්න ගත්තයි කියමුකො. මේ වෙද්දි සයිට් එක blogspot එකෙන් අයින් කරලා ගුරාගෙම තැනකට අරන් ගිහින්. හොඳම උනන්දුවෙන් කමෙන්ට් කරන්න ගත්තේ ගුරා වැඩිම කමෙන්ට් දාන අයව පෙන්වන්න විජෙට්ටුවක් දැම්මට පස්සෙ. හැබැයි ඔය විජට්ටුව නිසා සයිට් එකේ අලයක් එනකම්ම මමයි අපේ යුරාජ් සහෝදරයයි අනික් අයත් එක්ක සෑහෙන ලීඩ් එකක් තියාගෙන පළවෙනි දෙවෙනි ස්ථාන වල මාරුවෙන් මාරුවට උන්නේ.😛

ඔය අතර තමයි මගෙයි ගුරාගෙයි හොඳ සම්බන්ධයක් ගොඩනැගෙන්න පදනම වැටුනේ. ඒ තමයි 2009 මැයි 21 වෙනිදා වැටුනු ලිපියකින් අපිටත් ලිපි ලියන්න ගුරාගෙන් ආරාධනයක් ලැබුනේ. මම ගාවත් සෑහෙන චිත්‍රපටි එකතුවක් තියාගෙන ඉන්න නිසා මමත් ආසාවෙන් ඒ ආරාධනාව බාර ගත්තා. මම ලියපු පළවෙනිම ලිපිය තමයි අදටත් මම කැමතිම චිත්‍රපටිය වෙන The Patriot චිත්‍රපටිය ගැන ලිපියක් ලිව්වේ. මෙතනින් ඒ ලිපිය බලන්න පුළුවන්. ඔන්න පළවෙනි වතාවට ගුරා මාව Gtalk එකට ඇඩ් කරගෙන පළවෙනි කතා බහ ඇරඹුනා. පළවෙනි කතා බහෙන් මට මතක තියෙන්නේ ගුරාගේ ඇත්ත නම වෙන ඉසිර කියලා දැනගන්න ලැබීමයි අදටත් මම ඉසිරගෙන් අහන්න බලපොරොත්තු වෙන Maxxa කියන වචනෙයි තමයි. ඇත්තටම ඒ මැක්සා කියන වචනයෙන් පළවෙනියෙන්ම පෝස්ට් එකක් දාල ලැබුණු කමෙන්ට් වලටත් වඩා ලොකු ශක්තියක් ආවා කිව්වොත් නිවැරදියි. ඒ ලැබුනු දිරි ගැන්වීමෙන් අදටත් නොකඩවාම බයිස්කෝප් එකත් එක්ක ඉන්න තරම් හොඳ බැඳිමකට අඩිතාලම වැටුනා. කවුරුත් කියන කතාවක් තමයි ගුරා කියන කෙනාට ඕනම කෙනෙක්ව අල්ල ගන්න හැකියාවක් තියෙනවා කියන එක. හැබැයි ඒකනම් ඇත්ත. ගුරාගෙ වචන වලින් ඕනම එකෙක් ශක්තියක් ලබනවා වගේම ඔහුත් එක්ක සදාකාලික මිතු දමක් ගොඩනගා ගන්නවා.

ඔහොම ලිපි ලිය ලිය ඉන්න අතර එක් සෙනසුරාදා දවසක හවස් වරුවේ ඉසිර මගෙ මේ බ්ලොග්කරණයේ වැදගත්ම පෙරළියට පාර පෙන්නුවා. ඒ වෙලාවේ මම උන්නේ හරිම හදිස්සියෙන්. එහෙම කිව්වෙ සෙනසුරාදා හවස මට නිවාඩු ලැබෙන නිසා මම හිටියේ ගෙදර යන්න ලෑස්තියෙන්. ආපහු ජංජාලෙට එන්න වෙන්නේ ඉරිදා හවස නිසා ඉසිර කියපු යෝජනාව ගැන වැඩි විස්තර අහන්නේ නැතිවම මම ඒක ප්‍රතික්ෂේප කළා. යෝජනාව තමයි අපි සිංහල උපසිරැසි දෙමු කියන එක. ඒත් මම ඉස්සෙල්ලා කිව්ව වගේම මූ කොහොමත් කිව්වොත් බෑ කියලා කටක් ඇරලා කියන්න බැරි නිසා මමත් විස්තරය ඇහුවා.

අවසාන කොටස……

  1. March 23, 2010 at 6:28 am

    මේකත් බන් අර ආදර කතා වගේනේ…
    හොඳම හරියේදී නවත්වනවා…
    කමක් නෑ අනික් එකත් හෙටම දාපන්….

    • රොයිලි ප්‍රනාන්දු
      March 23, 2010 at 2:20 pm

      හික් හික් 😛

      හෙටනම් ඉවර කරනවමයි😛

  2. March 23, 2010 at 2:54 pm

    ඒ… මොකද්ද අයියෝ…
    බඩ කට පුරා සබ් දෙන උඹ මේ කතන්දරේ ‍කෑල්ලෙන් කෑල්ලනේ දෙන්නේ..
    කමන්නෑ. කමන්නෑ. එතකොට අගේ වැඩී නේ.
    එහෙනං ජයවේවා.ඉතුරු එකත් දාපං ඉක්මනට..

    • රොයිලි ප්‍රනාන්දු
      March 23, 2010 at 3:04 pm

      හික් හික් ඒකත් හොදයි වගේ මචං. එකපාර ඔක්කොම දෙන වෙලා පොඩ්ඩ පොඩ්ඩ දෙන එක.😛

  3. March 23, 2010 at 3:06 pm

    @යෝගි
    ඔය සීන් එකට සිංහලෙං කියන්නෙ episode editing කියලනෙ බං. ඊලගට මොකද වෙන්නෙ කියලා දැනගන්න දතකාගෙන හීන බලාගෙන හෙට වෙනකං ඉන්න ඕනා.

    • රොයිලි ප්‍රනාන්දු
      March 23, 2010 at 3:32 pm

      ඒ වගේද එකම කතාවට තුන් හතර පාරක් ගෙන්න ගන්න එක.😛

      නෑ නෑ බන් කතාව දිග වැඩි උනාම නිකන් උඩින් පල්ලෙන් කියවලා හැරිලා යනවනේ. ඉතින් මේහෙම දාපුවම් තියෙන පොඩ්ඩ කියවනවනේ.🙂

  4. March 23, 2010 at 3:14 pm

    මටනම් අදත් මදි ව්ගේ.😛

    • රොයිලි ප්‍රනාන්දු
      March 23, 2010 at 3:32 pm

      එල එල උබට ඉතින් කොයි දේත් මදිනේ.😛

      හෙට නම් ඉවර කරනවමයි.😛

  5. March 23, 2010 at 3:30 pm

    සුපිරි… උඹ කීව වගේම ඉසිරයා ට මොනව උනත් කවුරුහරි අල්ලගන්න පුදුම හැකියාවක් තියෙන්නෙ.. මාවත් සෙට් කොලේ මාර වැඩකටනේ… ළඟදීම පරණ පුරුදු රස්සාව පටන් ගන්නයි අදහස..😉

  6. March 23, 2010 at 3:42 pm

    අඩේ මම දැනුයි මේක දැක්කේ…. කලින් දවසක් කිව්වා වගේ මතකයි මේ වගේ එකක් ලියනවා කියලා🙂

    ඔන්න එහෙම නම් මම අද පටන් මේකත් බුක්මාර්ක් කරගත්තා….

    පා.ලී. :- මගේ වැඩේ කරන් යනවා අලුත් අවුරුද්දටම දෙන්න පුලුවන් වෙයි ඒක

    • රොයිලි ප්‍රනාන්දු
      March 23, 2010 at 3:54 pm

      එල එල සහෝ මේ දත කට මැදන් ඉන්නේ ඒක බලන්න😛

  7. Gayathra
    March 25, 2010 at 6:54 am

    මේකනම් හරියන්නෙ නෑ.. මගින් නවත්තනවනෙ හැමදාම.. හිහී..🙂 කමක් නෑ.. ආයෙත් එන්නම්කො එහෙනම්..😛

    • රොයිලි ප්‍රනාන්දු
      March 29, 2010 at 1:25 am

      අපෝ පහුවදාම තුන්වෙනි එකත් දැම්මෝ🙂

  8. February 6, 2015 at 2:39 pm

    elzzzzzz

  1. June 14, 2010 at 6:10 pm

Leave a Reply

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

You are commenting using your WordPress.com account. Log Out / Change )

Twitter picture

You are commenting using your Twitter account. Log Out / Change )

Facebook photo

You are commenting using your Facebook account. Log Out / Change )

Google+ photo

You are commenting using your Google+ account. Log Out / Change )

Connecting to %s

%d bloggers like this: