කැරට් කේක් හදමු……..


carrot cake
කට්ටිය බලනවා ඇති මොකෝ මේ උපසිරැසි ගැන පෝස්ට් දාපු රොයිලි ඉවුම් පිහුම් ගැන පෝස්ට් දාන්න අරන් තියෙන්නේ මොන හේතුවක් හින්දද කියලා. 😛 😛

කවුරුවත් නොදන්නව වුණාට මමත් ඔය ඉඳලා හිටලා හදන්න ලේසි කෑම ජාති එහෙම හදනවා. හදනවා විතරක් නෙවෙයි මූණූ පොතේ එහෙමත් දාලා තියෙනවා. ඒත් ඉතින් අද හිතුනා ඔන්න ඔහේ එහෙම හදපු, හිතුවට වඩා බොහොම රස වෙච්ච එක කේක් එකක් හදන හැටි ගැන පෝස්ට් එකක් දැම්මනම් හොඳයි කියලා. මම මුලින්ම මේක හදන හැටි දැනගත්තෙනම් මෙතනින්. මේ තියෙන්නේ මම හදපු හැටි.

මෙන්න මේවා තමා ඕනාවෙන දේවල්.

  • බිත්තර තුනයි
  • සීනී 300 g
  • පිටි 300 g
  • කැරට් 400 g
  • එලවළු තෙල් 200 ml
  • බේකින් පවුඩර් 16 g
  • ලුණු ස්වල්පයක් හා අයිසින් ෂුගර්.

මුලින්ම කැරට් හොඳට සුද්ධ කරලා සිහින් වෙන්න ගාගන්න ඕනා. කැමති නම් බ්ලෙන්ඩරයකට දාලා ගත්තත් අවුලක් නෑ. ඒක පැත්තකින් තියාගන්න.
grated carrot

ඊලඟට බිත්තර තුන කඩලා දාලා ඒක ගහගෙන ඒකටම සීනීයි තෙලුයි දාලා හොඳට මිශ්‍රකර ගන්න ඕනා.
wpid-20130707_0923380.jpg

ඊට පිටි හා බේකින් පවුඩර් එකට කලවං කරගෙන ඒකත් මේ මිශ්‍රණයටම එක් කර හොඳින් මිශ්‍රකර ගන්න.

ඊට පස්සේ මේකටම අර කලින් ගා ගත්තු කැරට් ද එකතු කරලා හොඳට කලවං කර ගන්න.
wpid-20130707_093804.jpg

ඊට පස්සේ බටර් ගාගෙන් පිටි තවරාගත් තැටියකට මේ මිශ්‍රණය දාගෙන 180 °C උෂ්ණත්වයක විනාඩි 30ක් පමණ පුළුස්සා ගන්න. ඒක නිවිච්චහම උඩින් අයිසිං ෂුගර් ඉහාගන්න.

wpid-20130707_105053.jpg

දැන් ඉතින් කන එක තමා තියෙන්නේ. මම මුලින් හිතාගෙන උන්නට වඩා ඇත්තටම රහයි. බොරුනම් හදලා බලන්නකෝ.

wpid-20130707_151540.jpg

උඩම තියෙන පිංතූරේ ගත්තෙ මෙතනින්.

  1. නුවා
    July 14, 2013 at 11:47 am

    එල එල. 👍
    ඔහොම්මම එහෙනම් එදිනෙදා එලවලු මාලුපිණි හදන හැටිත් දාමුකෝ. 😄😁

  2. marayagehorawa
    July 14, 2013 at 12:35 pm

    වෙලාවක කරලා බලන්න ඕන.. ඇත්තම කිව්වොත් දැන් කැරට් ගේන්න යන්න කම්මැලියි.. නැත්තං දැන්ම හදලා බලනවා…

  3. July 14, 2013 at 2:45 pm

    නියමයි රොයිලි අයියේ.. ට්‍රයි එකක් දීල බලන්න ඕනෙ..

  4. July 14, 2013 at 8:16 pm

    අයියගේ උපසිරැස වගේම කේක් එකත් රසවත් වෙයි… 🙂

  1. No trackbacks yet.
Comments are closed.