Home > උත්සහය, කළමනාකරණය, ජීවිතය, දුක, සිතුවිලි > පවුල තුළ සන්නිවේදනය II

පවුල තුළ සන්නිවේදනය II


පවුල තුළ සන්නිවේදනය මුල් කොටස කියවන්න

ක්‍රම ක්‍රමයෙන් මගේ හැඟීම් ගැන මටම සිතාගන්නට බැරි තත්වයකට මම පත් වූවෙමි. දැන් දැන් ගොළුවකුගේ හැඟීම් කවරාකාරකදැයි මට අවබෝධ වන්නට විය.

ක්‍රම ක්‍රමයෙන් මගේ හැඟීම් ගැන මටම සිතාගන්නට බැරි තත්වයකට මම පත් වූවෙමි. දැන් දැන් ගොළුවකුගේ හැඟීම් කවරාකාරකදැයි මට අවබෝධ වන්නට විය. මීට පෙර අප බොහෝ දේ කතා කළත් කවදාවත් අපේ හැඟීම් ප්‍රකාශ කරගෙන නොතිබූ බව මට වැටහෙන්නට විය. මා තුල සෙමෙන් සෙමෙන් සිදුවී ගෙන යන වෙනසක් මට පෙනී යන්නට විය. වචනයකුදු කතා නොකර වුවද මට මගේ පවුල සමග හැඟීම් බෙදා ගැනීමට හැකි බව මම ඉගෙන ගතිමි.

වචන රහිතව

ඊලඟ සති කීපය තුලදී මගේ සැමියාගෙනුත් දරුවන්ගෙනුත් ඇසිය යුතු ප්‍රශ්න රාශියක් ගැන සිතා බැලුවෙමි. ඩෑන් තුල කිසියම් බියක් චකිතයක් තිබේද? ඩැරින් වැඩිහිටි වයසට පත්වන විට ඔහු කවරෙකු වීමට බලාපොරොත්තු වෙයිද? ඩීන් ගේ අවශ්‍යතා මොනවාද? මම මා ගැනද නොයෙකුත් දේ සිතුවෙමි. ඔවුන් කුමක් ගැන අසනවාට මම කැමතිද? මා සතුටට පත් කළ දේ කුමක්ද? මා කෝපයට පත් කළ දේ කුමක්ද? අනාගතයේදී මා මාගේ ජීවිතයේ කුමක් වෙනස් කරගත යුතුද?

දිනක් සවස මා මේසය ලඟ වාඩිවී සිටියේ මගේ පවුලේ අයගෙන් ඇසීම සඳහා මා ලියා ගත් ප්‍රශ්න රැසක් ලඟ ඇතිවය. ප්‍රශ්න 200 ක් පමණ කඩදාසි කැබලි වල ලියා තිබිණි. සමහරක් “ආදරය යනුවෙන් ඔබ අදහස් කරන්නේ කුමක්ද?” වනි ගැඹුරු ප්‍රශ්නය. සමහරක් ඒවා “ඔබේ නිදහස් වේලාවලදී ඔබ කරන්නට කැමති මොනවාද?” වැනි ලිහිල් ප්‍රශ්නය. මට අදහසක් පහළ විය. එනම්, මේ ප්‍රශ්න කාඩ්පත් වලින් ක්‍රීඩාවක් නිර්මාණක කිරීමය.

ක්‍රීඩාවක්

පසුදා හවස අපේ පවුලේ අය එකට හිඳ ක්‍රීඩාව පටන් ගතිමු. තමන් කැමති ප්‍රශ්න අංකයන් තෝරාගෙන ඊට හිමි ප්‍රශ්නය සොයා එයට තමාගේ පිළිතුර අන් අය සමඟ බෙදා ගැනීම ඒ ක්‍රීඩාවයි. බෙදා ගැනීමක් විනා දිනුම් පැරදුම් එහි නැත. මුල් වාර වලදී සැහැල්ලු ප්‍රශ්න තේරී ආවේය. පහසුවෙන් පිළිතුරුද ලැබිණ. ඒ ගැන අපි සාක්ච්ඡා කෙළෙමු. මාගේ වාරය පැමිණි විට මා මගේ පිළිතුර ලියා සියලු දෙනාටම පෙන්වීමි. මා නැවත් අන් අයට මම සමීප බවක් හැඟිණි. ඊලඟට ඩෑන් ප්‍රශ්නයක් තෝරා ගති. “ඔබ වඩාත් බියක් දක්වන දෙය කියන්න” ඩෑන් තතනමින් මෙසේ පිළිතුර ප්‍රකාශ කළේය. “ඔබගේ මේ අසනීපය නිසා මිය ගියොත් අපට කුමක්ද වෙන්නේ? මම තනියම කෙසේද මේ දරුවන් ඇති දැඩි කරන්නේ…..” මම මවිතයට පත්වීමි.

ඊලඟ ප්‍රශ්නය ඩැරින්ටය. “කවුරුත් මා ඉතා ඉහළින් වැඩ කරාවියයි පතනවා ඇති. නමුත් ඒක මට කරදරයක්.” ඔහුගේ පිළිතුර විය. මගේ සිත පෑරිණි. මා නිතරම ඔහුට කරදර කළේ ඔහු වඩා උසස් කිරීමටය. මා කළේ වරදක්ද? දැන් ඩීන් පුතාගේ වාරයයි. “යමකු සරදමට සිනාසුනොත් ඔබට ඇතිවන හැඟීම කුමක්ද?” මට මැරෙන්න හිතෙනවා. මම මහ මෝඩයෙකු නේද කියන්නා වගේ හැඟීමක්.” ඩීන් අහක බලාගෙන කීය. ඩැරින් බිම බලා ගත්තේය.

ජනප්‍රියයි

ක්‍රීඩාව වට කීපයක් ගිය පසු “පසුගිය අවුරුදු පහට වඩා මේ මිනිත්තු විස්ස තුලදී ඔබ හැම දෙනා ගැනම මම බොහෝ දේ දැනගත්තා.” යැයි ඩෑන් කීය. “අපි හෙට හවසටත් මේ සෙල්ලම කරමු.” එම දේ ඩෑන්ට පමණක් නොව අප හැමටම සිදුවී තිබිණි. ඩෑන් ගේ වැඩ කටයුතු පිළිබඳ ප්‍රශ්න ගැන මගේ අවබෝධයත්, ඔහු කෙරෙහි මගේ ගෞරවයත් වැඩි විය. මගේ දරුවන් ගැන මගේ ඉවසීම දියුණු විය. ඔවුන් වඩ වඩා තුරුළු කර සිප වැළඳ ගැනීමට මම පෙළඹුනෙමි. ඔවුහුද කලින් මෙන් අප සමඟ වාද නොකළහ. ඩෑන් අප ගැන වැඩියෙන් කතා කරන බව පෙනිණි. අපි බොහෝ දේ එකට එකතු වී කිරීමට පුරුදු වූයෙමු.

දිනෙක අපේ ක්‍රීඩාවට අපේ අසල්වැසි ජෝ සහ ඇලිස්ටන්ටත් ආරාධනය කළෙමු. ඔවුහු ඔවුන්ගේ ගෙදරටද අපේ ක්‍රීඩාව ගෙන ගියහ. ඔවුන්ගේ වැඩිමල් පුතා එය උසස් විද්‍යාලයේ ඔහුගේ පන්තියට ද ගෙන ගොස් තිබිණි. පන්තියේ ගුරුතුමා ඒ ප්‍රශ්න වල පිටපත් ඔහුගෙන් ඉල්ලාගත් බව දැන ගන්නට ලැබිණි. එය කොතැනින් කෙළවර වී දැයි මම නොදනිමි.

අවසාන කොටසට……

  1. Ansh Lucky Sri Jay
    July 7, 2010 at 5:13 am

    කොටස් කීයක් තියෙනවද?
    ඉක්මනටම් දාන්න..

  2. sodurusitha -wath
    July 7, 2010 at 5:49 am

    අගෙයි………..

  3. July 7, 2010 at 6:50 am

    මටත් මේ කිරිඩාව කොරලා බලන්න හිතුනා😀

  4. September 16, 2010 at 10:03 am

    නියමයි බන් . . .

    මටත් නිවාඩුවට ලංකාවට ගිය වෙලාවක මමයි, නදීෂයි, අක්කයි අක්කගේ ළමයි 5 දෙනයි, මස්සිනයි, නංගියි, එයාගේ මහත්තයායි, අම්මයි, තාත්තයි ඔක්කෝම එකතු කරගෙන මේ ක්‍රීඩාව කරන්න හිතුනා . . සිරාවටම

  1. July 8, 2010 at 2:44 am

Leave a Reply

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

You are commenting using your WordPress.com account. Log Out / Change )

Twitter picture

You are commenting using your Twitter account. Log Out / Change )

Facebook photo

You are commenting using your Facebook account. Log Out / Change )

Google+ photo

You are commenting using your Google+ account. Log Out / Change )

Connecting to %s

%d bloggers like this: