Archive

Archive for September, 2009

පොම්පෙයි ගියෙමි.


ඔයාලා අහලා ඇතිනේ පොම්පේ නගරය ගැන. විසුවියස් ගිනි කන්දට යටවෙලා විනාශ උනු නගරය. අන්න හරි අන්න ඒකට මමත් ගියා පහුගිය සැප්තැම්බර් 20 වෙනිදා.

පොම්පේයි නගර ගැන හොඳ විස්තරයක් මෙතනින් බලා ගන්න පුලුවන්.

මම ගත්තු ඡායාරූප කිහිපයක් මෙහි දානවා. ඒවා ටිකක් අල උනා. ගණන් ගන්න එපා හොදේ 🙂

උපසිරැසි


කට්ටිය දන්නවා ඇතිනේ මම අපේ ඉසිර සහෝදරයා එක්ක එකතු වෙලා එයාගේ බයිස්කෝප් සයිට් එකේ චිත්‍රපටි වලට සිංහල උපසිරැසි දාන බව.

ඉතින් මෙච්චර කල් මම දාපු හා ඉදිරියට දාන චිත්‍රපටි වල ලයිස්තුවක් මගේ බ්ලොග් එකෙත් වෙනම පිටුවක් විධියට සකස් කලා. එතනින් තමුන් කැමති චිත්‍රපටිය තෝරගත්තම බයිස්කෝප් අඩවියේ අදාල වෙබ් පිටුවට යොමු වෙනවා. එතකොට චිත්‍රපටිය ගැන පොඩි විස්තරයක් සිංහලෙන්ම කියවලා එහෙම බාගන්න පුලුවන්.

කැමති චිත්‍රපටි එහෙම තියෙනවනම් කමෙන්ට් එකක් විධියට දාන්න. මම උපසිරැසි දාන්න බලන්නම්.

නිවාඩුවෙන් පසුව ආයෙත්……


ඔන්න කාලෙකට පස්සේ ආයේ එන්න ලැබුනා. ඇත්තටම කියනවනම් මාසෙකට පස්සෙ.

හේතුව කියනවනම් මම නිවාඩුවකට ඈත පැත්තකට ගියානේ. ඉතාලියේ වගේ යුරෝපීය රටවල අගෝස්තු මාසය කියන්නේ හැමෝටම නිවාඩු මාසයක් තමයි. ඉතින් හැමෝම වෙන වෙන රටවලට එහෙමත් නැත්තම් මුහුදට කිට්ටුව ගෝ කඳුකරය වගේ ශීතල පැති වල තිබෙන තමුන්ගේ නිවෙස් වලට යනවා. මොකද තියෙන උෂ්නත්වය දරාගන්න බැරි නිසා.

ඉතින් මමත් මේ පාර ගියා කඳුකර පොඩි ගමකට. ඒකේ නම Santa Croce del Sannino. ඇත්තටම නිස්කලංක ලස්සන පලාතක්.

ෆොටෝත් එක්ක වැඩිපුර විස්තර මම ඊලඟ පොස්ට් එකෙන් දාන්නම්. එහෙ ජංජාලේ හොයාගන්න සෑහෙන දුක් විදීන්න උනා. මොකද එකම එක බාර් එකක කැෆේ එකක් වගේ අරගත්තහම නොමිලේ සැරිසරන්න දුන්නා. ඒත් ඉතින් ඕකට හැමදාම රිංගන්න පුලුවන් එකක් යෑ. ඉතින් මම මිදි තිත්තයි කියලා හිතා ගත්තා. එහෙම කිව්වට මොකෝ මම උන්නේ නලිය නලිය. 😀

එහෙනම් ඉක්මනටම මගේ ෆොටෝත් එක්කම හම්බ වෙමු.

මෙන්න එතකම් මම ජංජාලෙන් හොයා ගත්තු ෆොටෝ ටිකක්. බලන්නකෝ.