ශතවර්ෂයකට එහා ශ්‍රී ලංකාවේ ඡායාරූප බලමුද?


ඇත්තටම මම මේ පෝස්ට් එකට දාන්න ලෑස්ති වුනේ මට ලැබුණු විද්‍යුත් ලිපියක තිබුනු මීට අවුරුදු 150 කට විතර පෙර ඡායාරූපගත කෙරුණු ඡායාරූප වගයක්. ඒවල තිබුණේ කොළඹ-නුවර දුම්රිය මාර්ගය ඉදිකෙරුණු 1960 කාලයේ දර්ශණ. ඒත් ඒ එක්කම මම ඒ ඡායාරූප වල දැකපු watermark එකේ තිබ්බ අඩවියට ගිහින් බැලුවහම ඒකේ සෑහෙන ඡායාරූප තියෙන වටින වෙබ් අඩවියක් බව තේරුණා. මට ලැබුණු විද්‍යුත් ලිපියේ තිබුනේ දුම්රිය මාර්ගය ගැන පමණක් වුනත් මේ අඩවියේ විවිධ වර්ග වල ඡායාරූප විශාල ප්‍රමාණයක් තිබෙන බව තේරුණු නිසාම අර ඡායාරූප දාන එක නවත්වලා ඒ අඩවිය ගැන ඔයාලට කියන්න හිතුනා. සමහරවිට ඔයාලා දන්නවත් ඇති. ඒත් නොදන්න අය වෙනුවෙන් තමයි මේ පෝස්ට් එක වෙන් වෙන්නෙ.

වැඩි කතා අවශ්‍ය නෑ. මේ තියෙන්නෙ ඒ අඩවිය. ඔයාලත් ගිහින් බලන්නකෝ. පහල තියෙන ඡායාරූපය උඩ Click කලාම ඔයාලට ඒ අඩවියට යන්න පුළුවන්. ඉතිහාසයට, පැරණි ඡායාරූප වලට ආස අයට නම් ගොඩක් වැදගත් වේවි මේ අඩවිය. 🙂

තවත් අඩවියක් ගැන මේ එක්කම කියන්නම්, ශ්‍රී ලංකාවේ දුම්රිය ඉතිහාසය ගැන උනන්දු අයට මෙන්න මේ අඩවියෙන් හොද දැනුවත් වීමක් ලබාගන්න පුළුවන්.

Images of Sri Lanka - Historic Photographs of Sri Lanka

Pothuhera Railway Station, Kurunegala, Ceylon 1890's

@RoylyFdo

  1. April 13, 2011 at 1:40 pm

    කලකින් ලිපියක්. ඒකත් රසවත්… මා ළඟත් තියනව පරණ පින්තූර ගොඩක් තියන සඟරාවක්.. ස්කෑන් කර ගන්න විදිහක් නැතිවයි ඉන්නේ..

    බලමු මේ අඩවියට ගිහින් ..

    ස්තූතියි රෝ………..

    සුබම සුබ අලුත් අවුරුද්දකුත් ප්‍රාර්ථනා කරන්නම්….

    • රොයිලි ප්‍රනාන්දු
      April 18, 2011 at 10:37 pm

      සුබම සුබ අලුත් අවුරුද්දක් වේවා!!! සමාවෙන්න උත්‍තර දෙන්න පරක්කු වුනාට 😀

  2. Saman Rathnayake
    April 13, 2011 at 2:50 pm

    This is the Original site. You can see more than 1,000 photoes from here
    http://imagesofceylon.com/
    http://imagesofceylon.com/ioc-indexpage.html

    • රොයිලි ප්‍රනාන්දු
      April 18, 2011 at 10:37 pm

      ස්තූතියි සමන් අයියා. 😀

  3. April 18, 2011 at 12:26 pm

    මැක්සා…

    • රොයිලි ප්‍රනාන්දු
      April 18, 2011 at 10:37 pm

      ස්තූතියි මචෝ 😀

  4. April 18, 2011 at 4:40 pm

    ශා…. මේ පින්තුරු ටික නම් නියමයි! සමන්ගෙ ලින්ක් එකෙත් නියම පින්තුරු ටිකක් තියෙනවා. පුරාවිද්‍යාඥයෝ කොච්චර මහන්සි වෙන්නැද්ද අද අපි දකින පුරාන නගර නැවත ගොඩනගන්න.

    • රොයිලි ප්‍රනාන්දු
      April 18, 2011 at 10:39 pm

      බොහොමත්ම ස්තූතියි මචෝ කමෙන්ට් එකට. සිරාවටම දකිද්දි හිතෙනවා ඒ කාලේ මිනිස්සුන්ගේ ජීවිතය කොහොම ගෙවෙන්න ඇතිද කියලත්. 😀

  5. April 18, 2011 at 6:13 pm

    නියමයි රෝ……
    ඔයාගෙ ඔත්තුව නිසා සහ සමන්ගෙ කමෙන්ටුව නිසා මට නම් මහා නිධානයක් හම්බවුනා.
    ස්තුතියි.

    • රොයිලි ප්‍රනාන්දු
      April 18, 2011 at 10:41 pm

      සිරාවටම මටත් එහෙම හිතුනා. ඔච්චරම පරණ නොවුනත් අර 1950 ගණන් කාලෙ ගහපු වීඩියෝ එකකුත් තිබුනා. ඒකත් බලද්දි ආසාවේ බෑ.. 😀 ස්තූතියි මචෝ කමෙන්ට් එකට. කාලෙකින් ඔයාගෙන් පොස්ට් එකක් දැක්කෙත් නෑ…..

  6. April 27, 2011 at 3:37 pm

    පොතුහැර දුම් රිය ස්ථානයේ ඔය තිබෙන ප්‍රධාන ගොඩනැගිල්ල අදටත් ඉතාමත් හොඳින් තිබෙනව. බිත්ති වල නැවත නැවතත් හුණු ආලේප කර ඇති නිසා බිත්ති කපරාරු කර ඇති බවක් දැන් බැලූ බැල්මට පෙනෙනව, නමුත් මේ බිත්ති කිසි දාක කපරාරු කර නෑ. අදටත් වැස්සකදී එකදු දිය බිඳක් වත් වහලයෙන් කාන්දු වෙන්නෙ නෑ. වහලය, උලුඅහු, ජනෙල් දැව ආරුක්කු මේ දැන් සවි කලා මෙන් හොඳම තත්වයෙන් තියෙනව. වර්ථමානයේ මේ ප්‍රධාන ගොඩනැගිල්ලට ඉදිරියෙන් අළුතෙන් පියස්සක් එකතු කරලයි තියෙන්නෙ. ඒ වගේම වේදිකාවත් මෙයිට වඩා දික් කරල තියනව.

    ඡායා රූපයේ දැක්වෙන තනි දුම් රිය මාර්ගය වෙනුවට දැන් සමාන්තර දුම් රිය මාර්ග 3ක් පවතිනව(පහලට->පොල්ගහවෙල හා ඉහලට-> කුරුණෑගල යන දුම් රිය ස්ථාන දෙක අතරේ දුම් රිය දෙකක් මාරු විය හැකි එකම දුම් රිය ස්ථානය පොතුහැර දුම් රිය ස්ථානයයි ).

    ඊට අමතරව ඈතින් පෙනෙන ගොඩනැඟිල්ල ස්ටේෂන් මාස්ටර් ගේ බංගලාව යි. අදටත් මේ අයුරින්ම දිස් වෙන මෙම බංගලාව වර්ථමාන ස්ටේෂන් මාස්ටර් විසින් භාවිතා කරයි. මෙයින් පැහැදිළි වන්නේ එකල සුද්දන් විසින් නියම ප්‍රමිතියට සැකසූ ගොඩනැගිලි සියවස් ගනනාවක් නොසැලී පවතින බවයි. අද ගොඩනගන සමහර ගොඩ නැගිලි එහි වැඩ නිමවන්නටත් පෙර අබලන් ය.

  7. January 19, 2012 at 4:12 pm

    අඩේ රොයිලි අයියාග මගේ බ්ලොග් එකේ රිෆරල් ලින්ක් එකක් දිගේ මෙතනට ආවේ. ගොඩක් ස්තූතියි අයියා 🙂

  8. April 29, 2012 at 9:18 pm

    ❤ ❤ ❤ GOOD i LIKE THIS ශතවර්ෂයකට එහා ශ්‍රී ලංකාවේ PHOTOS AND YOUR සිංහල උපසිරැසි ❤
    I LIKE MORE MORE ❤ ❤ ❤ ayya…

  1. No trackbacks yet.
Comments are closed.
%d bloggers like this: