Home > ආශාව, ජීවිතය, නිදහස, සතුට, සිතුවිලි > දෙමාපියන් වෙත ආදරයෙනි…..

දෙමාපියන් වෙත ආදරයෙනි…..


පංති බාර ගුරුතුමිය ළමුන් හට අභ්‍යාසයක් දෙමින් තම තමුන්ට දෙවියන්ගෙන් ඉල්ලීමට අවශ්‍ය දේ ගැන රචනාවක් ලියන ලෙස පවසන ලදී. දිනය අවසානයේ නිවසේදී හරි වැරදි පරීක්ෂාකරමින් සිටින විට එහි තුබූ එක රචනාවක් ඇයට බොහෝ සෙයින් සිත් වේදනා ගෙන දෙන ලදී. වැඩනිමවී ගෙදරට පැමිණි සැමියා ඇය හඬනු දැක ඒ පිළිබඳ විමසිලිමත් විය. ඇය ඔහුට එක් රචනාවක් දි කියවන ලෙස ඉල්ලා සිටින ලදී.


අහෝ දෙවියනී, මා හට ඔබගෙන් වැදගත් ඉල්ලීමක් ඉල්ලීමට ඇත. මාව රූපවාහිණියක් බවට හරවන්න. මට අප නිවසේ රූපවාහිණිය වීමට අවශ්‍යය.

වෙනම ස්ථානයක් එයට ඇත.
මගේ පවුල මා වටා සිටි.
මම කතා කරන විට ඔවුන් සාවධානව සවන් දේ.
එය කැඩුනු විට එයට ලැබෙන අවධානයම මටත් අවශ්‍යය.

වැඩ අවසාන වී ගෙදර එන පියා මහන්සි වී සිටින විට වුවත් ඔහුගෙන් ලැබෙන අවධානය මට අවශ්‍යයය.

මගේ අම්මා දුකින් හෝ වියවුලෙන් හෝ සිටින විට මා නොසලකා නොහැර සිටිනු ඇත.

මගේ සහෝදරයින් මා වෙනුවෙන් එකිනෙකා හා පොරකනු ඇත. මගේ පවුල සියළු දේ අතහැර මා වටා සිටිනු ඇත.අවසාන වශයෙන් ඔවුන්ව සතුටින් පිනවීමටද මට වරම් දුන මැනව.

දෙවියනී මා ඔබගෙන් ඉල්ලන්නෙ එපමණය.

මෙය කියවා අවසන් කළ පියා “මගෙ දෙවියනී, අසරණ දරුවෙක්. ඔවුන් මොනතරම් භයානක දෙමව්පියන්ද” යනුවෙන් අසන ලදී.

ඔහු දෙස හිස ඔසවා බැලූ ගුරුතුමිය මෙසේ කීය.

ඒක අපේ පුතාගේ රචනාව


පරිවර්තනයකි-






  1. June 17, 2010 at 7:00 pm

    කොහෙන් හොයා ගන්නවද මන්දා මේ වගේ කතා… කොහෙන් හොයා ගත්තත් මොකද? කතාව නම් හරිම සංවේදියි..උගුරේ මොකද්ද හිරවෙලා වගේ දැනෙනවා…!

  2. June 17, 2010 at 7:01 pm

    රොයිලි මලේ….
    දෙමාපියන් අපිව තේරුම් ගන්නව නම් අපේ ලෝකෙත් ගොඩක් ලස්සන වෙනව. ආදරේ කියන්නේ දෙමාපියන්ට ඕන විදිහට අපි ඉන්න එකම නෙමෙයි නේ….
    ගොඩක් වෙලාවට කාර්ය බහුල ජීවිතත් එක්ක ආදරයට තියන කාලය , අවධානය අඩු වෙනව තමයි… ඒත් ආදරේ අංක එක මිසක් අංක දෙක වෙනව නම් ඒක හිතල බලන්න ඕන දෙයක්….
    පරිවර්තනය වුනත් ලිපිය නම් අනර්ඝයි…

  3. June 17, 2010 at 7:02 pm

    රූපවාහිනී…අන්තර්ජාලය….
    අනාගතයේ දවසක අපටත් අත්දකින්න වෙන්නේ ඔය ටිකම වෙයිද…?

  4. June 17, 2010 at 7:13 pm

    හපොයි!!!
    තාත්තාට වහ කන්න හිතෙන්න ඇති…

  5. June 17, 2010 at 8:04 pm

    one word, පට්ට..

  6. June 17, 2010 at 8:47 pm

    සෑම දෙමාපියන්ටම හිතන්න බලකරන වැදගත් ලිපියක්.
    බොහෝම ස්තුතියි මෙවැන්නක් පරිවර්ථනය කර ඉදිරිපත්කරාට.

  7. Ansh Lucky Sri Jay
    June 18, 2010 at 4:23 am

    කතාවේ අන්තිම වචන ටික කියෙව්වම එකපාරටම හෙණයක් ගැහුවා වගේ දැණුනේ..
    හරිම අපූරුයි..!

  8. Dhanushka
    June 18, 2010 at 4:55 am

    මරේ මරු.

  9. June 30, 2010 at 6:03 am

    නියමයි…… මන් මේක මගේ facebook profile එකේ නෝට් එකක් විදිහට දැම්මට කමක් නෑ නේද…. මම source එකත් mention කරා…..

  1. No trackbacks yet.
Comments are closed.
%d bloggers like this: