Home > අනවසර චිත්‍රපට, උදව්, උපසිරැසි, චිත්‍රපටි, බයිස්කෝප්, මෘදුකාංග, රිප්, සිංහලෙන් > ටොරන්ට් එකක අවශ්‍ය ගොණුව පමණක් තෝරාගෙන බාගත කර ගැනීම.

ටොරන්ට් එකක අවශ්‍ය ගොණුව පමණක් තෝරාගෙන බාගත කර ගැනීම.


uTorrent Logo

සමහර රූපවාහිනී කතාංග අඩංගු ටොරන්ට් මෙන්ම විවිධ චිත්‍රපට අඩංගු ටොරන්ට් වල තියෙන අදාළ නොවන ෆයිල් මඟ හැර අවශ්‍ය කොටස් පමණක් බාගත කරගැනීමට පොඩි මඟ පෙන්වීමක් කරන්නයි මම මේ ලෑස්ති වෙන්නේ. මා භාවිතා කරන්නේ µTorrent හී 3.2.3 සංස්කරණයයි.

මෙම තේරීම සිදුකිරීමට ආකාර දෙකක් පවතින අතර ඒවානම් ටොරන්ට් එක එකතු කිරීමට පෙර තේරීම සිදුකිරීම හෝ එකතු කළාට පසු තේරීම සිදුකිරීම වේ.

තෝරාගන්නා හැම ටොරන්ට් ෆයිල් එකක්ම මෙම තේරීම සිදුකිරීමට යටත් කිරීමට අවශ්‍යනම් එකතු කිරීමට පෙර තේරීම සිදුකිරීමේ ක්‍රියාවලියද එසේ නැතුව මෙය අවශ්‍ය වන්නේ ඉඳහිට අවස්ථාවලදී පමණක් නම් ටොරන්ට් එක එකතු කළාට තේරීම සිදුකිරීමේ ක්‍රියාවලිය තෝරාගැනීම යෝග්‍ය වේ.

පළමු ක්‍රමය

බාගත කරගැනීම පටන් ගැනීමට පෙර අදාළ තේරීම සිදුකිරීම.

අදාළ වරණය ක්‍රියාත්මක කර ගැනීම.

 

µTorrent හී Options -> Preferences -> UI Settings වෙත ගොස් පහත රූපයේ පරිදි අදාළ තැන හරි ලකුණ යොදාගන්න.

Enabling the Option

Enabling the Option

මීට අමතරව මෙම ක්‍රියාවලිය සිදුවීමට Display විධිය Advanced mode ලෙස එනම් පහත රූපයේ ආකාරයට තිබිය යුතුම වේ.

Advanced mode

Advanced mode

පහත දැක්වෙන ආකාරයට Basic mode ආකාරයට පවතීනම් පහළ රූපයේ දැක්වෙන දකුණු අත පැත්තේ තිබෙන බොත්තම මඟින් එය Advances mode අකාරයට වෙනස් කර ගත යුතු වේ.

must Change to Advanced mode

Must Change to Advanced mode

ටොරන්ට් එකක් එකතු කර ගැනීම.

1) බාගත් ටොරන්ට් ෆයිලයක් Double click කර ගැනීමෙන් හෝ

2) අදාළ ටොරන්ට් ෆයිලය තිබෙන තැන right click කොට copy link address කර ගත් පසු µTorrent හී Add torrent from URL යන තැන තේරීමෙන් ටොරන්ට් එක බාගත කර ගැනීමකින් තොරව එක් කර ගත හැකිවේ.

මෙම ක්‍රම දෙක මඟින්ම පහත දැක්වෙන රූපය මෙන් අදාළ තේරීම සිදු කිරීමට නියමිත තැනට යොමු වේ. එහිදී බාගත කරගැනීමට අවශ්‍ය ගොනු තේරීම මෙන්ම බාගත කරගන්නා ස්ථානය වෙනස් කරගැනීමද සිදුකොට ගත හැක. අවශ්‍ය තේරීම සිදුකොට OK කරන්න.

Add New Torrent

Add New Torrent

උදා. මෙම 13 GB වන ටොරන්ට් ගොනුවෙන් මා බාගත කර ගන්නේ 806 MB වන එක කොටසක් පමණි.

දෙවන ක්‍රමය.

බාගත කරගැනීම පටන් ගැනීමට පෙර අදාළ තේරීම සිදුකිරීම.

මෙම ක්‍රමය මඟින් කලින් සඳහන් කළාක් මෙන් හැම ටොරන්ට් එකකටම නොව අවශ්‍ය ටොරන්ට් වලට පමණක් මෙම වරණය සිදු කර ගත හැක. එමඟින් හැම ටොරන්ට් එකකටම ඉහළ ක්‍රමවේදය සිදුකිරීමෙන් සිදුවන අනවශ්‍ය ප්‍රමාදයන් වළකා ගත හැක.

Download After Loading

Download After Loading

රූපයේ දැක්වෙන පරිදි

1) පළමුව අදාළ ටොරන්ට් එක තෝරාගන්න. එය බෑම නවතා දෙවන පියවරට යෑම වඩා යෝග්‍ය වේ.

2) Files ටැබය තෝරන්න.

3) නැවැත්විමට අවශ්‍ය ගොනුව මත Right Click කරන්න.

4) මතුවන මෙනුවේ Don’t Download තෝරන්න.

ඉහත ක්‍රම දෙකින් කැමති ආකාරයට අදාළ ගොනු පමණක් බාගත කර ගැනීම කළහැකි වේ. මා භාවිතා කළේ µTorrent හී 3.2.3 සංස්කරණයයි. ප්‍රශ්න තියෙනවනම් කමෙන්ට් එකක් දාන්න. 😀

 

  1. January 24, 2013 at 12:36 pm

    නියමයි මචෝ… තවත් එක් අඩුවක් ඕන් සම්පූර්ණ උනා…

  2. chalana Herath
    January 25, 2013 at 9:17 pm

    mageth thiyenne u,torant 3,2,3 namuth mata thawamath hariyata sinhala sub title film ekak balanna beri una. computer gena etharam dhenumak nethi ma weni ayage pahasuwa pinisa karunakara film bagatha kirima pilibadha saralawa wistharath maka lipiyak pala karanna. obata thawa thwath meweni de kirimata shakthiya dhahiryaya lebewa!

  3. seser
    April 22, 2013 at 9:31 am

    thanka

  4. pasidu
    May 15, 2013 at 11:52 pm

    aulak na dan hari

  5. camonda
    June 24, 2013 at 10:26 pm

    Aiya oyadana flim andrid pon akan balanna vidiyak nadda tiyanawanam kiyala danna maga email akata ms akak danna pin sidda wana wadak oyaga oya watina kalayan vinadiyak wankaranna thex

    • December 28, 2016 at 2:47 pm

      Ai phone eken banna denne naththe

  6. nuwan
    July 15, 2013 at 7:13 am

    thanks bro upades walata

  7. Gaya
    September 2, 2013 at 7:50 am

    Thnx Mcn Mekanam lokuma loku help ekak

  8. Chamika
    October 23, 2013 at 3:00 pm

    මචං, සයිට් එකෙන් ඔය වැඩේ කරන්නෙ කොහොමද කියල කියන්න පුළුවන්ද? ලොකු උදව්වක් එහෙම් ක්‍රමයක් තියෙනව නම්.

  9. Chamika
    October 23, 2013 at 3:01 pm

    Chamika :
    මචං, http://www.zbigz.com සයිට් එකෙන් ඔය වැඩේ කරන්නෙ කොහොමද කියල කියන්න පුළුවන්ද? ලොකු උදව්වක් එහෙම් ක්‍රමයක් තියෙනව නම්.

  10. December 28, 2013 at 10:48 am

    machan meke deela thiyena 205mb torrent eka wada karan na,120eka wada karanawa,e 2 venasa mokakda?

  11. December 28, 2013 at 12:31 pm

    thanks machan…elama thamai…1st season eka baganna gihin man loku amaruwaka watuna……………..

  12. February 19, 2014 at 5:00 pm

    thanks aiye.wade krn hati theruna niyametama.

  13. April 2, 2014 at 4:25 pm

    ane mata melo dheyak therune nathooo

  14. Don Herman
    May 13, 2014 at 3:01 am

    Thank you Bro….

  15. ishara methsith
    May 27, 2014 at 1:18 am

    thanks bro…, try karala beluwa. harigiya

  16. amila
    November 22, 2014 at 10:03 am

    mama download karapu eka dat file ekak widihata awe. kohomada mama balanne?

  17. December 4, 2014 at 11:41 am

    thankz machoww !

  18. yoshan
    February 6, 2015 at 8:41 pm

    patta machoooooooooo

  19. pubudu madushan
    April 1, 2015 at 5:30 am

    thanx, bro it works.

  20. thisaru
    March 11, 2016 at 2:46 am

    thank you vary much

  21. vihanga banuka
    March 19, 2016 at 8:06 pm

    thanks

  22. Shanika
    June 22, 2016 at 5:30 pm

    සහෝ මගේ තියෙන්නේ u torrent 3.4.7 (built 42330) [32-bit] එක.ඒකෙ advanced mode දාන්නේ කොහොමද.මුලු සීරීස් එකම 15 GB නිසා මම හිතුවේ ටික ටික ඩවුන්ලෝඩ් කරගන්න.ඒත් දැන් බෑ.උදව්වක් දෙනවද ..?

  23. Shanika
    June 22, 2016 at 5:51 pm

    සහෝ මම ෂර්ලොක් හෝම්ස් සීරීස් එක ගන්න ගියා.ඒත් ඒකෙ ප්‍රමාණය ලොකු නිසා මම එකින් එක ගන්න හදන්නෙ.මගේ ටොරන්ට් එක u torrent 3.4.7 [32-bits].මට උදව්වක් කරන්න පුලුවන්ද..මට තියෙන ප්‍රශ්න මේවා..
    (1) ටොරන්ට් එක advanced mode දාන්න බෑ
    (2) peers ලා එන්නෙම නෑ.
    (3) ඒ නිසා ඩවුන්ලෝඩ් වෙන්නෙත් නෑ
    පුලුවන් නම් උදව් කරනවද..ලොකු දෙයක් ..

  24. kasun darshana
    August 5, 2017 at 9:12 am

    Ela…bn….ubala..
    ela…kollo…😄😄😄😉😉

  1. No trackbacks yet.
Comments are closed.