ඇය


මා ඇයට ආදරයෙන් කතා කල වාරගණනට වඩා බැණ අඬගසපු වාර ගණන වැඩිය. ඇයට කිසියම් දෙයකට මාව අවශ්‍ය වූවත් ඒ හැමවිටම ඒ එම වැඩය අවසන් කලයුතු මොහොත ඉතාමත්ම ආසන්න මොහොතක් වන නිසාම මා ඉතාම කෝපයෙන් යුතුව ඒ වැඩය කර දුන්නත් ඒ කෝපයෙන් නොව මීට වඩා උනන්දු කිරීමට අවශ්‍ය වූ නිසා බව ඔබට සමහර විට වැටහෙන්නට නැත. මට යම් වැඩකට ඇයව අවශ්‍ය විටෙක ඇය මා හට ඒ වැඩය කරදෙන විට, මා කෝපවී කෑ ගැසූ අවස්ථා මතක් වී නිහඬව පසුතැවිලි වුනෙමි.

අද ඔබයි මායි සිටින්නේ ඉතා ඈතකය. පෙරදාටත් වඩා ඔබගේ අඩුව මට අද දැනේ. ඒත් කවදා හෝ ඔබ මා හැර යන දිනෙක විඳින්නට සිදුවෙන දුක අඩුකරගන්නට මේ ඈත් වීම මට උදව් වේ යැයි මා සිතා සැනසුනත් සමහර විටෙක එදාට මට ඔබ ලඟින් ඉන්නට තිබූ දින වලදීද මා ඈත් වූ එක ගැන මට වේදනාවක් දැනෙනු ඇත.

අයියලා, මල්ලිලා, අක්කලා මට නැත. මට ඒ හැම දෙනා වෙනුවටම ඉන්නේ එකම එක නැගණියෙකි. ඒ ඔබය. ඔබ වැනි නැගණියක් ලබන්නට මා වාසනාවන්ත විය යුතුය.

ඔබට සුබම සුබ උපන්දිනයක් වේවා දයාබර නැගණියේ !!!!!!

ඈත් වී සිටීම දුකක් වුවත් ඔබව හා අම්මාව බලන්නට නැවත එන දිනය ගැන දෑස් දල්වා බලා සිටින්නෙමි.

  1. December 16, 2010 at 4:24 am

    ඔන්න අයියත් එක්ක එකතු වෙලා මාත් නංගිට සුබ උපන්දිනයක් කියලා ප්‍රාර්ථනා කරනවා..!!!

  2. December 16, 2010 at 10:11 am

    මගෙනුත් නංගිට සුභ පැතුම්…🙂

  3. December 16, 2010 at 2:41 pm

    නංගි මගෙත් යාලුව ….. ඒත් මම දැක්කෙ නැහැ නෙ එයාගේ උපන් දිනේ …හ්ම්….

    කොහොම වුනත් ” සුබ උපන් දිනයක්” කියල පතනවා …………

  4. Elisha
    December 18, 2010 at 12:58 pm

    Aiye I have no words to express my feelings.Thank You so much aiye
    Thnk you all of you those who wish me

  1. No trackbacks yet.

Leave a Reply

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

You are commenting using your WordPress.com account. Log Out / Change )

Twitter picture

You are commenting using your Twitter account. Log Out / Change )

Facebook photo

You are commenting using your Facebook account. Log Out / Change )

Google+ photo

You are commenting using your Google+ account. Log Out / Change )

Connecting to %s

%d bloggers like this: