සිංහල උපසිරැසි ශතකය.


100_Logoඅද මට විශේෂ දවසක්. ඒ තමා මේ මගේ සියවැනි සිංහල උපසිරැසිය දෙන දවස වීම. සිංහල යුනිකෝඩ් භාවිතයෙන් බ්ලොග් අවකාශයේ දීපු පළවෙනිම උපසිරැසිය දීලා අවුරුදු හතරක් කිට්ටු වෙන්න ගියපු කාලය තුළ දීපු උපසිරැසි ගාන නම් හොඳටම මදි වුණත් ක්‍රියාකාරීව හිටපු සීමිත කාලය හා සමඟ ගත්ත හම තෘප්තිමත් වෙන්න හැකියාවක් තියෙනවා. හැමදාම වගේ ස්තූතිය යන්න ඕනා කමෙන්ට් එකක් ගානේ මාව දිරිගන්වපු විවිධ ක්‍රමවලින් මට ස්තූතිය පළකරන හැමදෙනාටමයි.ඒ වගේම මාව සිංහල උපසිරැසියක් දාන්න වගේම ලිපි ලියන්න බයිස්කෝප් අඩවියට සම්බන්ධ කර ගත්තු පොතේ ගුරාටත් විශේෂ ස්තූතියක් යන්න ඕනා. එදා වගේම අදත් අතින් කයිට් කරගෙන බයිස්කෝප් අඩවිය කරගෙන යන එකටත්, හිට්ස් බලාගෙන ලිපිය එක තැනකත් උපසිරැසිය තව තැනකත් දාලා රස්තියාදු නොකරන එකටත් චිත්‍රපටි ගැන ඇරෙන්න වෙන කිසිම දෙයක් ගැන කතා නොකරන තැනක් වුණත් ලංකාවේ හොඳම අඩවි 100 ඇතුළෙත් රඳවාගන්න සමත්වීම ගැනත් පොතේගුරාට මෙන්ම සහෝදර ඇඩ්මින්වරුන්ටත් ස්තූති කරන්න කැමතියි. ඒ වගේම ලෝකෙට පේන්න බොරු පම්පෝරි නැතුව සහයෝගයෙන් උපසිරැසි දාන කන්ඩායමක් එක්ක වැඩ කරන්න ලැබීම ගැනත් මම අතීශයින්ම තෘප්තිමත්.

ඒ වගේම මේ සිංහල උපසිරැසි 100 ඇතුළේ තියෙන්නේ මම 50% ක් හෝ ඊට වඩා වැඩි දායකත්වයක් දැක්වූ ඒවා පමණයි. නැත්තම් මම 100 පහුකරලා සෑහෙන කල්.😛 මොකද මම හිතනවා උපසිරැසියක් මම කළා කියලා මගේ ගොඩට ගන්න නම් මම දහ පහළොස් දෙනෙක් ව එකතු කරගෙන ඒකේ පේළි 200-300 ක් කරලා ඒක මගේ උපසිරැසියක් කියාගන්න එක මම මටම කරගන්න බොරුවක් කියලා. මොකද දන්න අය දන්නවා උපසිරැසියක් කරගන්න පටන් ගත්තට ඒක ඉවර කරගන්න වෙලාව නැතිකොට පොඩි සප් එකක් දෙන්න කිව්වහම මම හැකියාවක් තිබ්බ වෙලාවක බෑ කියලා නෑ කියලා. හැබැයි අර ලයින් 200 කට මම මමත් උපසිරැසියක් කළා කියලනම් කියන්නෙ නෑ. ඉතින් එහෙම කරපු චිත්‍රපට මොනාද කියලා මෙතනින් හා රූපවාහිනී කතාංග මෙතනින් බලාගන්න පුළුවන්.

හොඳයි මම 100 වැනි උපසිරැසියට තෝරගත්තේ ස්ටීවන් ස්පිල්බර්ග් කියන දක්ෂ අධ්‍යක්ෂක වරයා විසින් අධ්‍යක්ෂණය කරනු ලැබූ මේ චිත්‍රපටයෙන් කියවෙන්නේ එබ්‍රහම් ලින්කන් කියන අපි කවුරුත් අහලා තියෙන ඇමරිකානු ජනාධිපතිවරයාගේ අවසාන මාස හතරයි. පිටු ගාණක් පුරා ලියවිය හැකි චරිතයක් වෙච්ච ඒබ්‍රහම් ලින්කන් ජනාධිපතිවරයාගේ මෙතෙක් නොදැක්පු පැත්තක් මේ චිත්‍රපටයෙන් කියවෙනවා කිව්වොත් නිවැරදියි. ඒතමා ඔහු වහල් සේවය අවසන් කිරීම වෙනුවෙන් ගෙන ආපු දහතුන් වෙනි සංශෝධනය අනුමත කර ගැනීමට දරණ දේශපාලනමය උත්සාහය. ඒක ඔහුගේ චරිතය තරම් පිරිසිඳු උත්සහයක් නම් වුණේ නෑ. පහළ සෙනට් මණ්ඩලයෙන් අනුමත් වුණත් මන්ත්‍රණ සභාවෙන් අනුමැතිය ගැනීම පළමුවර ප්‍රතික්ෂේප වුණාට පසුව ඔහු එය අනුමත කර ගැනීමට දරණ උත්සහය තමා මෙයින් වැඩිපුර අවධානය යොමු වෙන කාරණය වන්නේ. එහෙ ඉතින් මෙහෙ වගේ විධායක බලය පාවිච්චි කරනවා අඩුයි නොවැ.

චිත්‍රපටය කොයිතරම් සුපිරිද කියලා මම කියන්න කොහොමත් අවශ්‍ය වෙන එකක් නෑ. මොකද ඒක මේ වෙද්දි ඉදිරියේ පැවැත්වෙන ඔස්කාර් සම්මාන 12 කට නිර්දේශවීම් ලබලා තියෙනවා. අපි එතකොට බලමු මේ චිත්‍රපටය කොපමණ සම්මාන සංඛ්‍යාවක් දිනාගනීද කියලා. ඊට අමතරව මේ වෙනකොට පහුගිය දා තිබ්බ Golden Globe සම්මාන උළෙලේදී හොදම නළුවා සම්මානයත් සමඟ සම්මාන 15 ක් ලබා තවත් නිර්දේශ වීම් 59ක් ලැබූ චිත්‍රපටියක්.

අවසාන වශයෙන් හැමෝටම කෙමෙන්ට් වලින් පිළිතුරු දෙන්න නොලැබීම ගැන සමාව ඉල්ලනවා. ඒ වගේම හැකි සෑම විටම හැම විද්‍යුත් ලිපියකටම ප්‍රතිචාර දක්වන්න උත්සාහ ගන්නවා. ඒ වගේම බයිස්කෝප් අඩවියේ හැම ලිපියකටම මම කමෙන්ට් එකක් අනිවා දානවා. හැබැයි ඒක දාද්දි සෑහෙන්න පරක්කු වෙලා ඇති. ඒ වුණත් අනිවා මම හැමෝටම කමෙන්ට් එකක් නම් දානවා

  1. marayagehorawa
    January 21, 2013 at 4:44 pm

    සුභ පැතුම් රොයිලියා… උඹලට පින් සිද්ධ වෙන්න අපිත් හරි හමන් චිත්තර පටි කෑල්ලක් බලා ගන්නවා…

  2. රොහාන්
    January 21, 2013 at 7:17 pm

    100 වෙනි උපසිරසිය කරන්න ලැබුණු එක ගැන හදවතින්ම සුභ පතනවා. චිත්‍රපටි 100 සම්පුර්ණ කළා වගේ TV Series වලින්ද ඒ තැනට එන්න ශක්තිය ලැබේවා!!!
    විවේකයක් තියන වේලාවකට මටත් සිංහල සබ් කරන විදිහ කියලා දෙන්න මමත් කැමතියි සබ් එකක් කරන්න.

  1. No trackbacks yet.

Leave a Reply

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

You are commenting using your WordPress.com account. Log Out / Change )

Twitter picture

You are commenting using your Twitter account. Log Out / Change )

Facebook photo

You are commenting using your Facebook account. Log Out / Change )

Google+ photo

You are commenting using your Google+ account. Log Out / Change )

Connecting to %s

%d bloggers like this: