Home > ජීවිතය, දුක > මතකයන් අමතක කෙරුවත්

මතකයන් අමතක කෙරුවත්


හරියටම මීට අවුරුදු 3කට කලින් අද වැනි දිනක ඇරඹි සුන්දරවූ එහෙත් වේදනාකාරී මතකයක් වෙනුවෙනි.


මතකයන් අමතක කෙරුවත් – අමතක වෙන්නේ නෑ
ඔබ එපා යයි මට සිතුනත් – එපා වෙන්නේ නැහැ.
යලි ඒවියයි සිත කීවත් – ඔබ යලි එන්නේ නෑ
සිත පුරා ආදරය කරන්නට – මට දැන් කවුරුත් නැහැ

අඬ අඬා මම කල් ගෙව්වත් – ඔබ ලැබෙන්නේ නෑ
නොලැබෙනා බව මම කිව්වත් – සිත පිළි ගන්නෙත් නෑ
මම නොමැති ලොව කවදාවත් – ඔබ තනිවෙන්නේ නෑ
ඔබ නොමැති ලොව කවදාවත් මට – සිතේ සතුටක් නැහැ

සිහිවෙනා හැම මොහොතකදී – නොසිතා ඉන්නත් බෑ
හුදකලාවේ ඉන්නට සිතුවත් – එහෙම ඉන්නත් බෑ
සිත සිතා ඔබ ගැන හැමදාමත් – මට අඬන්නත් බෑ
ඔබ නැති පාළුව මට දැනුනත් – වෙනස් වෙන්නත් බෑ

Artist, Lyrics, Melody – Dushan Jayathilake
Track – Malinda Low

කවදාවත් මෙහෙම ලිපියක් ලියන්න නොසිතූ මට අද එය ලියන්නම වුණා.

තද අකුරින් ලිවූ පද එදා විහිළුවට SMS කළ විට කන පිරෙන්න අහගන්න වුනා. ඒත් අද…….

මැයි මාසයේ දිනයක යුග දිවියට එලඹෙන බව ආරංචි වුනා. හොඳින් ඉන්න. මම හැමදාමත් කිව්ව විදියට ප්‍රශ්න වලට මුහුණ දෙනකොට මීට වඩා පොඩ්ඩක් කල්පනා කරන්න. සැමදාමත් සතුට හා සාමය ලැබේවා!

Categories: ජීවිතය, දුක Tags: ,
  1. March 29, 2010 at 2:07 pm

    මේක මමත් දැන් හැමදාමත් අහන දුකක් උනත් හිතට මාර විදියට ලංවෙච්ච ගීයක්…
    ඕකේ කියන හැම වචනයක්ම මටත් අදාලයි…
    ඒවගේම උඹට උනදේම තමයි මටත් වෙලා තියෙන්නෙ.
    අපි එක අත්තේ කුරුල්ලෝ මචන්…..
    උඹ මට කියපු දේම තමයි කියන්න තියෙන්නේ…
    “අපි හිත හදාගෙන එක හිතින් එයාගේ අනාගතේට සුබපතමු!”

    • රොයිලි ප්‍රනාන්දු
      March 29, 2010 at 3:00 pm

      අනිවා මචෝ. ගොඩක් හිතට ලං වෙච්ච ගීතයක්. මොනා කරන්නද අපි දන්නවනම් අපි බොරුවක් කළේ නෑ කියලා වෙන මොනා කරන්නද?😦

  2. March 29, 2010 at 2:14 pm

    මමනම් ඔයවගේ මතකයන් සම්පූරිණයෙන්ම අමතක කරලයි ඉන්නෙ. ඒත් එහෙම කරන්න බෑ කියලා මමත් අද්දැකීමෙන් දන්නවා. ඊ දෙයින් එයාගේ අනාගතයට හොඳක් වෙනවනම් එච්චරියිනෙ මචන් !

    • රොයිලි ප්‍රනාන්දු
      March 29, 2010 at 3:03 pm

      අනිවා මචෝ. වෛර කරලා තේරුමක් නැහැනේ. පුළුවන් විදියකට විඳ ගන්නවා මිසක්🙂

  3. March 29, 2010 at 2:32 pm

    දෙවියන්ගේ කැමත්ත එය නම්.. එයට ඉඩ දී ඇයට සුභ පතන මගේ පුංචි මිතුරේ
    සිනා සී සමුදෙන්න
    කදුළක් නොහෙලන්න
    දිනක වැටහේවි
    සියල්ල සිදුවූයේ හොදකටම බව

    • රොයිලි ප්‍රනාන්දු
      March 29, 2010 at 3:07 pm

      ස්තූතියි අක්කියෝ කමෙන්ට් එකට. උපරිම උත්සහ කරනවා එහෙම කරන්න

  4. March 29, 2010 at 2:55 pm

    හිත පාරගන්න එපා රෝයියෝ.. ජීවිතේ වෙලාවකට එහෙම තමයි.. සමහර වෙලාවට ටිකක් හිතලා බැළුවාම කාලෙකදි උඹට හිතෙන්නත් පුළුවන් හැමදේම වුනේ හොඳටයි කියලා.
    ජීවිතේ අමිහිරි දේවල් අමතක වෙලා ගිහිල්ලා ඉක්මනටම සුන්දර මතකයන් වලින් පිරිලා යන්න කියලා ප්‍රාර්ථනා කරන්නං මචෝ.ඔනම දේකට අපිත් ඉන්නවා උඹ එක්ක.
    -ජය

    • රොයිලි ප්‍රනාන්දු
      March 29, 2010 at 3:10 pm

      අනිවා අනිවා මචෝ. උඹලා ඉන්න නිසා නේන්නම් උඹ කියන විදියටම අතින් පැට්‍රල් ගහගෙනම මෙහෙම ඇවිත් පොඩ්ඩක් ජොලියෙ ඉන්නේ. ස්තූතියි මචෝ කමෙන්ට් එකට🙂

  5. March 29, 2010 at 3:00 pm

    අහුවෙයංකො උබේ කකුල් කඩන්න..

    • රොයිලි ප්‍රනාන්දු
      March 29, 2010 at 3:11 pm

      ඒ අහවල් එකකටද බොල.🙂

  6. March 29, 2010 at 3:07 pm

    මෙච්චර සොරි මූඩ් එකක ලිපියක් ලියපුවාම ඇනත මොකද උඹේ කකුල් කඩන්ඩ එන්ඩ හදන්නේ ?

  7. රොයිලි ප්‍රනාන්දු
    March 29, 2010 at 3:17 pm

    මේක ලියවුනේ ශෝක රසය දැණුනු වෙලාවක නෙවෙයි බං. අතිශය භයංකාර රසයක් දැණුනු වෙලාවක. ඒකයි මීට වඩා එල පෝස්ට් තුනකටම කලින් මේක දැම්මේ🙂

  8. සොයුරි
    March 29, 2010 at 4:07 pm

    මමත් හිතුවෙ නෑ ඔයාට මේ වගේ post 1k දාන්න වේවි කියලා කවදාවත්. ඒත් ඉතින් සියල්ල වන්නෙ යහපතටයි කියලා කියමනක් තියෙනවානේ. නොලැබුනු දේකට පසු තැවිලා වැඩක් නෑ.

    • රොයිලි ප්‍රනාන්දු
      March 31, 2010 at 6:59 pm

      හ්ම්ම්ම්..

  9. මනිෂ කසුන්
    March 30, 2010 at 12:04 pm

    අයියේ ආදරේදී බූට් එක කියන දේ එක පාරක් හරි කාලා තියෙන අයට ආයේ වරදිනවා අඩුයි.. පොඩි ජොලියක් දාලා ඉන්න. පුලුවන්නම් එයාගේ wedding දවසට call කරලා wish කරන්න..

    • රොයිලි ප්‍රනාන්දු
      March 31, 2010 at 7:00 pm

      අපූරු අදහස.🙂
      බලමු බලමු.

  10. මාරයාගේ හෝරාව
    April 3, 2010 at 3:27 am

    අද තමයි මම උඹෙ ලිපි කියවන්න ගත්තේ..
    මට කියන්න තියෙන්නෙත්

    අපි එකම රෑනෙ කුරුල්ලෝ…අපි එකම රෑනෙ කුරුල්ලෝ…

  1. No trackbacks yet.

Leave a Reply

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

You are commenting using your WordPress.com account. Log Out / Change )

Twitter picture

You are commenting using your Twitter account. Log Out / Change )

Facebook photo

You are commenting using your Facebook account. Log Out / Change )

Google+ photo

You are commenting using your Google+ account. Log Out / Change )

Connecting to %s

%d bloggers like this: