Archive

Posts Tagged ‘Advertiesment’

2010 in review


හැමෝටම සුබ අලුත් අවුරුද්දක් කියන ගමන්ම පහුගිය අවුරුද්දේ මගේ මේ බ්ලොග් එක ගැන WordPress අඩවියෙන මට ලැබුණු මේල් එකත් මේකෙම දාන්න හිතුනා. බොහොමත්ම ස්තූතියි හැමදෙනාටම 🙂

Read more…

එක්වන්න අප සමග.


පරිවර්තන මැරතන් තරගය – 2010 අප්‍රේල්



ශ්‍රී ලංකාවේ පළමු වරට පරිවර්තන මැරතන් තරඟයක් 2010 අප්‍රේල් මස 27 දින රාත්‍රී 9.00 සිට 2010 අප්‍රේල් මස 28 වන දින රාත්‍රී 12.00 දක්වා පැවැත් වේ. මෙහි අරමුණ වන්නේ දැනට අතුරු මුහුණතේ පරිවර්තන කටයුතු අවසන් වූ Openoffice.org සිංහල නිකුතුවට අදාල උදව් පිටු සිංහලින් සකස් කිරීමයි.


Openoffice.org සිංහල නිකුතුව සඳහා වචන 96,000 කට වඩා වැඩි ප්‍රමාණයක් සිංහලට හැරවීමට තිබු අතර මෙම උදව් පිටු සඳහා එමෙන් පස්ගුණයක් පමණ විශාල වූ කාර්යයක් නිම කිරීමට සිදුව ඇත.

100% නොමිලේ ලබා ගෙන Windows, GNU/Linux සහ MAC මත භාවිත කළ හැකි නිදහස් සහ විවෘත මෘදුකාංග අතරින් සුවිශේෂි මෘදුකාංගයක් වන Openoffice.org ව්‍යපෘතියට ආදරය කරන එමෙන්ම සිංහල බසින් මෘදුකාංග ප්‍රජාව අතරට යාම සඳහා දායකත්වයදීමට ලැදි ඔබ සැමට මින් ඇරයුම් කරමි.

වැඩි විස්තර මෙතනින්.

උපසිරැසි


කට්ටිය දන්නවා ඇතිනේ මම අපේ ඉසිර සහෝදරයා එක්ක එකතු වෙලා එයාගේ බයිස්කෝප් සයිට් එකේ චිත්‍රපටි වලට සිංහල උපසිරැසි දාන බව.

ඉතින් මෙච්චර කල් මම දාපු හා ඉදිරියට දාන චිත්‍රපටි වල ලයිස්තුවක් මගේ බ්ලොග් එකෙත් වෙනම පිටුවක් විධියට සකස් කලා. එතනින් තමුන් කැමති චිත්‍රපටිය තෝරගත්තම බයිස්කෝප් අඩවියේ අදාල වෙබ් පිටුවට යොමු වෙනවා. එතකොට චිත්‍රපටිය ගැන පොඩි විස්තරයක් සිංහලෙන්ම කියවලා එහෙම බාගන්න පුලුවන්.

කැමති චිත්‍රපටි එහෙම තියෙනවනම් කමෙන්ට් එකක් විධියට දාන්න. මම උපසිරැසි දාන්න බලන්නම්.

අපි ඔවුන්ව වෙනස් කලෙමු.


ඕනාම දෙයක් විකුනන්න ප්‍රචාරණය අවශ්‍යමයි. අද කාලේ වෙළඳ දැන්වීම් ක්ෂේත්‍රය ගොඩක් තරඟකාරී වගේම  සෑහෙන නිර්මාණශීලීත්වයට බර වෙලා තිබෙනවා.

කලින් දාපු පෝස්ට් දෙකෙන් මම නිර්මාණශීලීත්වයට බර දැන්වීම් ටිකක් ඉදිරිපත් කලත් අද පෝස්ට් එකෙන් මම තරඟකාරීත්වය පිලිඹඳ උදාහරණයක් ඉදිරිපත් කරනවා. ආ මට ගියපාර කියන්න අමතක උනානේ මීට කලින් ඉදිරිපත් කල පෝස්ට් දෙකට අදාල පින්තූර මට මේල් කරලා එවලා තිබුනේ මගේ ආදර සහෝදරිය විසින්.

මේක අපට අසල්වැසි රටවන ඉන්දියාවේ තිබෙන පෞද්ගලික ගුවන්ගමන් සමාගමක් වන Jet Airways සමාගම මගින් කල දැන්වීමකට පිලිතුරු ලෙස අලුතින් බිහිවුනු අඩුවියදම් ගුවන්ගමන් සමාගමක් වන Kingfisher මගින් කරනු ලබූ දැන්වීමක්.

පිංතූරය ලොකු කරන්න ඒමත ඔබන්න.

Weve changed

We've changed

We made them change !!

We made them change !!

කලාත්මක වෙළඳ දැන්වීම් 02


ඔන්න මම පොරොන්දු වුනු විධියටම අර දැන්වීම් ටිකේ ඉතුරු ටික දානවා.

බලන්නකෝ මේවා කොයිතරම් නිර්මාණාත්මක විධියට හදලා තියෙනවද කියලා.

පිංතූර විශාල කරන්න ඒවා උඩ කොටන්නකෝ ……

Objects in the mirror are closer than they appear

Objects in the mirror are closer than they appear

Globle warming - If we don't act now The Future looks blue

2 Minutes - Maggi

There is an easier way of committing suicide

Donate Eyes

Donate Eyes

Tyres

Tyres



කලාත්මක වෙළඳ දැන්වීම් 01


සෑහෙන කාලෙකින් අලුත් සටහනක් ලියන්න බැරි උනා. ඇත්තටම කියනවනම් ටිකක් කාර්‍යබහුල උනා කිව්වොත් නිවැරදියි.

කොහොම උනත් මේ ළඟදි මට ලැබුනු මේල් එකක තිබුනු ආකර්ශනීය දැන්වීම් කීපයක් මේ පාර දාන්න හිතුවා.

බලන්නකෝ කොහොමද කියලා. තව කොටසක් තියෙනවා.  ඊලඟ පාරට ඒ ටික දාන්නම්……

පිංතූර විශාල කරන්න ඒවා උඩ කොටන්නකෝ ……

Spare parts for Humans are not as original as those for cars. Don’t Drink & Drive

Help them get into School shoes instead

Almost 5 million die prematurely each year as result of smoking

HELMET            HELL MET

Every child needs a Family

Simply marry.com