වාරණය කළ ලිපිය.


The Passion Of The Christ (2004)

උතුම් මිනිසෙකුගේ අවසන් පැය කිහිපය [සිංහල උපසිරැසි සමගින්]

අද මහ සිකුරාදා. කතෝලිකයින් ඇතුළු සියළු ක්‍රිස්තියානු භක්තිකයින්ට අද උතුම් දවසක්. අද වන් දිනෙක තමයි දෙවියන් වහන්සේ එවා වදාල තමුන්ගේ පුතාව මිනිසුන් විසින් කුරුසියේ ඇන ගසා මරා දැමීම සිහිකරණු ලබන්නේ. උන්වහන්සේගේ අවසාන පැය කිහිපය අළලා ගොඩ නැගුනු මෙම චිත්‍රපටිය ඒ වෙනුවෙන් සිංහල උපසිරැසි සමඟම මම ලබා දෙන්න තීරණය කළා.

ගොඩක් අයනම් මේ චිත්‍රපටිය ගැන අහල ඇති. ප්‍රසිද්ධ නළු මෙල් ගිබ්සන් විසින් අධ්‍යක්ෂණය කළ මෙම චිත්‍රපටය IMDB ශ්‍රේණිගත කිරීම් වල ඡන්ද 84,048 ක් මගින් 7.1/10 ක අගයක් ලබා තිබෙන මෙම චිත්‍රපටිය ඔස්කාර් සම්මාන තුනකට ඇතුළු තවත් සම්මාන වලට නිර්දේශ වී ඉන් 17ක් දිනා තිබෙනවා.

මම චිත්‍රපටියේ කොපි වර්ග දෙකකට උපසිරැසි දැම්මා. මොකද වැඩිම සීඩ්ස් තිබුන කොපියේ ඉංග්‍රීසියෙන් hard sub කරලා තියෙනවා. ඒක නිසා සිංහල එකයි ඉංග්‍රීසි එකයි දෙකම පේන නිසා මම ඊලඟට තව සීඩ්ස් තිබ්බ එකකටත් සබ් දැම්මා. හැබැයි ඒ කොපිය බාන්න ටිකක් වෙලා යයි. කැමති එකක් බාගත කර ගන්න.

අවසන් වශයෙන් මෙම චිත්‍රපටිය ඔබ අතට පත් කළේ ඔබගේ රසවින්දනයට මිස අනෙක් කිසිම කාරණයක් නිසා නොවේ. ඉතින් චිත්‍රපටියක් රස විඳිය හැකි අය පමණක් කරුණාකර මෙය බාගත කර ගන්න.

“ඔබ පොළවේ ලුණු ය. ලුණෙහි ලුණු රස නැතිවුවහොත් එයට ලුණු රස කවන්නේ කුමකින්ද?”

ඉතින් ඔබත් ඔබගේ ජීවිතයේ ලුණු රස නැති කර නොගන්න.

“අනුන් ඔබට යමක් කරනවාට ඔබ කැමතිද, ඔබත් ඒ දේම ඔවුන්ට කරන්න.”

එසේම

“අනුන් විනිශ්චය නොකරන්න. එවිට ඔබත් විනිශ්චය කරනු නොලබන්නෙහිය.”

ඔබ සැමට සුබ පාස්කු මංගල්ලයක් වේවා!

ඔය ගොල්ලො බලනවා ඇති බයිස්කෝප් සයිට් එකේ ගියපු මේ ලිපියම ආපහු මේකේ දැම්මේ අහවල් එකටද කියලා. හේතුවක් තියෙනවා. ඒ තමයි ලිපිය අසාධාරණ ලෙස සංස්කරණයට ලක්වීම. මේ ලිපියේ මම සංස්කරණය කරන්න එකඟ වුණේ ඉරකින් කපලා තියෙන කොටස පමණයි. ඒ වෙනුවට පහල කොටස ඇතුලත් කළා.

අවසන් රාත්‍රී භෝජනයෙන් පසු ජෙත්සෙමෙනි උයනේ සිට කරන යාච්ඥාවේ සිට පටන් ගැනෙනා චිත්‍රපටිය ගලා යන අතරේදී මනුෂ්‍යත්වය හා දේවත්වය අතර ඇතිවන ඝට්ටනය මනාව දර්ශනය කරවනවා. ක්‍රිස්තු චරිතය ගැන කියවෙන අනෙකුත් චිත්‍රපටවලට දර්ශනය වෙනවාට වඩා බොහොමත්ම වෙනස් දර්ශණය වලින් මේ චිත්‍රපටිය සමන්විත වෙනවා කිව්වොත් මම හිතන්නේ මම වැරදි නැහැ.

නමුත් අවාසනාවකට එතනින් එහාට තිබෙන කොටසත් වාරණයට ලක් කරනු ලැබුවා. මට දැන ගන්න අවශ්‍ය දේ මේ පහල දැක්වෙන කොටසේ තිබෙන වැරැද්දයි. කරුණාකර කවුරු හරි මට ඒ දෙය කියලා දෙනවාද.

“ඔබ පොළවේ ලුණු ය. ලුණෙහි ලුණු රස නැතිවුවහොත් එයට ලුණු රස කවන්නේ කුමකින්ද?”

ඉතින් ඔබත් ඔබගේ ජීවිතයේ ලුණු රස නැති කර නොගන්න.

“අනුන් ඔබට යමක් කරනවාට ඔබ කැමතිද, ඔබත් ඒ දේම ඔවුන්ට කරන්න.”

එසේම

“අනුන් විනිශ්චය නොකරන්න. එවිට ඔබත් විනිශ්චය කරනු නොලබන්නෙහිය.”

පළවුණු ලිපිය මෙතනින් බලන්න.

  1. April 2, 2010 at 6:31 am

    ඇයි මේ? මොකද අවුල?

    “අවසන් වශයෙන් මෙම චිත්‍රපටිය ඔබ අතට පත් කළේ ඔබගේ රසවින්දනයට මිස අනෙක් කිසිම කාරණයක් නිසා නොවේ. ඉතින් චිත්‍රපටියක් රස විඳිය හැකි අය පමණක් කරුණාකර මෙය බාගත කර ගන්න.”

    මොකක්ද මේකෙ අදහස?

    ඔය වැඩිපුර කැපිල තියන කොටසෙත් අවුලක් නෑ නෙ?

    :O

    • රොයිලි ප්‍රනාන්දු
      April 2, 2010 at 6:40 am

      ඒ කොටසින් මම ලියන්න හැදුවෙ මචං සබ් ෆිල්ම් එකක් නිසා ගොඩක් කට්ටිය බාන නිසා මම ඒකෙන් කාගෙවත් ඔලුවට අනවශ්‍ය දෙයක් දෙන්න හදනවා කියන එක කවුරුහරි කියයි කියලා. මේක ෆිල්ම් එකක් මිසක් එහෙම දෙයක් කරන්න හදනවා නොවෙන නිසා.

      ඒත් මම ඒ කොටස අයින් කරන්න එකඟ වුනාට පස්සෙත් අන්තිම කොටසෙනුත් අපේ බෞද්ධ සහෝදරයන්ට රිදෙන්න හේතුවෙන කාරණයක් මට පේන්නෙ නෑ මචෝ. අනික මට බෞද්ධ සහෝදරයෙක් කියපු විදියට ඔය කාරණා තුනෙන් පළවෙනි එක ඇරෙන්න අනික් දෙකම බුදුහාමුදුරුවොත් ඒ හා සමාන ලෙස කියලා තියෙනවලු.

      මට දැන ගන්න ඕනා වුණේ ඇකොන් ගේ ප්‍රශ්නයට මේකේ තියෙන සම්බන්ධය මොකක්ද කියලා🙂

      • April 4, 2010 at 11:21 am

        පිස්සු නෙව බං. චිත්‍රපටියක් බැලුවා කියලා මිනිහෙක්ට ආගමක් මාරු කරන්න වෙනවනං ඉතිං, ඒ හිටිය කියන ආගමේ එයා හිටපු විදිය ගැන අපිට හිතාගන්න පුළුවං.

        බෞද්ධ තියා මොන ආගමකටවත් “රිදෙන්නෙ” කොහොමද බං වෙන ආගමක් ගැන තියන චිත්‍රපටියක් බැලුවා කියලා?😀

        [said:රොයිලි ප්‍රනාන්දු]
        මට දැන ගන්න ඕනා වුණේ ඇකොන් ගේ ප්‍රශ්නයට මේකේ තියෙන සම්බන්ධය මොකක්ද කියලා😀
        [/said]

        කවුරුහරි මේක Akon ටත් සම්බන්ධ කළාද?

  2. April 2, 2010 at 6:37 am

    මේ මොකද රෝයියෝ මේ… මේක අන්තගාමී ලිපියක් වගේද පේන්නේ උඹේ ඔය වාරණ මණ්ඩලයට..
    මේකේ කිසිම වැරැද්දක් මම නං දකින්නේ නෑ.. මොන ආගමක වුනත් මිනිස්සුන්ට හරි දේ කරන්න කියලා දෙන එක ඉවසීම තමයි මනුස්සකම.
    වැඩේ වැරදී. අනිත්එක තමන්ගේ වැඩ ඔක්කොම පැත්තක දාගෙන චිත්‍රපටි විසි තිස් ගානකට සබ්දාපු උඹ වගේ එකෙකුට මෙහෙම කරපු එක ගැන නං හිතාගන්නවත් බෑ…
    කොහොමත් ඔය කියන්නා වගේ
    “අනුන් ඔබට යමක් කරනවාට ඔබ කැමතිද, ඔබත් ඒ දේම ඔවුන්ට කරන්න.” කියන දේ හැමදෙනාම තේරුම්ගන්නවනං තමයි හොඳ…

    • රොයිලි ප්‍රනාන්දු
      April 2, 2010 at 6:55 am

      ආගම එහෙම්පිටින්ම ඉස්මතු කරන්න හැදුවනම් මට තිබ්බා බයිබල් පාඨ ගත්තු තැන එහෙම දාන්න. අනික බන් ඊයේ ගියපු චිත්‍රපටිය කතෝලික ආගම විවේචනය කරලා හදපු එකක්. එහෙමනම් මටත් තිබ්බනේ ඒකට විරුද්දව කමෙන්ට් කරන්න. නැහැ ඒක ෆිල්ම් එකක්. කාටත් අයිතිය තියෙන්න ඕනා ඕනා දෙයක් බලන්න.🙂

  3. April 2, 2010 at 7:52 am

    මොකද්ද බන් මේකේ වැරැද්ද?
    මම හිතන්නේ මෙත අපහැදිලි මොකක් හරි වෙලා තියනවා.
    අපි හරිටම හොයලා බලමු මචෝ….

    • රොයිලි ප්‍රනාන්දු
      April 2, 2010 at 8:16 am

      බලමු බලමු🙂

  4. April 2, 2010 at 8:41 am

    මමත් කතෝලිකයෙකු වශයෙන් අද මහ සිකුරා දිනය සමරනවා. උඹ කරලා තියෙන වැඩේ හොඳටම හොඳයි. ඒ වගේම සංස්කරනය නොකරම මේක දාපු එකත් හොඳයි. චිත්‍රපටියනම් දැනට අවුරු 2 කර පෙර බැලුවා. බැලුවා විතරක් නෙමෙයි. අවංකවම දුක් මනස්ථාපනයක් උනා.

    • රොයිලි ප්‍රනාන්දු
      April 2, 2010 at 12:18 pm

      අහා. එල එල සහෝ. සුබ පාස්කුවක් වේවා මචෝ🙂

  5. April 2, 2010 at 8:45 am

    මම මේ ලිපිය මගේ මූණු පොතේ තාප්පෙත් දාගත්තා

  6. April 2, 2010 at 9:23 am

    එහෙම පේන්න තරම් අවුලක් නැහැනේ මචං….! ඔය තියෙන්නේ අගේට…, කපලා අයින් කරා යැයි කියන කොටසේ උනත් කතුරට අහුකරන්න තරම් වැරදි දෙයක් කියැවිලා නැහැනෙව. ඉතිං අහවල් එකකට ය.., මේ පෝස්ටුවට කතුර දාලා තියෙන්නේ..,
    චමී කිව්වා වගේ හෙමීට හොයල බලන්න. කලබල වෙන්න එපා. සමහර විට අත් වැරදීමක් වෙන්නත් බැරි නැහැ.

    • රොයිලි ප්‍රනාන්දු
      April 2, 2010 at 12:19 pm

      හ්ම්ම්ම්. ස්තූතියි සහෝ කමෙන්ට් එකට. මම ඇති තරම් කරුණු පැහැදිලි කළා මචෝ. ඒත්….

  7. wath /සොඳුරු සිත
    April 2, 2010 at 9:51 am

    මල්ලි ඔයාට සුභම සුභ පාස්කුමංගල්‍යයක් වේවා කියල සුබ පතන ගමන්…..

    “අනුන් විනිශ්චය නොකරන්න. එවිට ඔබත් විනිශ්චය කරනු නොලබන්නෙහිය.”

    ඒ නිසා ​මේ දේවල් වැඩිය හිතන්න එපා…

    • රොයිලි ප්‍රනාන්දු
      April 2, 2010 at 12:19 pm

      හ්ම්ම්ම්ම්ම්……

  8. April 2, 2010 at 1:54 pm

    බෞද්ධ සහෝදරයන්ට රිදෙන්න කිසිම හේතුවක් නෑ බං. ඔව්, පලවෙනි කියමන ගැනනම් මමත් දන්නෙ නෑ අනිත් දෙක වෙන වචන සෙට් එකක් එක්ක බෞද්ධ ඉගැන්වීම් වලත් තියෙන්නෙ.

    මචං, බෞද්ධයොයි ‘සිංහල බෞද්යො ලෙස පෙනී සිටනයි’ කියලා බෙදීමක් තියනවා. ඕක පිටින් බැලුවට පේන්නෙ නෑ හරියට. ඒක නිසා මිනිස්සු හිතන්නෙ ‘සිංහල බෞද්ධයො’ කියන්නෙ අමුතු ජාතියක් කියලා. බෞද්ධකම තියෙන්නෙ හිතේ මචං, කටේ නෙමේ. බුදුහාමුදුරුවො තමන්ට වෛර කරන අයට මෛත්‍රී කරන්න කිව්ව, එක කම්මුලකට ගහපුවම අනික අල්ලන්න කියලායි ජේසු කිව්වෙ. දෙන්නම උගන්නන්නෙ අවිහිංසාව නේද? මිනිස්සු බොරුවට බෙදෙන්න හේතුවක් විදියට ආගම පාවිච්චි කලාට.

    සරලව කියන්න තියෙන්නෙ අයින් කරපු කොටසෙ බෞද්ධයින්‌ට තරහ ඇවිස්සෙන දෙයක් (අට ලෝ දහමින් කම්පා නොවී ඉන්න බැරි අයට උනත්) සදහන් වෙලා නෑ කියල.

  9. April 2, 2010 at 6:27 pm

    අඩේ ඇන්ට ත් ( änthräX )බණක් දහමක් දන්නව එහෙනං.. නිඝන්ඨය වගේ හිටියට ඈ …

    • April 2, 2010 at 6:46 pm

      ඔය ඇන්ටොන් ඇදුම් නැතුව හිටියට දැන් ඔය අපි වගේ බහුස්සුත(කෙල ටික මූනෙ :P) උදවිය ආස්රය කොරල යමක් කමක් දන්නව😀

  10. April 2, 2010 at 7:06 pm

    මටත් මේකෙ කිසිම වරදක් පේන්නේ නෑ. අපි පොඩ්ඩක් බලමුකෝ. මොකක් හරි වැරදීමක් වෙන්න ඇති

  11. Shelinka
    April 2, 2010 at 10:35 pm

    Mama Try kala sinhala unicode eka download karanda… eth mokak hari avulak thiyenava.. page eka pennanne naha..
    Aye try karala balannam…
    Kohomavunath vaaranaya karapu aya lunu ganavath danne nathi modayo tikak venna athi.. Ee hinda oka gana hithala pavv purava ganda epa…

  12. මාරයාගේ හෝරාව
    April 3, 2010 at 2:55 am

    මාත් ඉතින් ජාතිවාදී සිංහල බෞද්ධයා.
    ඒත් ඉතින් මෙ දේ නම් කපන්න හේතුවක් නැහැ. උඹට මලේ හොදටම ෂුවර්ද ඔය කැපිල්ලට හේතුව බෞද්ධ එකෙක්ගේ තලීබාන් තීරණයක් මතම වෙච්ච දෙයක් කියලා…

  13. මනිෂ කසුන්
    April 6, 2010 at 6:57 am

    කවුද ඕක කියපු මහලොකු බෞද්ධයා…. අපේ රටේ ඉන්නේ කුහක මිනිස්සු…. ෆිල්ම් එකක් බැලුවට ආගම් වෙනස් වෙනවද..? එකොන්ට මේක සම්බන්ද කොහොමද..? ගොඩාක් වෙලාවට මේ වගේ දෙවල් කරන්නේ ගමෙන් කැම්පස් ගියපු පොල්බුරුවෝ…( හැමෝම නෙමයී ), ඒ වගේම පුහු අදහස් තියන අය… මේ ලොකේ විශ්ව ගම්මානයක් කියලා උන්ට තේරෙන්නේ නෑ… උන මහලොකුවට අපේ ආගම , සOස්කෘතිය , සභයත්වය කිය කිය කෑගැහුවට.. ඕකුන් මාසේ පෝයටවත් පන්සල් යන එඋන් නෙමෙයි…. තමන්ගේ ගෙදර සභයත්වයවත් නෑ… රොයිලි අයියේ හිතාඅමනාප කරගන්න එපා… ඇත්තම කියනවානම් බයිස්කොප් හි පැවැත්ම ඔබ මත තීරණය වන දෙයක්… thatz da NAKED TRUTH…

  1. No trackbacks yet.

Leave a Reply

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

You are commenting using your WordPress.com account. Log Out / Change )

Twitter picture

You are commenting using your Twitter account. Log Out / Change )

Facebook photo

You are commenting using your Facebook account. Log Out / Change )

Google+ photo

You are commenting using your Google+ account. Log Out / Change )

Connecting to %s

%d bloggers like this: