Home > ආශාව, උත්සහය, උදව්, ජීවිතය, සතුට, සිතුවිලි > මට ලැබුනු වටිනාම විද්‍යුත් ලිපි වලින් එකක්.

මට ලැබුනු වටිනාම විද්‍යුත් ලිපි වලින් එකක්.


මේක නම් ටිකක් දිග වෙයි. ඒත් ජීවිතයට ගොඩක් වැදගත් වෙයි. ඉතින් වෙලාව ඇති විටෙක කියවන්න.

විශ්වාසය

ඕනෑම සබැඳියාවක වැදගත්ම කොටස විශ්වාසයයි. විශ්වාසය බිඳුනු විට එය සබඳතාවයේ අවසානයයි. මද විශ්වාසය, සැකය ජනිත කරවයි. සැකය, තරහව ජනිත කරවයි. තරහව, වෛරය ජනිත කරවයි. වෛරය, වෙන්වීම ට මග පාදනු ලබයි.

දුරකථන ක්‍රියාකරවන්නියක් වරක් මෙසේ පැවසීය. ඇය වෙත දිනක් ඇමතුමක් ලැබුනු අතර “Public Utilities Board” ලෙස ඇය එයට පිළිතුරු දෙනු ලැබීය. කිසිදු පිලිතුරක් අනෙක් අන්තයෙන් නොවූයෙන් ඇය නැවතත් “PUB” ලෙස පැවසීය. තවමත් පිළිතුරක් නොලැබුනු බැවින් ඇය විසන්ධි කිරීමට සැරසෙත්ම අනෙක් පසින් කාන්තාවක් මෙසේ පිළිතුරු දෙනු ලැබීය. “ඔහ් මේ PUB එකද? සමාවෙන්න මට මේ නොම්බරය හම්බවුනේ මගෙ මහත්තයගෙ සාක්කුවක තිබිලා. මම මේ නොම්බරය කාගෙද කියලා දැනගෙන උන්නෙ නෑ”

අන්‍යෝන්‍ය විශ්වාසයක් නොමැති වූ නිසා -නිකන් සිතා බලන්න දුරකථන ක්‍රියාකරවන්නිය “PUB” ලෙස නොව නිකන්ම “හෙලෝ” ලෙස පිළිතුරු දුන්නානම්- එම යුවලට සිදුවන දේ ගැන.

———

ඇඟිලි දිගු නොකරන්න.

මිනිසෙක් තම බිරිඳගේ පියාගෙන් මෙසේ ඇසීය. “බොහෝ දෙනෙක් ඔබට සාර්ථක විවාහයක් ගත කිරීම ගැන සුබ පතනවා. ඔබගෙ රහස් ටිකක් මාත් එක්ක බෙදාගන්න පුලුවන්ද?”

ඔහු සිනාසෙමින් මෙසේ පැවසීය. “කවදාවත් ඔබගේ බිරිඳව, ඇයගේ අඩුලුහුඬු කම් වලදී හෝ ඇය වැරද්දක් කළ විට විවේචනය නොකරන්න. සැමවිටම සිතේ තබාගන්න ඇයගේ අඩුලුහුඬුකම් හා වැරදි නිසා කවදාවත් ඔබට වඩා හොඳ ස්වාමිපුරුෂයෙක් ඇයට නොලැබෙන බව.”

අපි හැමෝම ආදරය ලැබීමට හා ගරුකරනු ලැබීමට ආශාවෙමු. බොහෝ දෙනා අවනම්බු විඳිමට අකමැතිය. සාමාන්‍යයෙන් කෙනෙක් වරදක් කළ විට ඔහු වරදපැටවීමට කෙනෙක් ව සෙවීමට උනන්දු වේ. එය යුද්ධයක ආරම්භය වේ. අපි සැමවෙලාවේම සිහිතබාගත යුතුයි අප කෙනෙකු හට ඇඟිල්ලක් දිගුකරන විට අනෙක් ඇඟිලි හතරම අප වෙත යොමු වී ඇති බව.

අපි අනෙක් අයට සමාව දෙන්නේ නම් ඔවුන් අපේ වැරදි ගණන් නොගෙන සිටිනවා ඇත.

—————-

පරිපූර්ණ සම්බන්ධතාවයක් නිර්මාණය කර ගැනීම?

මිනිසෙක් විවාහමංගල සේවා සපයන ආයතනයකට ගොස් තමුන්ට විවාහ වීම සඳහා ගැලපෙන කාන්තාවක් තෝරාදෙන ලෙස පැවසීය. නිලධාරියා ඔහුගේ කැමැත්ත ගැන විමසන ලදී. ඔහු මෙසේ පිළිතුරු දෙන ලදී “ඔහ්, හොඳ පෙනුමැති, විනීත, හාස්‍යප්‍රිය, ක්‍රීඩාශීලී, දැනුමැති, සංගීතයට හා නැටුමට දස්කම් දක්වන, මගේ විවේක වේලාවේදී නිවසේ මා සමඟම රැදී සිටින හා ඒ වෙලාවේදී මම නිවසෙන් බැහැරව නොයන්නේ නම් මට සිත්ගන්නා කතා කරමින් මගේ පාලු මකන, මට විවේකය අවශ්‍ය විට නිශ්ශබ්ධව සිටිය යුතු කෙනෙක්ව තමා මට ඕනාකරන්නේ.”

නිලධාරියා සාවදානව අසා සිට මෙසේ පැවසීය. “ඔබට තේරෙන විදියට ඔබට අවශ්‍ය කරන්නේ රූපවාහිනියක්.”

හොඳ බැඳිමක් ඇතිවන්නෙ අන්ධ බිරිඳක් හා බිහිරි ස්වාමිපුරුෂයෙකු අතර බව කියමනක් ඇත. මක්නිසාද යත් අන්ධ බිරිඳට ස්වාමිපුරුෂයාගේ වැරදි නොපෙනන අතර බිහිරි ස්වාමිපුරුෂයාට බිරිඳගේ විවේචනය කිරීම නෑසේ. බොහෝ යුවලවල් තම ආරම්භක අවධියේදී බිහිරිව හා අන්ධව සිට සදාකාලික පරිපූර්ණ සම්බන්ධතාවයක් සඳහා හීන මවයි. අවාසනාවක මහත ආදරයේ නොසංසුන්කාරීත්වය අවසන් වී අවදි වූ විට විවාහය යනු රෝස මල් යහනාවක් ලෙස නොපෙනෙනු ඇත. එනම් නරක හීනය ආරම්භ වේ.

———————

අභිබවා නොයෑම.

බොහෝ සබඳතාවයන් අසාර්ථක වනුයේ එක් පාර්ශවයක් අනෙක් පාර්ශවය අභිබවා යෑමට උත්සහ කරන විටදී හෝ අනවශ්‍ය ලෙස ඉල්ලීම් කරන විටදීය. ආදරය කරමින් සිටින මිනිසුන්, ආදරය විසින් සියළු දේ විජයග්‍රහණය කරනු ලබන් බව හා ඔවුන්ගේ විවාහකයා විවාහයෙන් පසු තම නරක පුරුදු අත්හරිනු ලබන බව සිතයි. ඇත්තෙන්ම මෙය සිදුනොවන්නකි. චීන කියමනකින් කියෙවෙන පරිදි කඳු ගැටයක් හෝ ගඟක් වෙනස් කිරීම පුද්ගල චරිතයක් වෙනස් කිරීමට වඩා පහසුය.

වෙනස් වීම පහසු දෙයන් නොවේ. එසේම විවාහකයාගේ චරිතයේ වෙනස්වීමක් අපේක්ෂා කිරීම කලකිරීමට හා අප්‍රසන්නතාවයක් ඇතිකිරීමට හේතු වේ.

අපගේ අපේක්ෂාවන් අවම කර ගැනීම හා අපවම වෙනස් කර ගැනීම අවම වේදනාකාරී විය හැක.

———————-

නිවැරදි කථනය.

කතාව විසින් ජාතියක් දියුණුවට ලක්වීම හෝ පරිහානියට පත්වීම තීරණය කෙරෙනු ඇත යනුවෙන් චීන කියමනක් ඇත. බොහෝ සබඳකම් බිඳි යන්නෙ වැරදි කතා බහ හේතුවෙනි. යුවලක් එකිනෙකා කෙරෙහි බොහෝ ලංවූ විට අන්‍යෝන්‍ය ගරුකිරීම හා ආචාරශීලී බව අමතක වේ. අනෙකාට වේදනාවක් ගෙන දෙන්නේදැයි තැකීමක් නොකර ඕනෑම දෙයක් පැවසීමට ඉඩ ඇත.

කාන්තාවක් හා ඇයගේ ලක්ෂපති ස්වාමිපුරුෂයා ඔවුන්ගේ ගොඩනැගිලි වැඩබිමට ගිය විට එහි සිටි කම්කරුවෙක් ඇයට කතා කොට “හෙලෝ එමිලි! මාව මතකද? අපි දෙන්නා පාසැල් කාලයේ යාලුවෙලා හිටියා” යැයි පැවසීය. ආපසු එන ගමනේදී ලක්ෂපති ස්වාමිපුරුෂයා ඇයට සරදම් කරමින් මෙසේ පැවසීය. “ඔයා මාව බැඳපු එක ඔයාගෙ වාසනාව. නැත්තම් ඔයා කම්කරුවෙකුගේ බිරිඳ වෙන්න තිබ්බා.” ඇය පිළිතුරු දෙමින්, “ඔයයි සතුටු වෙන්න ඕනා මාව බැඳපු එක ගැන. එහෙම නොවෙන්න ඔහුයි ලක්ෂපතියෙක් වෙන්න ගියෙ. ඔයා නෙවෙයි” යනුවෙන් පැවසීය.

මෙවැන් වදන් නිතර හුවමාරු වීම නරක සම්බන්ධතාවයක බීජ වර්ධනය වීමට හේතුවක් වේ. එය කැඩුනු බිත්තරයක් වැනිය. ආපසු හැරවිය නොහැක.

——————

පුද්ගල අවබෝධය

විවිධ පුද්ගලයින්ට ඇත්තේ විවිධවූ අවබෝධයන් වේ. එක් මනුෂ්‍යයෙකුට ආහරයක් වන දේ වෙන පුද්ගලයෙකුට විෂක් විය හැක. යුවලක් බූරුවෙක්ව මිලට ගන්නා ලදී. සතාව රැගෙන අතරමගදී කොල්ලෙක් කතා කොට “මේක මෝඩකමක් නේ. දෙන්නගෙන් එක්කෙනෙක්වත් සතා පිට යන්නෙ නැහැනේ” යැයි කීය. ඒ කතාව ඇසූ පසු බිරිඳව සතා පිට නංවා පුරුෂයා පයින් ගමන් කරන ලදී. ටික වේලාවකට පසු මහළු මනුෂ්‍යයෙක් එය දැක මෙසේ පවසන ලදී. “ස්වාමිපුරුෂයා පවුලේ ප්‍රධානියානේ. පුරුෂයා පයින් යද්දි බිරිඳ කොහොමද සතා පිට යන්නේ?” එය ඇසූ විට බිරිඳ බිමට බැස පුරුෂයාව බූරුවා පිට නංවන ලදී.

තවත් ටික දුරක් ගමන් කරද්දී මහළු කාන්තාවක් මෙය දැක, “කොහොමද පිරිමියා සතා පිට යනකොට ගැහැනියව පයින් ගමන් කරවන්නේ? ඒක මහත්මාගුණයක් නොවේ” යැයි පවසන ලදී. මෙය ඇසූ පිරිමියා බිරිඳවද බූරුවා පිටට නංවා ගන්නා ලදී. මෙසේ ගමන් කරනා කල තරුණයෙක් එය දැක “අසරණ බූරුවා. ඌ කොහොමද දෙදෙනෙක් ගේ බර දරා ගන්නේ? ඔවුන් ඌට ක්‍රෑර ලෙස සලකනවා” යැයි පවසන ලදී. එය ඇසු විගස ඔවුන් දෙදෙන බිමට බැස බූරුවාව තම කර මතට ගන්නා ලදී. ඔවුන්ට කිරීමට ඉතුරු වූ එකම දෙය එය විය. පටු පාලමකින් ගමන් කිරීමේදී බූරුවා කලබල වූ බැවින් ඔවුන්ව ගඟට වැටෙන ලදී.

සියළුදෙනා ඔබව පසසන්නේ නැත. සියළුම දෙනා ඔබට පරිභව කරන්නේද නැත. අතීතයේ වත් වර්තමානයේදීවත් අනාගතයේදීවත් එය වෙනස් නොවේ.

එසේම අපගේ හෘදය සාක්ෂිය පැහැදිළි නම් අන් අයගේ වචන ගැන ඕනාවට වඩා කලබල නොවන්න.

—————-

ඉවසිලිමත් වන්න.

මෙය ඇමරිකාවේ සිදුවූ සත්‍ය කතාවකි. මිනිසෙක් තම නව වාහනය ගැන අගය කරමින් නිවසෙන් එලියට පැමිණෙන විට දුටුවේ තම කුඩා පුතු වාහනයේ අලුත්ම දිලිසෙන තීන්ත හොඳ හැටි සූරමින් සිටින දර්ශණයයි. ඔහු හට පැමිණි ආවේගයට ඔහු තම පුතාව පැත්තකට අද ඔහුගේ කුඩා ඇඟිලි වලට තදින් පහර දෙන ලදී. ඔහු සංසුන් වූ විගස පුතුව රෝහලට රැගෙන යන ලදී. වෛද්‍යවරුන් දැඩි පරිශ්‍රමයක් දැරුවත් ඔහුගේ දෑතේ සියළුම තැලුනු ඇඟිලි කපා දමන්නට සිදුවිය. ශෙල්‍යකර්මය නිමවී පොඩි දරුවා අවදී වූ පසු වෙලුම් දමා තිබූ තම ඇඟිලි රහිත දෑත දෙස බලා, පියාගෙන් අහිංසක ලෙස මෙසේ ඇසීය. “තාත්තා මට සමාවෙන්න වාහනයට වෙච්ච දේ ගැන. ඒත් කවද්ද මගේ ඇඟිලි ආපහු වැවෙන්නේ?” පියා නිවස කරා ආපසු ගොස් සියදිවි නසා ගන්නා ලදී.

ඊළග වතාවේ කවුරුන් හෝ ඔබව තරහාගස්සනු ලබන විටදී හෝ කවුරුන් හෝ වෙතින් පළිගැනීමට සිතන විටදී මේ කතාව මතක් කර ගන්න. ඔබ ආදරය කරන ඇල්මක් දක්වන අයෙකු කෙරෙහි ඉවසීම නැතිවන්නට පෙර මුලින් සිතන්න. වාහන අලුත්වැඩියා කල හැක. කැඩුනු අස්ථී හා වේදනාකාරී සිතුවිලි බොහෝවිට එසේ නොවේ. බොහෝ විට අප පුද්ගලයා හා ක්‍රියාව අතර වෙනස වටහා ගැනීමට අසමත් වේ. පළිගැනීමට වඩා සමාව දීම උතුම් බව අපට අමතක වේ.

මිනිසුන් වැරදි කරයි. අපිට වැරදි කිරීමට අවසර ඇත. එහෙත් ප්‍රකෝපයෙන් සිටිනා විට අප ගන්නා ක්‍රියාමාර්ග සදාකාලයටම අප තුල හොල්මන් කරනු ඇත.

“හොඳ ජීවිතය ආරම්භ වන්නේ ඔබගේ ඉතාමත් හොඳ ජීවිතයක් පිළිබද අපේක්ෂාව අත්හල විට පමණි.”

“Good Life starts only when you stop wanting a better One”

“ජීවිතය මනින්නේ අප ගන්නා හුස්ම ගන්නා වාර ගණන අනුව නොවේ. එය මැනෙන්නේ අප හුස්ම ගැනීම අමතක වන අවස්ථා ගණන අනුවය.”

” Life is not measured by the number of breaths we take, but by the moments that take our breath away”

  1. September 6, 2010 at 6:58 am

    ජිවිතේට වටින කියන පාඩමක් .. තැන්කු වේවා

  2. Nuwan
    September 6, 2010 at 2:07 pm

    හොඳ වටින ලිපියක් මචං.

  3. September 6, 2010 at 3:07 pm

    වටින ලිපියක්.. සුබපැතුම්

  4. September 6, 2010 at 4:26 pm

    සියළුදෙනා ඔබව පසසන්නේ නැත. සියළුම දෙනා ඔබට පරිභව කරන්නේද නැත. අතීතයේ වත් වර්තමානයේදීවත් අනාගතයේදීවත් එය වෙනස් නොවේ.

    -මට හොඳම කොටස මේ ටික
    බුද්ධි – සයිබර් යාය

  5. September 6, 2010 at 6:15 pm

    හොද ලිපියක් සෑහෙන්න මහන්සි වෙලා තියනව වගේ ලිපිය සකස්කරන්න

  6. September 7, 2010 at 4:38 am

    වටිනා ලිපියක්..
    බොහෝම ස්තුතියි !.

  7. ashan kandy
    September 7, 2010 at 6:02 am

    කියල වැඩක් නැ… සුපිරිම.

  8. sheshanie
    September 7, 2010 at 9:13 am

    ගොඩාක් වටින ලිපියක්.. මට නම් ගොඩක් ඉක්මනට කේන්ති යනවා.. ( ඔව් ඔව් කුකුල් කේන්තිකාරියක් තමා ..හික්ස්ස්..) ..
    අර 1 ඉඳන් 10 ට ගනින එකත් මට වැඩ කරෙ නෑ නොවැ…

    “ඉවසිලිමත් වන්න” කියන එක යටතේ තිබ්බ කතාව මගේ හිතට ගොඩාක් වැදුනා..

    මට කේන්ති යන හැම පාරකම ඒ කතාව මගේ කේන්තිය පාලනය කරයි..
    ස්තූතියි…

  9. September 7, 2010 at 3:18 pm

    රොයිලත් ඉදලා ඉදලා දෙනවා ලිපියක් ආයෙ හතරැස්ම වෙලා යන්න නේ. වටිනා ලිපියක්.

  10. September 7, 2010 at 3:37 pm

    Life is not measured by the number of breaths we take, but by the moments that take our breath away …
    නියමයි මචෝ. මට මතක විදියට උඹ කලිනුත් මේ වගේ වැදගත් ලිපි පළ කළා.ජීවිතේට ඉගෙනගන්න යමක් තියෙන දේ.
    බොහොම ස්තුතියි !

  11. Nalani
    September 8, 2010 at 5:39 am

    සියළුදෙනා ඔබව පසසන්නේ නැත. සියළුම දෙනා ඔබට පරිභව කරන්නේද නැත. අතීතයේ වත් වර්තමානයේදීවත් අනාගතයේදීවත් එය වෙනස් නොවේ.

    Very very Good

  12. September 9, 2010 at 12:33 pm

    this is good… keep it UP…

  13. September 10, 2010 at 4:57 pm

    ඉතාම වැදගත් ප්‍රායෝගික ලිපියක්🙂

  14. ashan kandy
    September 11, 2010 at 1:46 pm

    kiyala wedak na ban meka.. lipiya man print kara. elama ela….

  15. hasitha
    September 12, 2010 at 4:03 am

    sahenna watina lipiyak!

  16. September 12, 2010 at 1:54 pm

    අැත්තටම ෙගාඩාක් ෙහාද ලිපියක්.

  17. shiran darshana
    September 22, 2010 at 7:39 am

    this is the best E-mail letter I have ever seen thanks dear love you actually this is good lesson to our life thanks again god bless you

  18. January 13, 2011 at 8:17 am

    නියමායි…හුගක් දේවල් ඉගෙන ගත්තා..තුති ඔබට ….තව තව වැඩියෙන්ම ලියන්නට ජීවිතය විදින්නට ලැබේවා…!

  19. chalana Herath
    January 25, 2013 at 9:59 pm

    meka mama kiyawapu hondama lipiyak.sthuthi obata.

  1. No trackbacks yet.

Leave a Reply

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

You are commenting using your WordPress.com account. Log Out / Change )

Twitter picture

You are commenting using your Twitter account. Log Out / Change )

Facebook photo

You are commenting using your Facebook account. Log Out / Change )

Google+ photo

You are commenting using your Google+ account. Log Out / Change )

Connecting to %s

%d bloggers like this: