Home > 2010, අම්මා, ආශාව, උත්සවය, දුක, සතුට, සිතුවිලි > සැමරීමක් නොමැති උපන්දිනය.

සැමරීමක් නොමැති උපන්දිනය.


අද සැප්තැම්බර් දාසය. මගෙ උපන්දිනය. අවුරුද්දට සැරයක් කේක් එකක් කපලා පොඩි ජොලියක් දාලා මතක හිටින්න ෆොටෝ දෙක තුනක් අරගෙන සැමරීමක් කරන්න……. එහෙමත් නැතිනම් පාටිය අවලංගු කරලා ඒ මුදල් වලින් අනාථ නිවාසයක ඉන්න සහෝදර සහෝදරියන් එක්ක සන්ධ්‍යාවක් ගත කරලා අර්ථවත් විදියට සැමරීමක් කරන්න… මමත් ආසයි. ඒත් අද මම ඉන්නෙ ඒ සැමරීම කරන්න හැකියාව තිබුනත් කිසිම ප්‍රබෝධයක් නැති තත්වයක. ඒකට හේතුව මම අද ඉන්නෙ දුරු රටක යුරෝ හොයාගන්න නොවිඳිනා දුක් විඳිමින් නිසාමත් නෙවෙයි. මම ගොඩක්ම ආදරය කරන මගෙ අම්මා මා අසල නැති එක ගැන තැවෙමින්. නිවාඩුවට ලංකාවට ගිහින් මාස දෙකහමාරක් අම්මා හා නංගි එක්ක ගත කරලා ආපු ගමන් හිතට දැනෙන කාංසිය වචන වලට පෙරලන්න තරම් මම භාෂාව හැසිරවීමේ දක්ෂතාවයක් මට නැහැ.

අම්මා ඇයගේ ජීවිතයම කැප කලේ අපේ පවුලේ විශේෂයෙන් දරුවන් දෙදෙනාගේ අභිවෘධිය වෙනුවෙන්. අම්මා තුල තිබුනු ඒ ධෛර්යය, කැපවීම මා තුල නම් පිහිටලා නැහැ. පොඩි කාලෙ ඉඳින්ම අපිට දුකක් දෙන්න නොවිඳිනා දුක් විඳින්න ඇති. මම සැපසේ පාසල් වෑන් රථයේ නැඟිලා පාසල් යනකොට හැම දාම අම්මා බස් එකේ කොළඹ ගියා රැකියාව කරන්න. අද කාලෙ බස් සේවය වඩා යහපත් තත්වයක තිබිලත් කොළඹ ගිහින් එනවා කියන්නෙ මරණවා වගේ වැඩක්. පැය එකහාමාරක් දෙකක් බස් එකක ඉඳගෙන වුනත් එනවා කියන්නෙ මට මෙහෙම නම්, සතියේ දින 5ක් පුරාවට රැකියාවට යනවා කිව්වම මට අද නම් හිතා ගන්නවත් අමාරුයි. ඒ ගෙදර අනිකුත් වැඩත් කරන ගමන්. ලැබෙන සොච්චම් පඩිය රෝල් ගහලා අපේ අවශ්‍යතා සපුරද්දි මම අනන්තවත් අනවශ්‍ය වියදම් ඉල්ලලා කන්කෙඳිරි ගාපු අවස්ථා අනන්තයි. ඒවා දෙන්න හැකියාවක් නොතිබුනු වෙලාවක මට තරහ ගිය අවස්ථාත් අපමණයි. එහෙම වුනේ මගෙ යාළුවො අත දිගැරලා වියදම් කරද්දි මම කොන්වෙච්ච නිසා වුනත් මගේ කන්කෙඳිරි ගෑම් වලදි අම්මා මොනා හිතන්න ඇතිද කියලා මට අද තේරෙනවා.

මට තාමත් අම්මව නිදහසේ තියන්න බැරි වෙච්ච එකට මම තාමත් හඬාවැටෙනවා අම්මේ. අදටත් අපි වෙනුවෙන් අම්මා විවිධාකාරයෙන් වෙහෙසෙන බව මම දන්නවා. රැකියාවට නොගියත් නොයෙකුත් ආකාරවලින් අම්මා අපි වෙනුවෙන් කරන කැපවීම් මට හොඳට තේරෙනවා. මට ඒ ණය කවදාවත් ගෙවා නිම කරන්න තියා ඒකේ තරම හිතාගන්නවත් නොහැකි වුනත් මම පුලුවන් තරම් අම්මව සතුටින් තියන්න උත්සහ කරනවා. මම ආපහු ලංකාවට එන්නෙ අම්මා වඩාත්ම සතුටු වෙන දේ ඉටුකරන්නයි. ඒ අම්මට හොඳ ලේලි පොඩ්ඩක් ගේන එක. ඉතින් ඒ ගමන එනතෙක් මම සමුගන්නවා අම්මේ. අපි එදාට අද පාටියත් එක්කම සමරමු!

මගෙ උපන්දිනයට සුබ පතන්න එක්වෙන ඔබ සැමට බොහොමත්ම ස්තූතියි. බොහොමත්ම පිං෴

  1. September 16, 2010 at 4:34 am

    අනිවා මචන්…
    අපිට ඒ දවස්වල ඒවා හිතට ආවේ නෑ තමා… අපි කොච්චරනම් හිතරිද්දවන්න ඇද්ද අම්මගේ… මමත් අප්පච්චිට වඩා අම්මට තමයි ගොඩාක් ලංවෙලා ඉන්නේ…ඉතින් හැමදේම ඉල්ලන්නෙත්, තරහා ගියාම බනින්නෙත් අම්මටම තමයි… ඒ වෙලාවට එයා හිතෙන් කොච්චරනම් තැවෙන ඇතිද කියලා මේ වෙනකොටනම් තේරෙනවා….ඒවට වන්දි ගෙවන්න පුලුවන් වෙන්නේ අපේ ජීවිත ලස්සණට ගෙවලා තමා.. මොකද අම්මලා බලාපොරොත්තුවෙන එකමදේ ඒක නිසා….

    මචෝ….
    අහම්බෙන් මේ ඉසව්වෙන්ම හමුවෙලා…හැබහින් දැකගෙන සොඳුරු මිතුදමක් ගොඩනඟා ගත්තු උඹට සුබම සුබ උපන්දිනයක් මචෝ…

  2. ෆා
    September 16, 2010 at 5:02 am

    මට මතකයි පැංචි කිව්වා මගේ කාගෙ හරි උපන්දිනේ දවසට සුභපතන්න ඕන එයාව බිහි කරපු අම්මාට කියලා.. කතාව ඇත්තනේ. අපි උපන්දිනේ සමරන ඒ මොහොතේ අපේ අම්මා කොයි තරම් නම් දුකක් විඳලා ඇතිද අපිව බිහි කරන්න. හැබැයි ඔයා ඒ වගකීම ඉටු කරලා තියෙනවා. මං හිතන්නේ හැම අම්මා කෙනෙක්ම ඔය වාගේ තමයි නේද? දරුවන් වෙනුවෙන් ජීවිතේම කැපවෙලා ඉන්නේ බොහොම කැමැත්තෙන්.. ඉතින් ඔන්න රොයිලි අයියට සුභ උපන් දිනයක් කියලා ප්‍රාර්ථනා කරන ගමන්ම ඔයාගේ අම්මාට නිරෝගී දීර්ඝායු ජීවිතයක් ප්‍රාර්ථනා කරනවා… ඒ එක්කම ඉකිමනට ලේලි පොඩ්ඩ කැන්දාගෙන එන්නත් වාසනාව ලැබේවා කියලත් ප්‍රාර්ථනා කරනවා..

  3. September 16, 2010 at 5:13 am

    මෙන්න එහෙනම් මගෙනුත් උණුසුම් සුභ පැතුම්… (වැඩිය මුකුත් නොලිව්වට මුකුත් හිතන්න එපා, උඹ දන්නවනෙ ඉතින් මම වැඩට ගියහම නිදහසක් නැහැයි කියල.🙂 )

  4. September 16, 2010 at 5:22 am

    ඔබේ මවගේ සියලු කැපකිරීම් ඈ බලාපොරොත්තු වූවාටත් වඩා හොඳින් පලදාරා ඇති බව මේ ඇසට කඳුලු නංවන සටහනින්ම පෙනේ…
    තවත් එබඳුම සංවේදී දරුවන් මේ ලොවට දායාද කරන්නට ඔබට වරම් ඉක්මනින්ම ලැබේවායි හදවතින්ම ප්‍රර්ථනා කරමි සොයුර…
    සුභ උපන්දිනක්…!

  5. September 16, 2010 at 5:40 am

    සුබ උපන්දිනක් රොයිලි අය්යා !!

    ඇත්ත රොයිලි අය්යගේ කතාවට 100% එකග වෙනවා !එහෙම නම් අයියාගේ අම්මට නිරොගි 120ට 220ක් ආයුබො වේවා!

  6. September 16, 2010 at 5:50 am

    මචං , උඹට දැනෙන කාන්සිය කොච්චරද කියල හොඳටම තේරෙනව ලිපිය කියවනකොට.. ගොඩක්ම සංවේදීව හිතට දැනුනා මචං.. ගෙදරින් දුරස් වෙලා තනියෙං ඉන්න එකේ පාළුව මොකද්ද කියල මම හොඳට දන්නවා. කොහොම උනත් උඹ ලිපියෙ අන්තිමට දාල තියෙන පේලි කීපය දැක්කාම නං අම්මටත් සතුටක් දැනෙයි. අහිංසක අපිත් කේක් කෑල්ලක් කන්න කැමති නැතුව ම නෙමෙයි නෙ.

    කොහොමත් උඹේ පාළුව කාන්සිය තනිකම එක්ක අම්මට දැනෙන ආදරෙත් ඈ ලඟ නැති අඩුවත් උඹේ හිතට ශක්තියක් ම කරගනින් ඈගේ බලාපොරොත්තු සියල්ලම සපුරාලන්න …
    ඉතින් මගේ මිත්‍රයා – උඹට උපන්දිනේ වෙනුවෙන් ඒ ශක්තිය ප්‍රාර්ථනා කරන්නම්..
    සුබ උපන්දිනයක් වේවා !

    -ජය

  7. Chejana
    September 16, 2010 at 6:23 am

    සැමරීමක් නැති උපන්දිනේක දුක මාත් හොඳට ම දන්නව… ජීවිතේ තිබුණ සැමරීමක් නැති එක ම උපන්දිනේ මගේ ආදරණීය ම යෙහෙළිය ඇගෙ සෙනෙහසින් ඒක අමතක ම නොවෙන එකක් කළත්…ඒ දුක ආයෙ විඳගන්න අකමැති නිසාම ඊළඟ අවුරුද්දේ උපන්දිනේට ගෙදර යන්න පුළුවන් විදියට නිවාඩුව ප්ලෑන් කරන්න තරම් ම අම්මා ළඟ නැති උපන්දිනේ හිත රිද්දෙවා…

    ඒ නිසා ඔයාගෙ හිතට දැනෙන හැම හැඟීම තේරුම් අරගෙන ඔයාට සුබම සුබ උපන්දිනයක් වේවා කියන්නම්..!!

  8. September 16, 2010 at 7:37 am

    කියවගෙන යද්දි කඳුළු ඉනුවා.. මොනවා ලියන්නද හිතා ගන්න බැරි වුනා… තාමත් හිතා ගන්න බෑ..කොහොම නමුත් ඔය හිතේ තියෙන සුන්දර බලාපොරොත්තු සියල්ල සාර්ථක වේවා!

  9. Ansh Lucky Sri Jay
    September 16, 2010 at 8:57 am

    සුභ උපන්දිනයක් රොයිලි..🙂
    සියලුම බලාපොරොත්තු ඉටු වේවා..!

  10. September 16, 2010 at 9:30 am

    කොයි වෙලෙත් හිනා වෙලා සතුටින් ඉන්න පුංචි සහෝදරය මෙහෙම ලීවම අක්කට දුක හිතෙනව කියල දන්නෙ නැතෙයි….

    කාගේත් උපන් දින වලට කවි ලියල සුබ පතන මට උඹ වෙනුවෙන් කවියක් ගලපගන්න බැහැ මල්ලියේ…

    සුබම සුබ උපන් දිනයක් කියල විතරක් දැනට කියන්නම්…

  11. September 16, 2010 at 9:48 am

    හරිම සංවේදී සටහන මල්ලියෝ . . ඇස් දෙකට කඳුලු උනන තරම් . .

    උඹට සුභ උපන් දිනයක් පතන ගමන් උඹේ දයාබර අම්මාටහ් සතුට සැපත ප්‍රාර්ථනා කරන්නම් . . .

    සියළු බලාපොරොත්තු ඉටුවේවා . ..

  12. September 16, 2010 at 9:59 am

    අපි හැම දෙනෙක්ගෙම අම්මා වරුන්ගෙ කතාව ඔය වගේ තමයි මචන්. අම්මා කියන වචනය අපිට සදාරනව අර්ථකතනය කරන්න බැරි අන්න ඒකයි. මොනා උනත් මේ පාර උපන්දිනේට ඔබත් එකා අපි ඉන්නවා

  13. September 16, 2010 at 10:02 am

    කියවගෙන යද්දි මොකද්දෝ අමුතු හැගීමක් (දුකමත් නෙමයි) හිතට දැනුනා. ඒච්චර දුක් විදලා උඹව ඔය තත්වෙට ගෙනාව අම්මට ඇත්තටම ආඩම්බර වෙන්න පුලුවන් එයාට මුලු හදවතින්ම ආදරේ කරන ලොකු පුතෙක් ඉන්න එක ගැන.

    සුබ උපන්දිනයක් මිත්‍රයා..

  14. September 16, 2010 at 10:20 am

    සුභ උපංදිනයක් ලොකු අයියෙ….!!

    අම්මා ලග නැතිව දවසක් ඉන්න එකත් මට නම් හරිම අමාරු වැඩක්… අනේ මන්දා.. මම දන්නැ

  15. Dean Fernandez
    September 16, 2010 at 10:26 am

    ohhh… You are a great person Bro!! මාත් අම්මට ආදරෙයි.. ඔයාට හිතුන දේම මටත් හිතිලා තියෙනවා සහෝ… අනවශ්‍ය වියදම් වලට මාත් අනන්ත්අරයක් අම්මගෙන් සල්ලි ඉල්ලලා කරදර කරලා තියනවා..ඒත් ඒවා අපිට තේරෙනකොට පරක්කු වැඩියි.😦

  16. September 16, 2010 at 10:52 am

    suba weawaa lokka!

  17. September 16, 2010 at 12:02 pm

    තමන්ගේ උපන් දිනේ උනාට මොකද, ලිපිය ලියල තියෙන්නේ තමන් ගැන නෙමේ. උපන් දිනය දවසෙ, වැදගත් දෙයක් තමයි කරල තියෙන්නේ. කතාව ඔයගේ වුනාට මොකද සහෝ, හැමෝගෙම ජීවිත වල පොදු සාධකය තමයි ඔය. සංවේදීව ගලා ගෙන යන ලිපිය, ඉවර වෙන්නේ සතුටුදායක විදියට. ඒ සතුට දිගටම පවතින්න කියලා, මේ උපන් දිනය දවසෙ අපි හැමෝම ප්‍රාර්ථනා කරනවා.🙂

  18. September 16, 2010 at 12:41 pm

    රොයිලි මලේ ……………. සුභ උපන් දිනයක් වේවා ….

    hemantha samarakoon.

  19. September 16, 2010 at 1:54 pm

    ඔබට සුභ උපන්දිනයක් වේවා!!! ඒ වගේම අම්මගේත් ඔබේ හිතේත් තියන හිතුම් පැතුම් එලෙසින්ම ඉෂ්ඨ වේවා..

  20. September 16, 2010 at 2:08 pm

    ඔයා වගේ යහළුවෙක් සිටින එක ගැන මම සතුටුවෙනවා රොයිලි අයියේ, ඔයාට සුබ උපන් දිනයක්! ඔයාගෙ, අම්මගෙ, හැමෝගෙම අනාගතයේ සියලුම පැතුම් ඉටුවේවා කියලා මම ප්‍රාර්ථනා කරනවා!🙂

  21. September 16, 2010 at 2:39 pm

    ඉස්සෙලම උබට සුබ උපන් දිනයක්..

    දෙවැනුව.. උබ කියන දේ හොඳින්ම දැනෙනවා.. මමත් දුර රටක තනි වෙලා. ඒ කාලේ අපි ඒ මිනිසුන්ගෙ ආදරය තේරුම් ගත්තෙ නැතුව මොන තරම් හිත් රිදවන්න ඇත්ද… ඇසට කඳුලු ඉනුවා…. ඇයිද මන්ද….

  22. Vidya
    September 16, 2010 at 3:11 pm

    Suba upandinayak saho

  23. Chanaka
    September 16, 2010 at 4:03 pm

    ඔයාට සුභ උපන්දිනයක් අයියේ!!!!!!!!!
    ඔයා හැමදාම අපිට අලුත් බයිස්කෝප් එකක් දෙන්න උත්සහ කරනවාට ඔයාට ගොඩක් පින්.
    උපන් දිනය කියන එකට ඔයා අලුතින් එක්කරපු මේ සංකල්පනාව හරි වටිනවා.
    ඔයාගේ අම්මත් අද සතුටු වෙනවා ඇති එයා ගැන ඔයා ලියලා තියෙන එක දැක්කම
    මොකද අම්මා තරම් අපි ගැන හිතන කවුරැත් නැති නිසා…

    ඔයාගේ ඉදිරි කටයුකු සියල්ල සාර්ථක කර ගන්න ශක්තිය ඔයාට ලැබේවා!!!!!!!!!!

  24. September 16, 2010 at 4:42 pm

    අනේ මන්දා, මට මොනව ලියන්නද කියල තේරෙන්නේ නෑ.රොයිලි අයියේ තරහ වෙන්න එපා, කොමෙන්ටුව පොඩියි කියලා.

    මම තාම පොඩි කොල්ලා නිසා මට තාම ඕවා තේරෙන්නේ නෑ.හැබැයි ඕක කියෙව්වට පස්සේ ඕක ගැන හිතන්න පටන් ගත්තා.කොහොම උනත් අද ඔයාගෙ අම්මා ඔයා ගැන ගොඩාක් ආඩම්බර වෙනවා අති.

  25. September 16, 2010 at 8:03 pm

    මගෙනුත් සුබපැතුම් අයියේ…..
    මේක කියෙව්වම මටත් නිකං මොකක්ද වගේ, මගෙත් උපන්දිනයක් කියන්නෙ නිකම්ම නිකං දවසක් විතරයි.. සමහරු වගේ කේක් ගෙනල්ල ඉටිපන්දම් ගහල පාටි දාල… එහෙම කරන්න හිතුනෙත් නෑ කරලත් නෑ, ඒත් දෙමව්පියන්ගෙන ඈත් උනාම නම් ඒ වගේ දවසක ඒක හුඟාක් හිතට දැනෙන එක කාට උනත් පොදු දෙයක් නේද.

  26. Jeew
    September 16, 2010 at 8:05 pm

    සුභම සුභ උපන් දිනයක් රොයිලියා…
    කරන කියන වැඩ කටයුතු වගේම හිතන පතන හැම දෙයක්ම සාර්ථක වේවා… කියලා හදවතින්ම සුභ පතනවා
    ෂෙලින්ක-කටාර්

  27. Jeew
    September 16, 2010 at 8:05 pm

    ආ… කියන්ට අමතක වුණා… දුකාගෙන් තමයි දැනගත්තේ සුභ දවස ගැන…

  28. ISuru
    September 17, 2010 at 7:01 am

    Happy Birth Day…………… Machan

  29. Suren n. Semage
    September 17, 2010 at 10:34 am

    ඔයාෙග් උපන් දිෙන් සැප්. 16 කියලා දැනගත්තාම හිතට මාර සතුටක් දැනුනා. ෙමාකද ෙම් ෙකාල්ලත් ඉපදුෙන් සැප්. 16 තමයි. සුභ පතලා කෙමන්ට් ඒකක් දාන්ෙන් ෙකාෙහන්ද කියලා ඊෙය් ඉදන් බැලුවා. දැන් තමයි හම්බවුෙන්. සුභම සුභ උපන් දිනයක් ෙරායිලි අයියා. හදවතින්ම සුභ පතනවා. තව ෙදයක්, අම්මලා පුතාලට තිෙයන අාදෙෙර් ගැනයි, පුතාලා අම්මලට තිෙයන අාදෙර් ගැනයි අමුතුෙවන් කථා කරන්න ඔ්ෙන් නෑ අයිෙය්. අර කිව්වා වෙග් අාදෙර්ට බදාගන්ෙනත්, තරහ ගියාම බනින්ෙනත් අම්මට ෙන්. ලියන්න ගිෙයාත් හිෙත් තිෙයන ඔක්ෙකාම ලියතෑකි. ඒ් නිසා නවතිනවා. හැම ශක්තියක්ම ෙනාඅඩුව ලැෙබන්න ප්‍රාර්ථනා කරනවා!!!

  30. September 18, 2010 at 7:25 am

    රජුන් තැනූ අම්මා

    නොතිබුණි සඳුන් හර උන්ගේ මිටේ
    නො ලැබුණි රැකවරණ පියෙකුගේ.
    මිහි මත වැගිරුණු, – ලිපළග කරවුණු,
    දාහය
    මිල වෙද්දි අවම ලංසුවකට…
    අඩක් පිරුණු කුස පිරුණි – උන්ගේ කුස් පිරෙනු දැක.
    දියවුණු හැදි වතේ ගෙත්තම් නොපෙණුනි
    උන්ගේ ගත හැඩ වනු දැක.
    ඉවසුවෙමි ගැරහුම් – දිළිඳුකමට ලොව ගැරහූ
    පෙන්නුවෙමි මග – දැකුමට ලොව නිවැරදිව
    _ _ _
    නිමා වී ඇත. වෙහෙස කර දිගු ගමන
    සැබෑ වී ඇත. මැවූ සුබ සිහිනය
    සුන්දර ය සැදෑ විය…
    සිනාසෙමි…
    තැනූ රජුන් ලොව දිනනයුරු දැක !!

    ඔයාගෙ කථාවට මගේ කවිය හොදින් ගැලපෙනවා නේද?
    සුභ උපන් දිනයක් ! (සුභ පතන්න පමා වුනාට කනගාටුයි)

  31. sansarasidu
    September 19, 2010 at 3:41 pm

    සුබ සුබ උපන්දිනයක් සහෝ…
    මේ සුබ පැතුම උපන්දිනය දවසටම Back Date කරගන්න හොඳේ…

    දුකා අයියෙගේ අඩවිය හරහා තමයි දැන ගත්තේ….

  1. No trackbacks yet.

Leave a Reply

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

You are commenting using your WordPress.com account. Log Out / Change )

Twitter picture

You are commenting using your Twitter account. Log Out / Change )

Facebook photo

You are commenting using your Facebook account. Log Out / Change )

Google+ photo

You are commenting using your Google+ account. Log Out / Change )

Connecting to %s

%d bloggers like this: