Home > උත්සහය, කළමනාකරණය, ජීවිතය, දුක, සිතුවිලි > පවුල තුළ සන්නිවේදනය III

පවුල තුළ සන්නිවේදනය III


පවුල තුළ සන්නිවේදනය පළමු කොටස

පවුල තුළ සන්නිවේදනය දෙවන කොටස

ඒ දැරිය ඔවැනි වැදගත් ප්‍රශ්නයක් ගැන යලිත් ඇයගේ මව සමග කථා නොකරනු ඇත. මෙවැනි අන්දමින් ඉතා වැදගත් සාකච්ඡාවකට ඇරෙන දොරවල් අපේ හදිසි විවේචන හෝ විනිශ්චයන් නිසා වසා දමමුද?

මා නැවත වෛද්‍ය සින්ඩර් වෙත ගියේ ඔහු දෙන ඕනෑම නියමයක් පිළිගැනීමට සූදානම්ව සංසුන් සිතකිනි. මා සම්පූර්ණයෙන් සුවවී සිටින බව ඔහු මට පැවසූ විට මට ලොකු තෑග්ගක් ලැබුණාක්මෙන් හැඟිණි. එහෙත් මම මගේ පරණ කථික පුරුද්දට නොවැටෙන්නට ඉටා ගතිමි. මේ දීර්ඝ නිහැඬි කාලසීමාව තුලදී, පවුලේ සන්නිවේදනය පිළිබඳව රහස් පහක් මම අනාවරණය කරගෙන සිටියෙමි.

රහස් පහක්

1. සවන් දෙන්න.

දිනක් පාසැලේ සිට පැමිණි ඩීන් “අපේ සර්ව මට පේන්න බෑ; මම නම් මීට පස්සෙ ඉස්කෝලෙ යන්නෙ නෑ” කියා බෙරිහන් දෙන්නට විණ. කලින් නම් මා ඔහුට හොඳටම බැන වදිමින් ඝෝෂා කිරීම මගේ සිරිත වූවත්, මගේ උගුරේ ආබාධය සුව වීමෙන් පසු එදා කළේ නිහඩ වීමය. සුළු වේලාවකින් පසු පුතා තම් අහිස මගේ ඔඩොක්කුවේ ඔබාගෙන ඔහුගේ හැඟීම් ප්‍රකාශ කරන්නට විය. “අම්මේ පොත කියවන විට මට වචනයක් වැරදුනා. සර් ඒක හරි ගැස්සුවා. එතකොට ඔක්කොම ළමයි මට හිනා වුනා. මට හරියට කේන්ති ගියා. ලැජ්ජා හිතුනා.” මම ඔහුගේ ගෙල වටා දෑත් යවා වළඳගෙන හාදුවක් දුනිමි. ටික වේලාවකට පසු පුතා හිස ඔසවා “මම ජිමිත් එක්ක සෙල්ලම් කරන්න යනවා” කියමින් ක්‍රීඩා භූමිය දෙසට දිව ගියේ සියල්ල අමතක කරමිනි.

කවර අන්දමේ කථාවකදී වූවද ඉතාම වැදගත් පුද්ගලයා සවන් දෙන්නා බව මම ඉගෙන ගෙන සිටියෙමි. උගුරේ ආබාධයට පෙර නම් මා බොහෝ විට කළේ අනෙකාගේ කථාව අතර පැද්දට පැන මගේ අදහස ප්‍රකාශ කිරීමයි.

2. විවේචනය හෝ විනිශ්චය කිරීමෙන් වලකින්න.

ජැකී සමග මා කුස්සියේ වැඩක යෙදී සිටියදී, ඇයගේ 16 හැවිරිදි දියණිය එතනට කඩා වැදුනාය. ” මේ අම්මේ ගබ්සා කිරීම ගැන ඔයා මොනාද හිතන්නේ?” ඕ කෑ ගැසුවාය. ජැකීගේ මූණ ජම්බු ගෙඩියක් මෙන් රතුවිය. “උඹ මීට පස්සෙ ඔය වචනෙ ආයෙත් කියන්නෙ නෑ! තේරුණාද?” ඕ දත් මිටි කෑවාය. ඒ දැරිය ඔවැනි වැදගත් ප්‍රශ්නයක් ගැන යලිත් ඇයගේ මව සමග කථා නොකරනු ඇත. මෙවැනි අන්දමින් ඉතා වැදගත් සාකච්ඡාවකට ඇරෙන දොරවල් අපේ හදිසි විවේචන හෝ විනිශ්චයන් නිසා වසා දමමුද?

ඔබේ දරුවාට වේවා සැමියාට/ බිරියට වේවා, ඔබ දක්වන ප්‍රතිගාමී ප්‍රතිචාර දමනය කර ගන්න. ” මා දැන ගෙන සිටියෙ නෑ ඔයාට ඔවැනි ප්‍රශ්නයක් ගැන දැන් ගන්නට වුවමනා වෙලා තිබුනා කියලා” වැනි සමබර පිළිතුරක් ජැකීගෙන් පිටවිණි නම් වඩා සාර්ථක සංවාදයකට දොර විවෘත නොවන්නේද?

3. හදවතින් කථා කරන්න.

වසර ගණනකට පෙර එක්තරා ක්‍රීඩා තරඟයක් නැරඹීමට මම ගියෙමි. දස හැවිරිදි තරමේ දරුවෙක් මා අසල සිටි ඔහුගේ පියා අමතා, “තාත්තේ ඔයා දැක්කද මම හතරෙ පාරක් ගැසුවා?” කියමින් ඔහුගේ අතේ එල්ලුනේය. “මොනවද ළමයෝ, උඹට එක හයේ පාරක් වත් ගහන්න බැරුව ගියානේ?” පියාගේ පිළිතුර විය. දරුවා පියාගේ අත අතහැර ඉවත බලාගත් සැටි මම දිටිමි. ඔහුගේ සිතේ ඉපිළ ආ සතුට සිඳී ගියේය. ඉන්පසු ඒ දරුවා තම හදවතේ නැගෙන හැඟීමක් සිය පියා සමඟ බෙදා ගැනීමට ඉදිරිපත් වෙතැයි ඔබට සිතිය හැකිද?

4. හැඟීම් ගැන වාද නොකරන්න

ඔබ අනුන්ගේ කල්පනා හැඟීම් හරියටම දනිතියි නොසිතන්න. ඩේව් හා මේරි අපේ ප්‍රශ්න කාඩ්පත් ක්‍රීඩාවේ අඩ පැයක් පමණ යෙදුනාහ. මේරිට ලැබුණූ කාඩ් පතේ සදහන්ව තිබූ ප්‍රශ්නය මෙයයි. “ඔබට කිසියම් අවස්ථාවකදී තනිකමක් දැනුනේද?”

“මට හැම රාත්‍රියකම තනි බව දැනෙනවා.” ඇයගේ ප්‍රකාශය විය. ඩේව් සුදුමැලි විය. ක්‍රීඩාව අවසානයේදී “ඔබ කෙසේද එහෙම කියන්නෙ?” යයි අමනාපයෙන් මේරිගෙන් ඇසීය. “හැම රාත්‍රියකම අපි දෙදෙනා ඇදට ගිය විට ඔබ මට පිට හරවා නිදා ගන්නවා.” ඩේව්ට උඩ බිම බැලිණි. ” මම පාසල් යන කාලේ පාපන්දු ගහන්නට ගොසින් වැටී ඉළ ඇට දෙක තුනක්ම කැඩුණි. ඒවා හරියටම හරි ගිහින් නැහැ. මට නිදාගන්නට පුළුවන් එක පැත්තකට හැරිලා පමණයි.”

සති කීපයකට පසු ඩේව් සහ මේරි මහ වෙළඳ පොලේදි මුණ ගැසිණ. මා දුටු විගස මේරි, “අපි අපේ ගැටළුව විසඳ ගත්තා.” යයි කීය. “අපි නිදාගන්න පැත්ත මාරු කරගත්තා.”

5. ආදරය ප්‍රකාශ කරන්න

වචන මෙන්ද ක්‍රියාද වැදගත්ය. කාමන්ද ඇගේ සැමියා හා ඔවුන්ගේ දරු දෙදෙනාද සමග මම අපේ සුපුරුදු ක්‍රීඩාව කරමින් සිටියෙමි. කාමන් මැදිවියේ පොහොසත් රෑමත් කාන්තාවකි. ඇය සියල්ලෙන් සම්පූර්ණ තැනැත්තියකැයි මම සිතුමි. කාමන් කාඩ් පතක් ඇද්දාය. “ඔබට සිත් වේදනාවක් ගෙන දුන් අවස්ථාවක් ගැන කියන්න.” මෙතෙක් තම පවුලේ කිසිවෙකු සමගවත් බෙදා නොගත් තොරතුරක් ඕ පිළිතුරු වශයෙන් හෙළි කළාය. “මට වයස හයක් තරමේදී අම්මා මට කීවා සිඹ ගැනීමට මා ලොකු වැඩියි කියලා. මට හරියට දුක හිතුනා. ඉන්පසුව හැමදාම උදේ මූණ හෝදන්න නාන කාමරයට ගියාම එහි තිබෙන අම්මගෙ තුවාය මූණට තියලා තද කරගෙන උන්නා.”

කාමන් මා සිතා සිටි අන්දමේ තෘප්තිමත් කාන්තාවක් නොවූවාය. වසර 4ක් පමණ හදවතේ මේ වේදනාව වසන් කරගෙන සිටීම ගැන මම මවිතයට පත් වීමී. අපේ ක්‍රීඩාව වට කිහිපයක් කළ පසු කාමන්ගේ අට හැවිරිදි පුංචි පුතා හෙමින් සීරුවේ නැගිට ඇය වෙතට පැමිණ ඔහුගේ සිහින් දෑත කාමන්ගේ ගෙළ වට යවා ඇයගේ මූහුණ සිප ගත්තේය. ඇයගේ දෑස තෙත්වනු මම දිටිමි. ඇයගේ පැරණි වේදනාව ඒ කඳුළු කැට සමග සදහටම ඉවත්ව යන්නට ඇති.෴෴෴෴෴෴

රෙයා සකික් කැලිෆෝනියාවේ, අඹු සැමියන්, ගුරුවරුන් වන්නන් හා සන්නිවේදනය පිළිබඳ වැඩමුළු සංවිධානය කරන ලදී. ඇයගේ ක්‍රීඩාවේ ප්‍රශ්ණ කාඩ්පත් භාෂා පහකින් මුද්‍රණය වී දශලක්ෂයකට වඩා අලෙවි වී ඇත. මනෝ විද්‍යාඥයන්, මනෝ චිකිත්සකයන්, ගුරුවරුන් විසින් ඒවා භාවිතා කෙරෙයි

  1. Ansh Lucky Sri Jay
    July 8, 2010 at 4:40 am

    අවසාන කොටස නේද?
    ඇත්තටම ලස්සන කතාවක්..

  2. July 8, 2010 at 6:05 am

    Thank you very much for sharing this. I think I have learn something new and most of all useful. Thanks again for sharing such a good document with us.

  3. July 8, 2010 at 7:45 am

    ඉගන ගතයුතු කරුණු බොහෝයී….
    තෑන්ක්ස් මචෝ අපිත් එක්ක මේක බෙදාගත්තට….

  4. July 8, 2010 at 12:23 pm

    ඉස්තූති, හැබෑවටම දෙයක් ඉගනගත්තා මේ ලිපි වලින්.

  5. July 8, 2010 at 5:10 pm

    හ්ම්… ඉගෙන ගන්න නෙමෙයි ..ක්‍රියාත්මක කරන්න අද ඉදල …

    ස්තූතියි රොයිලි මල්ලි

  6. ෆා ද බ්ලොගී
    July 8, 2010 at 9:11 pm

    මැක්ස් රොයිලි අයියා.. මැක්ස්.. ආයෙ ඉතින් කියලා වැඩක් නෑ.. අනිත් අයගේ ජීවිත ලස්සන කරන ගමන් අපේ ජීවිතත් ලස්සන කරගන්න අපිට කරන්න තියෙන්නේ බොහොම පුංචි දේවල්නේ.. බොහොම ස්තුතියි මේ ලස්සන පාඩම් ටිකක් අපිත් එක්ක බෙදා ගත්ත එකට..

  7. හෙළයා
    July 19, 2010 at 3:02 pm

    හැම පෝස්ට් එකම කියෙව්වා. වෙබ් අවකාශයේ දැකපු වැදගත්ම, වැදගත්ම බ්ලොග් එකක්. නියමයි රොයිලි සහෝදරයා.

  8. නීෂූ
    September 3, 2010 at 4:05 am

    නියමයි ! මම බයිස්කෝප් සිංහලින් වල තිබුනු ලින්ක් එකකකින් අහම්බෙන් මෙතනට අවේ හැමදාම ආයෙත් එනවා !

  9. September 16, 2010 at 10:13 am

    මචන් . . රොයිලි . . කියන්න වචන නෑ මේ පෝස්ට් එක ගැන නම් . . සිරාවට . . .

    විස්වාස කරනවද මේ කොටසේ අවසාන හරිය මම කියෙව්වේ ඇස් දෙකේ කඳුලු පුරෝගෙන . . . මට එකම එක දෙයකට ඉඩ දීපන් මල්ලී . ..

    මේ වටින පෝස්ට් තුන ගැන කියන්න මගේ බ්ලොග් එකේ පොස්ට් එකක් දාන්න කමක් නැද්ද කියලා දෙන්න . . .

    • රොයිලි ප්‍රනාන්දු
      September 16, 2010 at 10:14 am

      අයියෝ දාන්න මචෝ. ඕකේ ගෞරවය යන්න ඕනා මුල් කතෲට. මම ඒක යුනිකෝඩ් වලින් ලිව්වා විතරයි🙂

  10. sansarasidu
    September 19, 2010 at 4:06 pm

    දුකා අයියගේ අඩවියෙ පළවුණාට පස්සෙයි මං මේ ලිපි පෙළ ගැන දැන ගත්තෙ…

    ඇත්තටම ගොඩක් වටින ලිපියක් සහෝ…

    ස්තූතියි අපිත් එක්ක බෙදාගත්තට…

  1. No trackbacks yet.

Leave a Reply

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

You are commenting using your WordPress.com account. Log Out / Change )

Twitter picture

You are commenting using your Twitter account. Log Out / Change )

Facebook photo

You are commenting using your Facebook account. Log Out / Change )

Google+ photo

You are commenting using your Google+ account. Log Out / Change )

Connecting to %s

%d bloggers like this: