Home > අනතුර, උදව්, ජීවිතය, දුක > ඊලඟ වතාවෙ ඔබ නවතින්න.

ඊලඟ වතාවෙ ඔබ නවතින්න.


නොයිවසිල්ලෙන් එහෙත් තෙහෙට්ටු ගතියෙන් සිටි හමුදා භටයාව හෙදිය විසින් ඇඳ අසලට කැඳවාගෙන යන ලදී.

“ඔබගේ පුතා ඇවිල්ලා,” ඇය මහළු මිනිසාට පවසන ලදී.

රෝගියාගේ ඇස් විවෘත කිරීමට එම වචන කිහිප වරක්ම කිවීමටද ඇයට සිදු විය.

හෘද්‍යාබාධය නිසා ඇතිවූ අධික වෙහෙසින් මැඩී සිටි ඔහුට ඔක්සිජන් සිලින්ඩරය අසල නිල ඇඳුමෙන් සැරසී සිටින යෞවනයාව යාන්තමින් පෙනෙන්නට විය. ඔහු තම අත සෙමෙන් ඔසවන්නට විය. හමුදා භටයා තම ශක්තිමත් ඇඟිළි වලින් මහළු මිනිසාගේ දුර්වල ඇඟිලි පටලවාගෙන ආදරයේ හා ධෛර්යයෙන් යුත් පණිවුඩයක් ගලායවන්නට විය.

හමුදාභටයාට ඉඳගැනීම පිණිස පුටුවක්ද හෙදිය විසින් සපයන ලද්දෙන් ඔහු ඇඳ අසලම වාඩි විය. මුළු රැය පුරා මළානික ආලෝකයක් තිබෙන වාට්ටුවට වී මහළු පුද්ගලයාගේ අතින් අල්ලාගෙන ඔහු අසලටම වී හිඳ ආදරයේ හා ශක්තියේ වචන ඔහු පවසන ලදී. වෙලාවෙන් වෙලාවට පැමිණෙන හෙදිය විසින් ඔහුට විවේක ගන්නා මෙන් ඉල්ලා සිටියද ඔහු එය ප්‍රතික්ෂේප කරන ලදී.

හෙදිය විසින් දක්නාලද එක් දෙයක් නම් ඔහු ඇයව මෙන්ම රෝහලේ අනෙකුත් ශබ්දද – ඔක්සිජන් යන්ත්‍රයේ හඬ, රාත්‍රී කාර්යය මණ්ඩලයේ සිනා හඬ මෙන්ම අනිකුත් රෝගීන්ගේ හැඬීම් කෙඳිරිගෑම් පිළිඹඳව තැකීමක් නොකීරීමයි.

විටින් විට ඇයට ඔහු පවසන වචනක් ඇරුනුකොට දක්නට ලැබුනේ මිය යමින් සිටින මහළු මිනිසා නිශ්ශබ්ධව එහෙත් මුළු රැය පුරාවටම අතින් අල්ලාගෙන සිටීම පමණි. අළුයම් කාලයේ මහළු මිනිසාගේ අවසන් හුස්ම වාතලයට මුසුවිය.

සෙබළා ජීවයෙන් තොර වූ අතින් තම අත නිදහස් කොටගෙන හෙදිය වෙත පැවසීමට යන ලදී. ඇය විසින් කළයුතු කාර්යයන් නිම වන තෙක් ඔහු පැත්තකට වී සිටින ලදී.

අවසානයේ ඇය නැවත පැමිණි ඔහු කට කණගාටුව පළකිරීමේ වචන පවසන විට ඔහු එය නවත්වන ලදී.

“ඒ මහළු මිනිසා කවුද?” ඔහු විමසන ලදී.

“ඔහු ඔබගේ පියානේ” හෙදිය විශ්මයට පත් වී පිළිතුරු දෙන ලදී.

“නැහැ, ඔහු මගේ පියා නොවේ. මම ඔහුව මීට කලින් දැකලවත් නැහැ” සෙබලා පෙරලා පිළිතුරු දෙන ලදී.

“එහෙනම් මම ඔබව ඔහු වෙතට රැගෙන යද්දි වචනයක්වත් කිව්වෙ නැත්තේ? ”

“මම දැන ගත්තා ඔබට වැරදීමක් සිදුවී ඇති බව. ඒ වගේම මම දැන ගත්තා ඔහුට තම පුතාව අවශ්‍ය බව හා ඔහු එතන නොමැති බවත්. ඔහුට මාව තම පුතාද නැද්ද යන බව අඳුනගන්න නොහැකි බව හා ඔහුට තම පුතාව එතෙනට කොතරම් අවශ්‍යද යන්න දැන ගත්තහම, මම නැවතුනා.”

——

ඊලඟ වතාවේ ඔබව කාට හරි අවශ්‍ය විට,…… එතන ඉන්න. නවතින්න!

අපි තාවකාලිකව මනුෂ්‍ය අත්දැකීම් ලබා ගන්නා දැහැමින් මිස,

තාවකාලිකව දැහැමි අත්දැකීම් ලබා ගන්නා මනුෂ්‍යයන් නොවෙමු.

-පරිවර්තනයකි


  1. May 27, 2010 at 3:46 pm

    හ්ම්ම්ම්….
    අදත් වෙනදා වගේම ජීවිතයට යමක් ගෙනෙත් තියෙන්නේ…
    ඇත්ත,අපට කලහැකිනම් යමක් කා වෙනුවෙන් හරි එයයි විය යුත්තේ…

    • රොයිලි ප්‍රනාන්දු
      May 27, 2010 at 3:52 pm

      ස්තූතියි මචෝ කමෙන්ට් එකට🙂

  2. May 27, 2010 at 3:48 pm

    හාකෝ..
    උඹ කියනවා නම්, කාට හරි අවශ්‍ය වෙලාවට, ඕනේ තැනක නවතින්න බලන්නම්!

    • රොයිලි ප්‍රනාන්දු
      May 27, 2010 at 3:52 pm

      අන්න හොඳ ළමයි. එහෙම තමා ඉන්න ඕනා.😛

      • June 17, 2010 at 7:09 pm

        බං උඹ කිව්වා නේද මෙකේ, උදව්වක් ඕනේ කෙනෙක් ගාව නවතින්න කියලා.
        අද මම උඹත් එක්ක කතා කරලා ඉවර කරලා යුනි. යනකොට අපේ හොස්ටල් එකට ඇවිත් කෙල්ලෝ දෙන්නෙක් ඉන්දුනීසියාවෙන්.. මේ ලෝකේ මල හත්තිලව්වක් දන්නේ නෑ..
        අඩුම තරමින් කන්න ගන්න තැනක්වත් දන්නේ නෑ..
        ගෙදරට ආවා කියලා දන්වන්නවත් විදියක් නැතුව ඉදලා තියෙන්නේ..
        මම මගේ යුනිවර්සිටි පාස්වර්ඩ් උන්ට දීලා, ගෙවල්වලට කතා කරවලා, මගේ ලඟ තිබ්බ සිම් කාඩ් උන්ට දීලා, උන්ට කන්න අරන් දීලා, මගේ ලඟ තියෙන වැඩිපුර බඩු උන්ට දීලා මේ දැන් ආවේ..
        මට මග අරින්න තිබ්බා.. ඒත් මට ඇත්තටම උඹව මතක් උනා.. මට හෙට දෙන්න පේපර් එකකුත් තියෙද්දී, වෙන මනුස්සයෙක්ගේ දෙයක් වෙනුවෙන් මෙච්චර කට්ටක් කාපු පළවෙනි වතාව..
        උඹට ස්තූතියි රොයිලියෝ…
        ඒ මිනිස්සු අද සතුටු වෙනවා ඇති.. ඒ හැම දෙයක්ම මම කරේ උඹ නිසා බං… මට උඹව එකසිය ගානට මතක් උනා..

        • රොයිලි ප්‍රනාන්දු
          June 17, 2010 at 8:59 pm

          මචෝ මට උඹ ගැන ආඩම්බරයි බන්. ඇත්තටම ගොඩක් අය මඟාරැලා යන වෙලාවක් වෙන කොට උඹ විභාගයත් ඔලුවෙ තියාගෙන වුනත් කාපු කට්ටට. ඔහොම යං මචෝ ඔහොම යං🙂

  3. May 27, 2010 at 4:21 pm

    හ්ම්……….. මමත් එහෙම නැවතුනා… ඒත් ….

  4. May 27, 2010 at 5:42 pm

    මාව ගෑවිලාවත් නැති සමහර පොඩි පොඩි කේස් වලට චූටි චූටි හෙල්ප්ස් දෙන්න නං වෙලා තියනවා. හැබැයි මෙච්චර සීරියස් වැඩක් නං වැටිලා නෑ. බලමුකො, මටත් තියෙන්නෙ ඔය යන යන තැන වැඩ වැටෙන වර්ගයේ ලයිෆ් එකක් තමා.😀

  5. Ansh Lucky Sri Jay
    May 27, 2010 at 5:55 pm

    දෙපාරක්ම කියෙව්වා.. මරු පෝස්ට් එක. මැක්සා…!!

  6. May 27, 2010 at 6:52 pm

    ආගම් මත්තෙ මැරෙන්නෙ නැතුව හැම ඔය වගේ මනුස්සකම් පුරුදු වුනානම්… නේ?

  7. May 28, 2010 at 6:34 am

    ඊයෙ සගීතා මෙහෙනින් වහන්සේ කෙනෙක් ලෙස රඟපාන ෆිල්ම් එකක් බැලුවා.. ඒකේත් මේ වගේම කතාවක් තිබුනා…

    මිනිස් කමේ උදාර බව කොච්චරක්ද……..?

  8. May 28, 2010 at 10:44 am

    … රොයිලි අයියා.. මෙ කතාව මම ඉස්සල්ලාම කියෙව්වෙ පරණ රිඩර් ඩයිජිස්ට් එකෙ තිබිලා.. මට එ වෙලාවෙ මගෙ පපුව හිරවෙන්න ආවා… මෙක මෙතන දැක්ක ගමන් ආපහු ඇඟට අර හැගිමම ආවා.. මා අගය කල, මා ස්පර්ශ කල දෙයක් තවත් කෙනෙක් කියවා.. අගය කරනු දැකිම මට සතුටක්…

  9. uditha lekamge
    May 31, 2010 at 9:50 am

    මාත් ඔය කතාව කලින් අහලා තියෙනවා.නිකම් හිත ගස්සලා හිරිවට්ටලා දමන තාලයේ කතාවක්.ඒක නෙවෙයි.මම කලින් අහලා තියෙනව කියලා කිව්වේ අගය අඩු කරන්න එහෙම නෙවෙයි.

  10. June 1, 2010 at 12:14 pm

    ඊලඟ වතාවේ ඔබව කාට හරි අවශ්‍ය විට,…… එතන ඉන්න. නවතින්න!
    ඇත්තටම හරිම හොඳ අදහසක්..ලෝකය බොහෝ සුන්දර වේවි..මේවිදියට සිතන අය වැඩි වෙන තරමට…!!!!!!!

  11. Dhanushka
    June 16, 2010 at 6:27 pm

    අපි තාවකාලිකව මනුෂ්‍ය අත්දැකීම් ලබා ගන්නා දැහැමින් මිස,

    තාවකාලිකව දැහැමි අත්දැකීම් ලබා ගන්නා මනුෂ්‍යයන් නොවෙමු

    හැමෝම මෙහෙම හිතනවනම්……………….. හ්ම්ම් කවුරු කොහොම හිතුවත් ඒක නම් ඇත්තම ඇත්තයි.

  12. June 17, 2010 at 9:55 pm

    හරිම වටින පෝස්ට් එකක් මචෝ . .

    උඹ මේ වගේ පෝස්ට් හරහා සමාජයට උගන්වන්න හදන මානව දයාව අද දවසේ අපිට අත්‍යාවශ්‍යම දෙයක් . .

    උඹට ජය . .. .

  13. June 18, 2010 at 3:21 am

    මේ වගේ දේවල් අනන්තවත් කරන්න ලැබිල තියෙනවා. හැබැයි මේ තරම් ලොකු සිදුවීම්නම් නෙමෙයි…. හොද පෝස්ට් එකක් අය්යා. සෑහෙන්න හිතන්න ඕන දෙයක්… 🙂

  14. June 18, 2010 at 4:32 am

    බොහොම හරවත් හැඟීම්බර ලිපියක්. ජීවිතයට එකතු කරගන්න යමක්!!!

  15. June 18, 2010 at 2:24 pm

    හ්ම්… මේතරම්ම නොවුනත් අනුන්ගෙ වැඩ වලට නැහීගෙන කට්ට කාපු අවස්ථා නං මගේ ජීවිතෙත් සෑහෙන්න තියෙනවා. හැබැයි දැන් ඒවා ගැන හිතනකොට දැනෙන්නෙ ලොකු සතුටක්.
    ඇත්තටම මේ කතාව නම් මාරයි. ජී‍විතේ දිහා ආපහු හැරිලා බලන්න හොඳ උත්ප්‍රේරකයක් උනා. ස්තූතියි මචෝ..!

  16. October 21, 2010 at 6:58 pm

    වැඩක් නෑ කියල. ලොකුම ලොකු අදහසක් තියෙන පුංචි ලිපියක්. හැමෝම මෙහෙම වෙනවනම්…

  1. No trackbacks yet.

Leave a Reply

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

You are commenting using your WordPress.com account. Log Out / Change )

Twitter picture

You are commenting using your Twitter account. Log Out / Change )

Facebook photo

You are commenting using your Facebook account. Log Out / Change )

Google+ photo

You are commenting using your Google+ account. Log Out / Change )

Connecting to %s

%d bloggers like this: