ආදරය




තනිවී සිටින යහළුවන්ට…….

ආදරයත් හරියට සමනළයෙක් වගේ…

ඔබ එය ලුහුබඳින තරමට… එය ඔබෙන් පලා යයි….

නමුත් ඔබ ආදරයට යන්නට දුන්නොත්… ඔබ බලාපොරොත්තු නොවන විටක ඔබ කරා ළං වේවි….

ආදරය ඔබට සතුටක් ලඟා කර දෙයි…එහෙත් විටක රිදවයි…

ආදරය විශේෂ වන්නෙ ඔබගේ ආදරය තේරුම් ගත්, ආදරයට ආදරය කරන අයෙකුට එය ලබා දුන් විට පමණි.


ආදරය කරන / ලබන යහළුවන්ට….

ආදරය යනු තවත් කෙනෙකුගේ “පරිපූර්ණ කෙනා” වීම නොව ඔබ හොඳම කෙනා වීම සඳහා උදව් වෙන කෙනෙකු සොයා ගැනීමයි…


විවාහ ගිවිස ගත් යහළුවන්ට…

දෙදෙනා ගැලපීමේ නියම මිම්ම ඔබ එකට ගත කල අවුරුදු ගණන නොව ඔබ අනිකාව කෙතරම් තේරුම් ගන්නවාද යන්නයි.


විවාහ වූ යහළුවන්ට….

ආදරය යනු

“ඒක ඔබගේ වැරද්ද” කියා වැරැද්ද අනිකාට පැටවීම නොව “මට සමාවෙන්න” කියා තම වරද පිළිගැනීමයි.

“ඔයා කොහෙද” කියා ඇසීම නොව ඔබ අනිකා වෙනුවෙන් එතන සිටීමයි.

“කාගෙන් අහලද එහෙම කළේ” කියා ඇසීම නොව හේතුව තේරුම් ගැනීමයි.

“ඔයා අරයා වගේ වුනානම්” නොව “ඔබ ගැන මම සතුටු වෙනවා” කියා කිවීමයි.


හදවත් බිඳුනු යහළුවන්ට….

බිඳුනු හදවත ඔබට අවශ්‍ය තරම් කාලයක් රඳවාගත හැක.

ඔබ යාමට ඉඩ දෙන තරම් ගැඹුරට කිමිදෙනු ඇත.

අභියෝගය වන්නේ ඔබ එයින් මිදෙන හැටි නොව එයින් පාඩමක් ඉගෙනීමයි.

~ලැබුණු විද්‍යුත් ලිපියක පරිවර්තනයකි~

  1. Umesh
    January 10, 2011 at 4:50 pm

    කවදත් වගේ සුපිරි ලිපියක්..

  2. January 10, 2011 at 6:02 pm

    කෙටියි …ඒත් අර්ථාන්විතයි… මගේ කැටගරි එකේ ටික මතක තියා ගත්ත…ස්තූතියි රොයිලි …

  3. January 10, 2011 at 6:31 pm

    අපූරුයි මිත්‍රයා. හිතන්න දෙයක් කියලා තියනවා…

  4. January 10, 2011 at 7:09 pm

    හොඳ වෙලාවට අපේ හාමිනේ මේ දවස්වල බ්ලොග් කියවන්නැත්තෙ.. නැත්තං මටත් ඔය කියන එව්ව කොරන්ඩ වෙනව…

    අපූරු ලිපියක් මිත්‍රයා. ස්තූතී අපිත් එක්ක බෙදාගත්තට

    -ජය

  5. January 11, 2011 at 4:22 am

    ෂැක්………… මරු නේ…………….🙂

    ජය වේවා…!!

  6. January 13, 2011 at 8:15 am

    සුපිරි….🙂

  7. February 5, 2011 at 3:04 pm

    ෆට්ට බං

  8. Lilanka Ravinath
    April 23, 2011 at 9:56 am

    කිමට ඇත්තේ මගේ වචන වලින් : ගින්දරය

  9. iud
    April 25, 2011 at 3:45 am

    ඇත්ත මචං

  1. No trackbacks yet.

Leave a Reply

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

You are commenting using your WordPress.com account. Log Out / Change )

Twitter picture

You are commenting using your Twitter account. Log Out / Change )

Facebook photo

You are commenting using your Facebook account. Log Out / Change )

Google+ photo

You are commenting using your Google+ account. Log Out / Change )

Connecting to %s

%d bloggers like this: