Home > උත්සහය, කළමනාකරණය, ජීවිතය, දුක, සිතුවිලි > පවුල තුළ සන්නිවේදනය I

පවුල තුළ සන්නිවේදනය I


1987 අප්‍රියල් සත්මග කලාපයෙන් උපුටාගත් ලිපියකි……

පවුල තුළ සන්නිවේදනය

කොහෙත්ම කළ නොහැකි දෙයක්; මා කතා නැතුව සිටියොත් අපේ පවුලේ කටයුතු කොහොමට හිටීවිද? මට එකවරම සිතට ආයේය.

“ඔබේ උගුරට සම්පූර්ණ විවේකයක් අවශ්‍යයි. අඩුමතරමේ දවස් 10ක් වත් ඔබ කතා කිරීමෙන් වැළකී සිටින්නට හිතට ගන්නට ඕනෑ.” මගේ උගුර පරීක්ෂා කළ වෛද්‍ය විශේෂඥයා අවසන් වශයෙන් මට දුන් උපදේශයයි. “මාසයක් කතා නොකර සිටීම වඩා ප්‍රවේසම් සහිතයි.” ඔහු වැඩි දුරටත් කීය. කොහෙත්ම කළ නොහැකි දෙයක්; මා කතා නැතුව සිටියොත් අපේ පවුලේ කටයුතු කොහොමට හිටීවිද? මට එකවරම සිතට ආයේය.

කෙසේ වෙතත් එදා සිටම මම පුංචි සටහන් පොතක් සාක්කුවේ දමා ගතිමි. ඩෑන්, මගේ සැමියා මගෙන් යමක් ඇසූවිට මා ඊට දෙන පිළිතුර ඒ පොතේ ලියා එය ඔහුට පෙන්වූයෙමි. කෑම මේසයේදි මට කරන්නට ඇති විවේචන කඩදාසියක ලියා මේසය වටා ඩෑන්ටත් දස හැවිරිදි ඩැරින්, නව හැවිරිදි ඩීන් දෙපුතුනටත් අතිනත යැවීමී. ඇත්තෙන්ම එය කරදරයකි. එය එතරම් සාර්ථක නොවීය. පසුව මම හිස සැලීමෙන් අදහස් ප්‍රකාශ කළෙමි. කෙසේ වෙතත් මාත් මගේ පවුලත් අතර පරතරයක් ඇතිවන ස්වභාවයක් මට පෙනී ගියේය.

ඊළඟ වෛද්‍ය පරීක්ෂණයේදී ගත් තීරණය අනුව ශල්‍යකර්ම දෙකක් කිරීමට සිදුවිය. එකක් 1969 යේ ජනවාරියේදීද අනික මාර්තුවේදීද සිදුකරන ලදී. මේ මුළු කාලයේම මගේ කටින් එකම වචනයක්වත් පිට නොකර සිටීමට මට සිදුවිය. :ඔබ තවත් සතියක් නිහඬව සිටිය යුතුයැයි වෛද්‍ය සින්ඩර් මට නියම කළේය. නැතහොත් ඔබගේ උගුරින් ඉවත් කල බිබිලි නැවත මතුවන්නට ඉඩ තිබෙනවා” යැයි වැඩිදුරටත් පැවසීය. රෝහලෙන් ආපසු ගෙදර පැමිණියත් මගේ සිතතුළ එකතරා සැකයක් නිතර හොල්මන් කරන්නට වන. මට සදාටම ගොලුවත රකින්නට සිදුවෙයිද?

අඳුරු කුටියක්

එතැන් සිට මගේ නිවස මට අඳුරු කුටියක් විය. මා මාගේ පවුලට ඉතාමත් සමීපව සිටියත් දැන්නම් මගේ ඇතුළාන්තයේ ගැඹුරු හැඟීම් ඩෑන් සමඟ බෙදා ගැනීමක් හෝ ඔහුගේ පැතුම් ගැන විමසීමකු හෝ දැන් නැත. “මගේ දරුවන් ගැන මා දැන් දන්නේ කුමක්ද? මා ගැන ඔවුන් සිතන්නේ කුමක්ද? මගේ අවශ්‍යතා ඒ සැටියෙන්ම ඔවුන් දන්නවාද? දෙවියනී මේ කුමක්ද මට සිදුවූයේ?”

මගේ බාලවියෙන් පසු නැවත වරක් මම හැඬුවෙමි. මගේ පියා කම්කරුවෙක් විය. මම ඔවුන්ගේ වැඩිමල් දියණිය වූයෙමි. පියාගේ දුෂ්කර ජීවිතය විසින් ඕනෑම ප්‍රශ්නයකට මූණ පෑමට ඔහු මා හට පුහුණු කර තිබිණි. ඔහු මට කවදාවත් හඬන්නට හෝ බියක් පෙන්වන්නට හෝ ඉඩ නොදුන්නේය.

දෙවෙනි කොටස……

  1. Ansh Lucky Sri Jay
    July 6, 2010 at 1:48 pm

    මතු සම්බන්ධයි..
    😦
    ඉක්මනටම අනිත් කොටසත් දාන්න.

  2. July 6, 2010 at 1:51 pm

    ඒ ගමන උඹත් පටන් ගත්තා කෑලි කෑලි දාන්න…
    ඉක්මනට දාහන් බන්…. අමතක වෙන්න කලින්…

  3. July 6, 2010 at 3:41 pm

    මොනාද අනේ…… හෙටම ලියන්න ඉතිරි ටික.. නැහැ නැහැ දැන්ම ලියන්න.

  4. September 16, 2010 at 9:58 am

    බොරු කියන්න ඕන නෑ නේ අදයි ඔන්න මේ ලිපි පෙල කියවන්න ගත්තේ . . .

  5. September 16, 2010 at 8:48 pm

    මට මතකයි මේ ලිපියේ පළවෙනි ඉංග්‍රිසි පළකිරීම තිබුනෙ 1970/1980 අවුරුද්දක තිබුන Readers Digest සඟරාවක. අපේ තාත්තා ඒ කාලෙ ඉඳලා ඒවා එකතුකරපු නිසා මට පොඩි කාලෙ ඉඳල කියවලම මතකයි. රොයිලි අය්යාට බොහොම පිං මේක මෙහෙම් පළකලාට.

  6. September 28, 2010 at 9:52 pm

    හොද වැදගත් දෙයක් තරහවෙන්න් එපා මම මුහුණත් පිටුවේ මේ විස්තර ඔයාගෙ නමත් එක්ක දැම්මා

  7. September 29, 2010 at 8:42 am

    බොක්කටම වදින කතාවක්. මේක අද රෑට අපේ ගෙදර අතුරුපස සමග. ස්තුතියි. සුභ උපන් දිනයක් වේවා

  1. No trackbacks yet.
Comments are closed.
%d bloggers like this: