Archive

Posts Tagged ‘softwear’

ටොරන්ට් එකක අවශ්‍ය ගොණුව පමණක් තෝරාගෙන බාගත කර ගැනීම.


uTorrent Logo

සමහර රූපවාහිනී කතාංග අඩංගු ටොරන්ට් මෙන්ම විවිධ චිත්‍රපට අඩංගු ටොරන්ට් වල තියෙන අදාළ නොවන ෆයිල් මඟ හැර අවශ්‍ය කොටස් පමණක් බාගත කරගැනීමට පොඩි මඟ පෙන්වීමක් කරන්නයි මම මේ ලෑස්ති වෙන්නේ. මා භාවිතා කරන්නේ µTorrent හී 3.2.3 සංස්කරණයයි.

මෙම තේරීම සිදුකිරීමට ආකාර දෙකක් පවතින අතර ඒවානම් ටොරන්ට් එක එකතු කිරීමට පෙර තේරීම සිදුකිරීම හෝ එකතු කළාට පසු තේරීම සිදුකිරීම වේ.

Read more…

To get the best viewing experience for my Sinhala Subtitles


සෑහෙන කාලෙකට පස්සෙ බ්ලොග් එකට පොස්ට් එකක් දානවා. 😛 දැන් ඉස්සර වගේම නිතරම online එන්න වෙන්නෙ නැති නිසා කමෙන්ට් වලටවත් පිළිතුරු දෙන්න බැරිවුනා. ඒකටත් මුලින්ම සමාව ඉල්ලනවා.

Read more…

එන්න Tweet කරන්න ඉගෙන ගන්න.


මේ කාලේ ගොඩක් අය social networking අඩවි පැත්තෙ ගැවෙසෙන එක රහසක් නෙවෙයිනේ. අන්තර්ජාලයේ ඉන්න හැමෝටම වගේ Facebook account එකක් තියෙනවා. ඒත් මම දැකපු එක දෙයක් තමා ලෝකයේ ජනප්‍රිය සමාජ ජාල අඩවියක් වෙන Twitter භාවිතා කරන අය ටිකක් අඩුබව. කොටින්ම මම වුනත් කාලයක් twitter ගිණුමක් හදාගෙන පාවිච්චි නොකර කාලයක් උන්නා. ඒත් දැන්නම් මම වැඩිපුරම ගැවසෙන්නෙ Twitter එකේ කිව්වොත් නිවැරදියි. ඉතින් මම හිතුවා twitter command ගැන පෝස්ට් එකක් ලිව්වොත් නොදන්න අයට වැදගත් වෙයි කියලා. අනික කාලෙකින් මුකුත් බ්ලොග් එකේ ලිව්වෙත් නැහැනේ. 😛

Read more…

එක්වන්න අප සමග.


පරිවර්තන මැරතන් තරගය – 2010 අප්‍රේල්



ශ්‍රී ලංකාවේ පළමු වරට පරිවර්තන මැරතන් තරඟයක් 2010 අප්‍රේල් මස 27 දින රාත්‍රී 9.00 සිට 2010 අප්‍රේල් මස 28 වන දින රාත්‍රී 12.00 දක්වා පැවැත් වේ. මෙහි අරමුණ වන්නේ දැනට අතුරු මුහුණතේ පරිවර්තන කටයුතු අවසන් වූ Openoffice.org සිංහල නිකුතුවට අදාල උදව් පිටු සිංහලින් සකස් කිරීමයි.


Openoffice.org සිංහල නිකුතුව සඳහා වචන 96,000 කට වඩා වැඩි ප්‍රමාණයක් සිංහලට හැරවීමට තිබු අතර මෙම උදව් පිටු සඳහා එමෙන් පස්ගුණයක් පමණ විශාල වූ කාර්යයක් නිම කිරීමට සිදුව ඇත.

100% නොමිලේ ලබා ගෙන Windows, GNU/Linux සහ MAC මත භාවිත කළ හැකි නිදහස් සහ විවෘත මෘදුකාංග අතරින් සුවිශේෂි මෘදුකාංගයක් වන Openoffice.org ව්‍යපෘතියට ආදරය කරන එමෙන්ම සිංහල බසින් මෘදුකාංග ප්‍රජාව අතරට යාම සඳහා දායකත්වයදීමට ලැදි ඔබ සැමට මින් ඇරයුම් කරමි.

වැඩි විස්තර මෙතනින්.

%d bloggers like this: