Archive

Posts Tagged ‘Films’

ටොරන්ට් එකක අවශ්‍ය ගොණුව පමණක් තෝරාගෙන බාගත කර ගැනීම.


uTorrent Logo

සමහර රූපවාහිනී කතාංග අඩංගු ටොරන්ට් මෙන්ම විවිධ චිත්‍රපට අඩංගු ටොරන්ට් වල තියෙන අදාළ නොවන ෆයිල් මඟ හැර අවශ්‍ය කොටස් පමණක් බාගත කරගැනීමට පොඩි මඟ පෙන්වීමක් කරන්නයි මම මේ ලෑස්ති වෙන්නේ. මා භාවිතා කරන්නේ µTorrent හී 3.2.3 සංස්කරණයයි.

මෙම තේරීම සිදුකිරීමට ආකාර දෙකක් පවතින අතර ඒවානම් ටොරන්ට් එක එකතු කිරීමට පෙර තේරීම සිදුකිරීම හෝ එකතු කළාට පසු තේරීම සිදුකිරීම වේ.

Read more…

සිංහාවලෝකනය


කාලෙකට පස්සෙ මේ පැත්තෙ එන්න ලැබුණා. මකුණුදැලුත් බැඳලද කොහෙද 😛 උපසිරැසි පිටුවනම් නිතර යාවත්කාලීන උණත් කිසිම ලිපියක් කාලෙකින් වැටුන් නැති නිසා ආපහු ලියන්න ගන්න හිතුවා. අන්තිම පෝස්ට් එකෙන් පස්සෙ ගෙවුනු කාලෙ ඇතුළත් ජීවිතයේත් බොහොම වෙනස් කම් සිදුවුණා නේ. 😛 මූණු පොතේ යාළුවන් නම් ඒ බව දන්නවා.

කොහොම වුණත් මම බයිස්කෝප් සිංහලෙන් අඩවිය වෙනුවෙන් සිංහල උපසිරැසි නිර්මාණය කරන බව රහසක් නෙවේනේ. ළඟකදි බයිස්කෝප් සිංහලෙන් අඩවිය ලිපි 1000 සම්පූර්ණ කළා වගේම මමත් මගේ 50 වෙනි සිංහල උපසිරැසි ගැන්වීම විදියට හැමෝම බලාගෙන උන්නු චිත්‍රපටියක් වෙච්ච The Avenger චිත්‍රපටියට ලබා දුන්නා. ඉතින් මම තීරණය කළා මේ චිත්‍රපට පනහ උපසිරැසි දැමීමට තෝරාගැනීමට මුල් වෙච්ච කරුණු කාරණා ගැන ලිපි පෙළක් ලියන්න. අද හෙටම ලියන්න පටන් ගන්නම්කෝ.

එතකම් මම බයිස්කෝප් එකට සම්බන්ධ වෙච්ච ආකාරය ගැන මේ තැන්වලින් දැනගන්නකෝ.
බයිස්කෝප් සිංහලෙන් හා මම I
බයිස්කෝප් සිංහලෙන් හා මම II
බයිස්කෝප් සිංහලෙන් හා මම III

එහෙනම් ඉක්මනින්ම හමුවෙමු. ජය෴෴

To get the best viewing experience for my Sinhala Subtitles


සෑහෙන කාලෙකට පස්සෙ බ්ලොග් එකට පොස්ට් එකක් දානවා. 😛 දැන් ඉස්සර වගේම නිතරම online එන්න වෙන්නෙ නැති නිසා කමෙන්ට් වලටවත් පිළිතුරු දෙන්න බැරිවුනා. ඒකටත් මුලින්ම සමාව ඉල්ලනවා.

Read more…

අනවසර චිත්‍රපට ගොණු නාමය අඳුනා ගැනීම.


ඔබ අන්තර්ජාලයෙන් චිත්‍රපටයක් බාගත කරගන්නා විට බොහෝවිට එහි ඇති කෙටි යෙදුම් දැක ඇත. ඔබ එම සියළු කෙටි යෙදුම් වල තේරුම් ගැන සිතා බැලුවාද?. එමඟින් අපට වඩා හොඳ පිටපතක් තෝරාගැනීමට හැකිවනු ඇත. දිනෙන් දින අලුත් යෙදුම් භාවිතයට පැමිණියත් අප වඩාත්ම භාවිතයේ තිබෙන බහුල යෙදුම් කිහිපයක් අඳුනා ගැනීමට උත්සහ කරමු.

Read more…

සුබ අලුත් අවුරුද්දක් වේවා……


2009 අවුරුද්දත් ඉවරයි එහෙනම්. ආපසු හැරිලා බැලීමක් කරන්න හිතුනා. මේ අවුරුද්ද පටන් ගත්තේ නම් අමුතුම විදියකට. කතාවක් තියෙනවනේ ජනවාරි පලවෙනිදා සල්ලි අතින් යන්න හොඳ නෑ කියලා. හැබැයි මට නම් අතින් ගියා. හැබැයි අවුරුද්ද පුරාවට ගත්තහම මට මුදල් නැත්තම් රැකියාව අතින් 2008 ට වඩා ස්ථාවර වෙන්න පුළුවන් වුණා. හැබැයි පෞද්ගලික ජීවිතයේ නම් යම් පසු බෑමකින් තමයි අවුරුද්ද පටන් ගන්න සිද්ධ වුණේ. ඒත් දැන් නම් එවා අමතක කරලා දාලා ඉන්නේ. 🙂

මේ අවුරුද්දෙ සිද්ධ වුණු ලොකුම පෙරළියක් තමයි සිංහල යුනිකෝඩ් ගැන ඒ වගේම සිංඩිය ගැන දැන ගන්න ලැබීම. ඊට කලින් සිංදුවක් අහන්න අන්තර්ජාලයෙන් චැට් කරන්න විතරක් හුරු වෙලා හිටපු මම දැන් බ්ලොග් එකක් ලියන්නත් පුරුදු වුණා. චැට් රූම් පැත්ත පළාතක යන්නේ නැහැ. ඊට වඩා සින්ඩියේ තියෙන බ්ලොග් වල ලියවෙන දැණුම් සම්භාරයෙන් ධනවත් වීම වැඩදායකයි. ඒ වගේම මට හොඳ යාලුවන් කිහිප දෙනෙකුත් අඳුන ගන්න ලැබුනා. විශේෂයෙන්ම දැන් බ්ලොග් අවකාශයේ මාව වැඩි දෙනෙක් දන්නේ බයිස්කෝප් අඩවියට උපසිරැසි සහිතව චිත්‍රපටි දෙන කෙනා විදියටනේ. ( මගෙ බ්ලොග් අඩවියේ වුනත් වැඩිපුර කමෙන්ට් වැටිලා තියෙන්නේ සිංහල උපසිරැසි පිටුවටනේ ) 🙂 ඒකෙනම් සම්පූර්ණ ගෞරවය යන්න ඕනා පොතේ ගුරා සහෝදරයට තමයි. ඒ වගේම සරදියෙල්, ඇන්ත්‍රැක්ස්, පිස්සා, සොඳුරුසිත, ගෝලයා, දුකා, වගේ බොහෝ දෙනෙක්ව අඳුනගන්න ලැබුනා. (හදිස්සියෙන් ලියන නිසා නම් නොලියවුණු අය තරහ වෙන්න එපා හොඳේ)

ඉතින් සමස්තයක් විදියට ගත්තහම සාර්ථක වසරක් කියලා හඳුන්වන්න පුළුවන්. එහෙනම් ලබන්නාවූ නව වසර සුබම සුබ අලුත් අවුරුද්දක් වෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා හැමෝටම. ජය වේවා !!!!!!

උපසිරැසි


කට්ටිය දන්නවා ඇතිනේ මම අපේ ඉසිර සහෝදරයා එක්ක එකතු වෙලා එයාගේ බයිස්කෝප් සයිට් එකේ චිත්‍රපටි වලට සිංහල උපසිරැසි දාන බව.

ඉතින් මෙච්චර කල් මම දාපු හා ඉදිරියට දාන චිත්‍රපටි වල ලයිස්තුවක් මගේ බ්ලොග් එකෙත් වෙනම පිටුවක් විධියට සකස් කලා. එතනින් තමුන් කැමති චිත්‍රපටිය තෝරගත්තම බයිස්කෝප් අඩවියේ අදාල වෙබ් පිටුවට යොමු වෙනවා. එතකොට චිත්‍රපටිය ගැන පොඩි විස්තරයක් සිංහලෙන්ම කියවලා එහෙම බාගන්න පුලුවන්.

කැමති චිත්‍රපටි එහෙම තියෙනවනම් කමෙන්ට් එකක් විධියට දාන්න. මම උපසිරැසි දාන්න බලන්නම්.