හැමදාම 86,400 ක්……


කට්ටිය අවුරුදු එහෙම සමරලා සතුටින් කාලය ගත කළානේ. දැන් ඉතින් ආපහු පරණ ජීවිත වලට බහින එපෑයෑ. ඉතින් මට හිතුනා දැකපු මේල් එකක තිබ්බ හොඳ පාඩමක් කට්ටිය එක්ක බෙදා ගන්න. ආරම්භය සුබවාදී වගේම අවසානය දක්වා එම සුබවාදි බව රැක ගන්න උදව්වක් ගන්න පුළුවන්ද බලන්න.

Autumn Leaves

මොහොතකට හිතන්න ඔබගේ ගිණුමට රු. 86,400 ක් හැම උදයකම බැර කරන බැංකුවක්  ගැන. දිනකින් දිනකට ශේෂය ගෙන නොයන; ගිණුම සතයටම හින්දන්න අවස්ථාව ලබා දෙන; සෑම රැයකම ඔබ භාවිත නොකල මුදල ගිණුමෙන් ඉවත් කරන ගිණුමක් ගැන. ඔබ ඒ වගේ ගිණුමකින් කුමක් කරයිද? අනිවා හැමදාම සතයටම හින්දයි නේ??????

ඔබ අපි සියළු දෙනාටම එවැනි බැංකුවක් තියෙනවා. ඒ තමයි කාලය. හැම උදයකම එය ඔබට තත්පර 86,400 ලබා දෙනවා. හොඳ ආයෝජනයක් නොකල හැම තත්පරයක්ම අහිමි  වීමක් ලෙස ඉවත් කරනවා. ශේෂය ඉදිරියට ගෙන යාමක් සිදු වන්නේ නැහැ. බැංකු අයිරා  ලැබෙන්නේ නැහැ.

හැම උදයකම එය ඔබට නව ගිණුමක් විවෘත කර දෙනවා. හැම රැයකම එදින වාර්ථා  විනාශ කරනවා. දිනයේ ශේෂය ඔබට භාවිතයට ගැනීමට නොහැකි වුවහොත් පාඩුව ඔබගේ මයි. ආපස්සට යෑමක් නැහැ. ඔබ ජීවත් විය යුත්තේ දිනයේ ශේෂය සමඟයි.

පරම නිරෝගීත්වය, සතුට හා සාර්ථකත්වය වෙනුවෙන් එය ආයෝජනය කරන්න.

ඔර්ලෝසුව නොනවතී. දිනයේ උපරිමය ලඟා කර ගන්න.


  1. April 14, 2010 at 11:14 pm

    ඔහොම ඉතිං සෙනග මැද්දෙ කියන්න ඕනායෑ. චැට් එකෙන් කිව්වනං ඉවරනෙ.

    මමත් පුලුවන් තරම් කාලය ඉතුරු කරනවා. බොරුවට ඔය උවමනා නැති වැඩවලට වියදං කරන්නෙ නැතිව. උවමනාම දෙයක් හැරෙන්න අනික්වා ‘හෙට කරගන්න’ තියනවා. බොරුවට උවමනා නැති ඒවට කාලෙ නාස්ති කරලා පුලුවනෑ😛

    • රොයිලි ප්‍රනාන්දු
      April 16, 2010 at 2:56 pm

      @anthrax,
      මේක කොටපු වෙලාවත් අපරාදේ කියලා හිතෙන වා උඹේ කමෙන්ට් එක දැක්කම. හික්🙂 ඒත් හැබැයි මම ඔය තොප්පි ඇදලා දා ගන්නවා දැක්කමයි🙂

      • April 16, 2010 at 8:12 pm

        ඇත්ත කියන්නයි බිම ඉදගන්නයි බයවෙන්න ඕනා නෑලුනෙ (පොලීසියෙදි ඇරෙන්න)😛

  2. April 15, 2010 at 3:23 am

    නියම කතාවක් මචෝ…
    අපි කාට කාටත් හිතන්න දෙයක් තියෙනවා.(ඔය වද්නට ඕනෑ තැං වලට වැදිලා තියෙන්නේ යසට – ඉහළ)
    අළුත් අවුරුද්දේ හොඳ පණිවුඩයක් .

    -ජය

    • රොයිලි ප්‍රනාන්දු
      April 16, 2010 at 2:57 pm

      හෙ හේ ඒකනේ. හැබැයි මම දානවටත් වඩා ඌමනෙ ඇදලා දාගෙන තියෙන්නෙ තොප්පිය. ස්තූතියි සහෝ කමෙන්ට් එකට🙂

  3. April 15, 2010 at 6:05 am

    හෙඩිම දැක්ක ගමන් මමත් හිතුවෙ හංදියක් හංදියක් ගානේ දැන් තියෙන internet එකෙන් සල්ලි හොයන පංතියක සීන් එකක් කියලා. එල එල මෙහෙම හිතන්න හැම තිස්සෙම අමතක වෙන එකනෙ අප්ප වැඩේ

    • රොයිලි ප්‍රනාන්දු
      April 16, 2010 at 2:57 pm

      ඒක ඉතින් කාට කාට තියෙන ප්‍රශ්නයක් නේ සහෝ. වැඩියෙ හිතන්න එපා🙂

  4. wath
    April 15, 2010 at 6:46 am

    හැබෑටම මම හිතුවේ තේරවිල්ලක් වගේ එකක් අහන්න හදනව කියල . ඇත්ත තමයි . මමත් සෑහෙන්න කාලය අපතේ යවනව මල්ලි. මගේ වයසත් එක්ක මම කිසිම දෙයක් මේ ලෝකෙට කරල නැහැ නේද කියල මට හිතෙනව. ලෝකෙට විතරක් නෙමෙයි අඩුගානෙ මම මටවත් මුකුත්ම කරන්නැහැ වගේ…..
    අම්ම නම් බනින්නෙ ජංජාලේට වෙලා කිලය කනව කියල.

    • රොයිලි ප්‍රනාන්දු
      April 16, 2010 at 2:58 pm

      එක අතකට ගත්තහම මේකත් වෙලාව කෑමක්ම තමා. මූණූ පොත කියන්නෙ නම් හැබෑම වෙලාව කෑමක් එකවෙලාවකට බලනකොට😛

  5. April 16, 2010 at 5:06 am

    ෂහ් අලුත් අවුරුද්දට හොඳ resolution එකක් නෙ… මමත් කැමතියි මෙහෙම වෙනස් දෘශ්ඨීන් වලට…
    කවදාවත් විසඳන්න බෑ වාගේ තිබ්බ ප්‍රස්න වලට නිකන්ම උත්තර ලැබෙනවා…
    “මලට සුවඳ පෙති ඔබයි…” නීරෝගී බවත් සැනසිල්ලත් ලඟාවේවා…

    • රොයිලි ප්‍රනාන්දු
      April 16, 2010 at 3:01 pm

      ආ තිස්ස අයියත් (මාමාද් මන්දා) මේ පැත්තට ඇවිත් තියෙන්නෙ. පළවෙනි කමෙන්ට් එකට ගොඩක් ස්තූතියි.

      ඔබටත් ජයම වේවා !!!!!!

  6. April 16, 2010 at 3:30 pm

    සිරාවටම නියම කතාවක්

    • රොයිලි ප්‍රනාන්දු
      April 16, 2010 at 3:37 pm

      ස්තූතියි සහෝ🙂

  7. chathurarcrc
    April 16, 2010 at 7:21 pm

    නියම ලිපියක්.අලුත් අවුරුද්දේ මොනා වුනත් නියම කතවක් කියලා තියෙන්නේ. අලුත් අවුරුද්දේ අලුත් චින්තනයක් ලබා දුන්නට බොහොම ස්තුතියි.🙂

    • රොයිලි ප්‍රනාන්දු
      April 16, 2010 at 7:24 pm

      ස්තූතියි සහෝ කමෙන්ට් එකට🙂

  8. rachiyo
    April 17, 2010 at 12:37 pm

    Patta imagination!

    • රොයිලි ප්‍රනාන්දු
      April 17, 2010 at 3:42 pm

      ස්තූතියි සහෝ. ඇත්තටම ඕක මට මේල් එකකින් ආපු අදහසක් අනුව ලියපු එකක්. සම්පූර්ණම මගේම නෙවෙයි.🙂

  9. April 17, 2010 at 3:37 pm

    අලුත් අවුරුද්දෙ හිතන්න වැදගත් දෙයක්!
    නියමයි! මුල් ඡේදෙ කියවලා ඉවරවෙලා ඊළඟ ටික කියෝපුවහම නියමෙට හිතට වැදුනා.
    ස්තුතියි සහෝ…!

    • රොයිලි ප්‍රනාන්දු
      April 17, 2010 at 3:43 pm

      ස්තූතියි සහෝ මේ පැත්තේ ආවට. ජය වේවා!!!!!!

  1. April 17, 2010 at 4:12 pm

Leave a Reply

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

You are commenting using your WordPress.com account. Log Out / Change )

Twitter picture

You are commenting using your Twitter account. Log Out / Change )

Facebook photo

You are commenting using your Facebook account. Log Out / Change )

Google+ photo

You are commenting using your Google+ account. Log Out / Change )

Connecting to %s

%d bloggers like this: