Archive

Archive for April, 2010

වීදුරුව බිමින් තියන්න……


වතුර ස්වල්පයක් පිරවූ වීදුරුවක් තම අත මත තබා ගත් මහාචාර්යය වරයා තම දේශනය ආරම්භ කළේය.

සියල්ලන්ටම පෙනෙන ලෙස එය ඔසවා ගත් ඔහු මෙසේ ඇසීය.

Read more…

එක්වන්න අප සමග.


පරිවර්තන මැරතන් තරගය – 2010 අප්‍රේල්



ශ්‍රී ලංකාවේ පළමු වරට පරිවර්තන මැරතන් තරඟයක් 2010 අප්‍රේල් මස 27 දින රාත්‍රී 9.00 සිට 2010 අප්‍රේල් මස 28 වන දින රාත්‍රී 12.00 දක්වා පැවැත් වේ. මෙහි අරමුණ වන්නේ දැනට අතුරු මුහුණතේ පරිවර්තන කටයුතු අවසන් වූ Openoffice.org සිංහල නිකුතුවට අදාල උදව් පිටු සිංහලින් සකස් කිරීමයි.


Openoffice.org සිංහල නිකුතුව සඳහා වචන 96,000 කට වඩා වැඩි ප්‍රමාණයක් සිංහලට හැරවීමට තිබු අතර මෙම උදව් පිටු සඳහා එමෙන් පස්ගුණයක් පමණ විශාල වූ කාර්යයක් නිම කිරීමට සිදුව ඇත.

100% නොමිලේ ලබා ගෙන Windows, GNU/Linux සහ MAC මත භාවිත කළ හැකි නිදහස් සහ විවෘත මෘදුකාංග අතරින් සුවිශේෂි මෘදුකාංගයක් වන Openoffice.org ව්‍යපෘතියට ආදරය කරන එමෙන්ම සිංහල බසින් මෘදුකාංග ප්‍රජාව අතරට යාම සඳහා දායකත්වයදීමට ලැදි ඔබ සැමට මින් ඇරයුම් කරමි.

වැඩි විස්තර මෙතනින්.

හැමදාම 86,400 ක්……


කට්ටිය අවුරුදු එහෙම සමරලා සතුටින් කාලය ගත කළානේ. දැන් ඉතින් ආපහු පරණ ජීවිත වලට බහින එපෑයෑ. ඉතින් මට හිතුනා දැකපු මේල් එකක තිබ්බ හොඳ පාඩමක් කට්ටිය එක්ක බෙදා ගන්න. ආරම්භය සුබවාදී වගේම අවසානය දක්වා එම සුබවාදි බව රැක ගන්න උදව්වක් ගන්න පුළුවන්ද බලන්න.

Autumn Leaves

මොහොතකට හිතන්න ඔබගේ ගිණුමට රු. 86,400 ක් හැම උදයකම බැර කරන බැංකුවක්  ගැන. දිනකින් දිනකට ශේෂය ගෙන නොයන; ගිණුම සතයටම හින්දන්න අවස්ථාව ලබා දෙන; සෑම රැයකම ඔබ භාවිත නොකල මුදල ගිණුමෙන් ඉවත් කරන ගිණුමක් ගැන. ඔබ ඒ වගේ ගිණුමකින් කුමක් කරයිද? අනිවා හැමදාම සතයටම හින්දයි නේ??????

Read more…

වාරණය කළ ලිපිය.


The Passion Of The Christ (2004)

උතුම් මිනිසෙකුගේ අවසන් පැය කිහිපය [සිංහල උපසිරැසි සමගින්]

අද මහ සිකුරාදා. කතෝලිකයින් ඇතුළු සියළු ක්‍රිස්තියානු භක්තිකයින්ට අද උතුම් දවසක්. අද වන් දිනෙක තමයි දෙවියන් වහන්සේ එවා වදාල තමුන්ගේ පුතාව මිනිසුන් විසින් කුරුසියේ ඇන ගසා මරා දැමීම සිහිකරණු ලබන්නේ. උන්වහන්සේගේ අවසාන පැය කිහිපය අළලා ගොඩ නැගුනු මෙම චිත්‍රපටිය ඒ වෙනුවෙන් සිංහල උපසිරැසි සමඟම මම ලබා දෙන්න තීරණය කළා.

ගොඩක් අයනම් මේ චිත්‍රපටිය ගැන අහල ඇති. ප්‍රසිද්ධ නළු මෙල් ගිබ්සන් විසින් අධ්‍යක්ෂණය කළ මෙම චිත්‍රපටය IMDB ශ්‍රේණිගත කිරීම් වල ඡන්ද 84,048 ක් මගින් 7.1/10 ක අගයක් ලබා තිබෙන මෙම චිත්‍රපටිය ඔස්කාර් සම්මාන තුනකට ඇතුළු තවත් සම්මාන වලට නිර්දේශ වී ඉන් 17ක් දිනා තිබෙනවා.

මම චිත්‍රපටියේ කොපි වර්ග දෙකකට උපසිරැසි දැම්මා. මොකද වැඩිම සීඩ්ස් තිබුන කොපියේ ඉංග්‍රීසියෙන් hard sub කරලා තියෙනවා. ඒක නිසා සිංහල එකයි ඉංග්‍රීසි එකයි දෙකම පේන නිසා මම ඊලඟට තව සීඩ්ස් තිබ්බ එකකටත් සබ් දැම්මා. හැබැයි ඒ කොපිය බාන්න ටිකක් වෙලා යයි. කැමති එකක් බාගත කර ගන්න.

අවසන් වශයෙන් මෙම චිත්‍රපටිය ඔබ අතට පත් කළේ ඔබගේ රසවින්දනයට මිස අනෙක් කිසිම කාරණයක් නිසා නොවේ. ඉතින් චිත්‍රපටියක් රස විඳිය හැකි අය පමණක් කරුණාකර මෙය බාගත කර ගන්න.

“ඔබ පොළවේ ලුණු ය. ලුණෙහි ලුණු රස නැතිවුවහොත් එයට ලුණු රස කවන්නේ කුමකින්ද?”

ඉතින් ඔබත් ඔබගේ ජීවිතයේ ලුණු රස නැති කර නොගන්න.

“අනුන් ඔබට යමක් කරනවාට ඔබ කැමතිද, ඔබත් ඒ දේම ඔවුන්ට කරන්න.”

එසේම

“අනුන් විනිශ්චය නොකරන්න. එවිට ඔබත් විනිශ්චය කරනු නොලබන්නෙහිය.”

ඔබ සැමට සුබ පාස්කු මංගල්ලයක් වේවා!

ඔය ගොල්ලො බලනවා ඇති බයිස්කෝප් සයිට් එකේ ගියපු මේ ලිපියම ආපහු මේකේ දැම්මේ අහවල් එකටද කියලා. හේතුවක් තියෙනවා. ඒ තමයි ලිපිය අසාධාරණ ලෙස සංස්කරණයට ලක්වීම. මේ ලිපියේ මම සංස්කරණය කරන්න එකඟ වුණේ ඉරකින් කපලා තියෙන කොටස පමණයි. ඒ වෙනුවට පහල කොටස ඇතුලත් කළා.

අවසන් රාත්‍රී භෝජනයෙන් පසු ජෙත්සෙමෙනි උයනේ සිට කරන යාච්ඥාවේ සිට පටන් ගැනෙනා චිත්‍රපටිය ගලා යන අතරේදී මනුෂ්‍යත්වය හා දේවත්වය අතර ඇතිවන ඝට්ටනය මනාව දර්ශනය කරවනවා. ක්‍රිස්තු චරිතය ගැන කියවෙන අනෙකුත් චිත්‍රපටවලට දර්ශනය වෙනවාට වඩා බොහොමත්ම වෙනස් දර්ශණය වලින් මේ චිත්‍රපටිය සමන්විත වෙනවා කිව්වොත් මම හිතන්නේ මම වැරදි නැහැ.

නමුත් අවාසනාවකට එතනින් එහාට තිබෙන කොටසත් වාරණයට ලක් කරනු ලැබුවා. මට දැන ගන්න අවශ්‍ය දේ මේ පහල දැක්වෙන කොටසේ තිබෙන වැරැද්දයි. කරුණාකර කවුරු හරි මට ඒ දෙය කියලා දෙනවාද.

“ඔබ පොළවේ ලුණු ය. ලුණෙහි ලුණු රස නැතිවුවහොත් එයට ලුණු රස කවන්නේ කුමකින්ද?”

ඉතින් ඔබත් ඔබගේ ජීවිතයේ ලුණු රස නැති කර නොගන්න.

“අනුන් ඔබට යමක් කරනවාට ඔබ කැමතිද, ඔබත් ඒ දේම ඔවුන්ට කරන්න.”

එසේම

“අනුන් විනිශ්චය නොකරන්න. එවිට ඔබත් විනිශ්චය කරනු නොලබන්නෙහිය.”

පළවුණු ලිපිය මෙතනින් බලන්න.

Read more…