Archive

Posts Tagged ‘New Year’

2010 in review


හැමෝටම සුබ අලුත් අවුරුද්දක් කියන ගමන්ම පහුගිය අවුරුද්දේ මගේ මේ බ්ලොග් එක ගැන WordPress අඩවියෙන මට ලැබුණු මේල් එකත් මේකෙම දාන්න හිතුනා. බොහොමත්ම ස්තූතියි හැමදෙනාටම 🙂

Read more…

හැමදාම 86,400 ක්……


කට්ටිය අවුරුදු එහෙම සමරලා සතුටින් කාලය ගත කළානේ. දැන් ඉතින් ආපහු පරණ ජීවිත වලට බහින එපෑයෑ. ඉතින් මට හිතුනා දැකපු මේල් එකක තිබ්බ හොඳ පාඩමක් කට්ටිය එක්ක බෙදා ගන්න. ආරම්භය සුබවාදී වගේම අවසානය දක්වා එම සුබවාදි බව රැක ගන්න උදව්වක් ගන්න පුළුවන්ද බලන්න.

Autumn Leaves

මොහොතකට හිතන්න ඔබගේ ගිණුමට රු. 86,400 ක් හැම උදයකම බැර කරන බැංකුවක්  ගැන. දිනකින් දිනකට ශේෂය ගෙන නොයන; ගිණුම සතයටම හින්දන්න අවස්ථාව ලබා දෙන; සෑම රැයකම ඔබ භාවිත නොකල මුදල ගිණුමෙන් ඉවත් කරන ගිණුමක් ගැන. ඔබ ඒ වගේ ගිණුමකින් කුමක් කරයිද? අනිවා හැමදාම සතයටම හින්දයි නේ??????

Read more…

සුබ අලුත් අවුරුද්දක් වේවා……


2009 අවුරුද්දත් ඉවරයි එහෙනම්. ආපසු හැරිලා බැලීමක් කරන්න හිතුනා. මේ අවුරුද්ද පටන් ගත්තේ නම් අමුතුම විදියකට. කතාවක් තියෙනවනේ ජනවාරි පලවෙනිදා සල්ලි අතින් යන්න හොඳ නෑ කියලා. හැබැයි මට නම් අතින් ගියා. හැබැයි අවුරුද්ද පුරාවට ගත්තහම මට මුදල් නැත්තම් රැකියාව අතින් 2008 ට වඩා ස්ථාවර වෙන්න පුළුවන් වුණා. හැබැයි පෞද්ගලික ජීවිතයේ නම් යම් පසු බෑමකින් තමයි අවුරුද්ද පටන් ගන්න සිද්ධ වුණේ. ඒත් දැන් නම් එවා අමතක කරලා දාලා ඉන්නේ. 🙂

මේ අවුරුද්දෙ සිද්ධ වුණු ලොකුම පෙරළියක් තමයි සිංහල යුනිකෝඩ් ගැන ඒ වගේම සිංඩිය ගැන දැන ගන්න ලැබීම. ඊට කලින් සිංදුවක් අහන්න අන්තර්ජාලයෙන් චැට් කරන්න විතරක් හුරු වෙලා හිටපු මම දැන් බ්ලොග් එකක් ලියන්නත් පුරුදු වුණා. චැට් රූම් පැත්ත පළාතක යන්නේ නැහැ. ඊට වඩා සින්ඩියේ තියෙන බ්ලොග් වල ලියවෙන දැණුම් සම්භාරයෙන් ධනවත් වීම වැඩදායකයි. ඒ වගේම මට හොඳ යාලුවන් කිහිප දෙනෙකුත් අඳුන ගන්න ලැබුනා. විශේෂයෙන්ම දැන් බ්ලොග් අවකාශයේ මාව වැඩි දෙනෙක් දන්නේ බයිස්කෝප් අඩවියට උපසිරැසි සහිතව චිත්‍රපටි දෙන කෙනා විදියටනේ. ( මගෙ බ්ලොග් අඩවියේ වුනත් වැඩිපුර කමෙන්ට් වැටිලා තියෙන්නේ සිංහල උපසිරැසි පිටුවටනේ ) 🙂 ඒකෙනම් සම්පූර්ණ ගෞරවය යන්න ඕනා පොතේ ගුරා සහෝදරයට තමයි. ඒ වගේම සරදියෙල්, ඇන්ත්‍රැක්ස්, පිස්සා, සොඳුරුසිත, ගෝලයා, දුකා, වගේ බොහෝ දෙනෙක්ව අඳුනගන්න ලැබුනා. (හදිස්සියෙන් ලියන නිසා නම් නොලියවුණු අය තරහ වෙන්න එපා හොඳේ)

ඉතින් සමස්තයක් විදියට ගත්තහම සාර්ථක වසරක් කියලා හඳුන්වන්න පුළුවන්. එහෙනම් ලබන්නාවූ නව වසර සුබම සුබ අලුත් අවුරුද්දක් වෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා හැමෝටම. ජය වේවා !!!!!!