Home > උත්සහය, උදව්, ජීවිතය, නිදහස, සිතුවිලි > වීදුරුව බිමින් තියන්න……

වීදුරුව බිමින් තියන්න……


වතුර ස්වල්පයක් පිරවූ වීදුරුවක් තම අත මත තබා ගත් මහාචාර්යය වරයා තම දේශනය ආරම්භ කළේය.

සියල්ලන්ටම පෙනෙන ලෙස එය ඔසවා ගත් ඔහු මෙසේ ඇසීය.

“මේක කොච්චර විතර බර ඇද්ද?”

“ග්‍රෑම් 50ක්”; “ග්‍රෑම් 100 ක්”; “ග්‍රෑම් 125 ක්” ලෙස  සිසුන් පිළිතුරු දෙන ලදී.

“මම හරියටම දන්නේ නැහැ. මම බර කිරන්න ඕනා. ඒත් මට හරියටම දැනගන්න ඕනා මේක මම මිනිත්තු කීපයක් මෙහෙම තියාගත්තොත් මොනා වෙයිද කියලයි.”

මහාචාර්යය වරයා නැවතත් විමසීය.

“මුකුත් වෙන එකක් නැහැ” සිසුන් පිළිතුරු දිනි.

“හොඳයි එහෙනම් මම මේක පැයක් විතර තියන් උන්නොත්?”

“ඔබගේ අත කකියන්න පටන් ගනියි” සිසුන් නැවතත් පිළිතුරු දිනි.

“ඔබ හරි. එතකොට මම දවසක් විතර තියන් උන්නොත්?” මහචාර්යයවරයා නැවතත් විමසීය.

“ඔබේ අත හිරි වැටිලා දරුණු ආතතියකට මුහුණ දීලා අංශබාගය හැදෙයි.”

“අනිවා රෝහලෙන් මෙහා නවතින එකක් නැහැ” කටකාර සිසුවෙක් පැවසූ විට සියළු දෙනා සිනාසුනි.

හරිම හොඳයි. එතකොට මේ හැම වෙලාවකම වීදුරුවේ බර වෙනස් වුනාද?

“නැහැ” සිසුන් පිළිතුරු දිනි.

“එහෙනම් අතේ කැක්කුමට හා ආතතියට හේතු වුණේ මොකක්ද?

සිසුන් ගොලුවිය. එක් සිසුවෙක් හඬගා මෙසේ කීය.

“වීදුරුව බිමින් තියන්න”

“හරියටම හරි. ජීවිතයේ ප්‍රශ්න කියන්නෙත් මේවටම තමයි.”

මිනිත්තු කිහිපයක් ඔලුව ඇතුලෙ තිබ්බහම දරාගන්න පුළුවන් වගේ. ඒවා  තවකල්  ඔලුව ඇතුළේ තියන් උන්නහම ඇදුම් දෙන්න ගන්නවා. තවත් කල් තියන්න ඉන්නකොට ඔබට අංශබාගෙට එනවා. මුකුත්ම කර ගන්න බැරි වෙනවා.

ඔබගේ ජීවිතයේ අභියෝග (ප්‍රශ්න) ගැන හිතන එක වැදගත්. ඒත් ඊට වඩා වැදගත් දිනය අවසානයේ නින්දට යන විට ඔබ ඒ දේවල් බිමින් තියෙන එක. එවිට ඔබ උදයේ නැගිටින විට ප්‍රබෝධමත්ව සිට දිනයේ පැමිණෙන සියළු අභියෝගවලට මුහුණ දීමට ඔබට ශක්තිය ලැබේවි.

මතක තියාගන්න. “වීදුරුව බිමින් තියන්න”

-පරිවර්තනයකි.

  1. April 29, 2010 at 9:59 pm

    ඔන්න ඔහොම ඒවා එපැයි ලියන්න..
    පාඩමක් ගත්තා මේකින්..
    ස්තූතියි බං..

    • රොයිලි ප්‍රනාන්දු
      April 29, 2010 at 10:21 pm

      හෙ හේ (උඹෙන් උස්සපු හිනාව 🙂 )

      ස්තූතියි මචෝ කමෙන්ට් එකට. උඹෙනුත් පෝස්ට් එකක් වැටෙන්න දැන් කාලේ හරිනේද මචෝ 🙂

  2. April 29, 2010 at 10:35 pm

    හ්ම්.. ලියන්න නම් කාලේ හරි. දැන් මාස 2ක් වෙන්නත් ආවා.. අනේ මන්දා බං..
    මට ලියන්න කිසි දෙයක් ඉතුරු නොකර, ඒකී ඔක්කෝම හොරෙන් අරං ගිහිල්ලාද කොහේද..
    මට මේ ලෝකේ සිතිවිල්ලක් එන්නේ නෑ, ලියන්න..
    බලමුකෝ…

  3. April 30, 2010 at 2:02 am

    මගේ වීදුරුවත් මම බිම්න් තිබ්බ… ඒත් විටින් විට වීදුරුව අතට ගන්නම හිතෙනව නෙ රොයිලි මලේ… වීදුරුව බිදිලම ගියානම් එකක් කියල සමහර වෙලාවට හිතෙනව…….. දැන් දැන් ගොඩක් ලස්සනට ලියනව මලේ ඔයා…

    ෴ ජය ෴

    • රොයිලි ප්‍රනාන්දු
      May 10, 2010 at 4:55 am

      බිමින් තිබ්බනම් එච්චරයි. 🙂

      මේක පරිවර්තනයක් අක්කේ. ස්තූතියි කමෙන්ට් එකට 😛

  4. April 30, 2010 at 5:57 am

    කතාවනම් ඇත්ත කොල්ලෝ…අපි මේ ජීවිතේ විඳවන්නේ ඔය නිසා තමයි…ප්‍රශ්ණ…ප්‍රශ්ණ…හැමදාම ඔලුවේ ප්‍රශ්ණ.ඉතින් ලෙඩ නොහැදේවියෑ.ඔලුවෙන් ඒවා පැත්තකට කරානම් කොච්චර සැහැල්ලුවෙන් ඉන්න පුලුවන්ද අපට…හිහ්..මමත් දැන් එහෙම තමා ඉන්න ට්‍රයි කොරන්නේ…
    (ඒත් බන් අර වීදුරුවේ සැර ජාතියක් එහෙම තිබුනොත් ඒවා එක්කම බිමින් තියන එකනම් අපරාදේ නේද?)

    • රොයිලි ප්‍රනාන්දු
      May 10, 2010 at 4:55 am

      ඒකත් ප්‍රශ්ණයක් නේ 😛

  5. April 30, 2010 at 2:10 pm

    නියමයි මචෝ….
    ඔය තියෙන්නේ. ජීවිතේ ට හොඳ ම පාඩමක්.
    ජීවිතේ ගැන හිතන්න දෙයක් තියෙන ලිපියක්.

    මං කිව්වේ දවසකුත් .. සබ් දාන ගමන් ම තව දේවල් ලියපං..

    -ජය

    • රොයිලි ප්‍රනාන්දු
      May 10, 2010 at 4:56 am

      වෙලාව තමා යෝගියෝ නැත්තේ. ඒකනෙ මෙහෙම පරිවර්තන හරි දාන්න වෙලා යන්නෙ 🙂

  6. April 30, 2010 at 2:38 pm

    දාන්ඩ පහක්. වීදුරුව අතේ තියං හොර කොටල හරියන්නෑ කින එකට මාත් එකගයි. හුදී ජනයාගේ පහන් සංවේගය පිනිස දන්න විදියට පොඩි කෝඩිං කෑල්ලක් මෙතන දැම්මට අවුලක් හිතන්නෙ නෑ නේද මචෝ?

    while(!වරිවෙලා){
    චීදුරුච_බිමින්_තියන්න();
    ෂොට්_එකක_පුරවගන්න();
    ඩයිලූට්_කරන්න();
    බොන්න();
    }

    • රොයිලි ප්‍රනාන්දු
      May 10, 2010 at 4:57 am

      අනේ ඇන්ටො 🙂

  7. Ansh Lucky Sri Jay
    April 30, 2010 at 7:25 pm

    නියමයි..!

    • රොයිලි ප්‍රනාන්දු
      May 10, 2010 at 4:57 am

      මුලින්ම ලියපු කෙනාවනම් මම දන්නෙ නැතෝ. ස්තූතියි කමෙන්ට් එකට 🙂

  8. April 30, 2010 at 10:51 pm

    නියමයි මචෝ…

    • රොයිලි ප්‍රනාන්දු
      May 10, 2010 at 4:57 am

      ස්තූතියි සහෝ 🙂

  9. සොයුරි
    May 1, 2010 at 5:25 am

    ජීවීතේට් වැදගත් පාඩමක් 🙂

    • රොයිලි ප්‍රනාන්දු
      May 10, 2010 at 4:57 am

      හ්ම්ම් 🙂

  10. May 1, 2010 at 12:13 pm

    තිබ්බා !! දැන් ආයෙත් මැරතන් එක දුවන්න ඕනේ ….
    ඒ වගේ සමාජ සේවයකදී වේදනා අමතකයි …
    රොයිලි අයියාව එහෙදි හමුවෙමු …

    • රොයිලි ප්‍රනාන්දු
      May 10, 2010 at 4:58 am

      එල එල ආයෙත් දුවමු දවසක 🙂

  11. May 2, 2010 at 6:07 pm

    @Anthrax:

    he he…return karalath dapang!
    return veri();

    @Royliyo: Quality!

    • රොයිලි ප්‍රනාන්දු
      May 10, 2010 at 5:01 am

      ස්තූතියි මචෝ මුල් කතෲට තමා ස්තූතිය යන්න ඕනා 🙂

  12. yasela sumanasingh
    May 7, 2010 at 2:37 pm

    එල නියමයි

    • රොයිලි ප්‍රනාන්දු
      May 10, 2010 at 5:03 am

      ස්තූතියි මචෝ

  13. May 8, 2010 at 6:40 pm

    ෂාහ් . . .නියමයි බන් . . . මැක්සා . .. වෙන මොකුත් කිව්වොත් වටිනාකම අඩුවෙයි කියලා හිතෙනවා . .. . පට්ට . ..

    • රොයිලි ප්‍රනාන්දු
      May 10, 2010 at 5:04 am

      මුලින්ම ලියපු කතෲව හොයාගන්න හම්බවුනා නම් තමා අගේ වැඩි. කෝ හම්බවුණේ නෑ නේ. ස්තූතියි කමෙන්ට් එකට 🙂

  14. May 8, 2010 at 7:00 pm

    මට මුකුත් කියන්න ඉතිරිවෙලා නැහැ.
    පට්ට!

    • රොයිලි ප්‍රනාන්දු
      May 10, 2010 at 5:04 am

      ස්තූතියි මළයෝ. දුකාට කියපු එකම තමා කියන්න තියෙන්නෙ 🙂

  15. May 8, 2010 at 10:22 pm

    නියමයි

  16. May 9, 2010 at 2:35 am

    මම නං ට්‍රයි කරන්නෙ ඔය විදුරු අතට එන්නෙ නැති විදිහට ඉන්නයි! මොනා උනත් හොදම පාඩමකි.

  17. May 9, 2010 at 5:19 am

    මැක්සා…කියලා වැඩක් නැ..මගෙ අතත් හිරි වැටුනා 😀

  18. විකියා
    May 9, 2010 at 1:47 pm

    patta….maxxa machan……

  19. May 12, 2010 at 2:30 pm

    ඇත්ත තමයි මචං. උත්සාහ කරලා බලන්න ඕනෙ

  20. May 18, 2010 at 9:16 am

    great

  21. May 19, 2010 at 10:07 am

    හ්…ම් ජීවිතේ ගැන හොඳ පාඩමක්. මත් වත් අක්කා කියපු එකට 100% එකඟයි.

    මටනම් හිතෙන්නෙ මේ වීදුරුව අත උඩ තියන්න කලින් අත උඩ කොහොල්ල ගුලියකුත් තියල තියෙනවා කියලයි. මොකද බිමින් තියන්න උත්සාහ කරපු හැම පාරම බිමින් තියාගන්න බැරිවුන නිසා

  22. May 19, 2010 at 5:24 pm

    Machan,

    That’s a great article. Keep it up.

    Keep the glass on the floor!

  23. රොයිලි ප්‍රනාන්දු
    May 24, 2010 at 12:05 pm

    @ සමීර අබේසේකර,
    ස්තූතියි මචෝ 🙂

    @බුද්ධි,
    අන්න එහෙම තමා ඉන්න ඕනා 🙂

    @bunny,
    ඒකත් එහෙමද 🙂

    @විකියා,
    ස්තූතියි මචෝ 🙂

    @හෙළයා,
    සිරාවටම ඕනාම දෙයක් සැහැල්ලුවෙන් හිතහන් මචෝ 🙂 ස්තූතියි මේ පැත්තෙ ආවට 🙂

    @මාතලන්,
    ස්තූතියි සහෝ මේ පැත්තෙ ඇවිත් ගියාට

    @සුදු මහත්තයා,
    ස්තූතියි මචෝ 🙂 ඒකනෙ කියන්නෙ. කැමතිම නෑ බිමින් තියන්න.

    @Don Anton,
    thanks macho 🙂

  24. Amila
    June 16, 2010 at 10:37 am

    සිරාවටම………අපි කරන්නෙත් ඕන නැති තුට්ටු දෙකේ වීදුරු අතේ තියාගෙන ඉන්න එකනේ.බිමින් තියන්න ඕන.

  25. Priyan
    November 28, 2010 at 10:24 pm

    *** Niyamai!
    Thawa honda katha tikaka thiyenawa…
    Try google search “Inspirational Emails”

  26. Lilanka Ravinath
    April 23, 2011 at 9:39 am

    ඔයාගේ බ්ලොග් එකේ තියෙන ලිපි නම් සිරා මම ආසයි ඒවා කියවන්න.

  1. No trackbacks yet.
Comments are closed.