Archive

Posts Tagged ‘Desire’

කැරට් කේක් හදමු……..


carrot cake
කට්ටිය බලනවා ඇති මොකෝ මේ උපසිරැසි ගැන පෝස්ට් දාපු රොයිලි ඉවුම් පිහුම් ගැන පෝස්ට් දාන්න අරන් තියෙන්නේ මොන හේතුවක් හින්දද කියලා. 😛 😛

කවුරුවත් නොදන්නව වුණාට මමත් ඔය ඉඳලා හිටලා හදන්න ලේසි කෑම ජාති එහෙම හදනවා. හදනවා විතරක් නෙවෙයි මූණූ පොතේ එහෙමත් දාලා තියෙනවා. ඒත් ඉතින් අද හිතුනා ඔන්න ඔහේ එහෙම හදපු, හිතුවට වඩා බොහොම රස වෙච්ච එක කේක් එකක් හදන හැටි ගැන පෝස්ට් එකක් දැම්මනම් හොඳයි කියලා. මම මුලින්ම මේක හදන හැටි දැනගත්තෙනම් මෙතනින්. මේ තියෙන්නේ මම හදපු හැටි.

Read more…

ශතවර්ෂයකට එහා ශ්‍රී ලංකාවේ ඡායාරූප බලමුද?


ඇත්තටම මම මේ පෝස්ට් එකට දාන්න ලෑස්ති වුනේ මට ලැබුණු විද්‍යුත් ලිපියක තිබුනු මීට අවුරුදු 150 කට විතර පෙර ඡායාරූපගත කෙරුණු ඡායාරූප වගයක්. ඒවල තිබුණේ කොළඹ-නුවර දුම්රිය මාර්ගය ඉදිකෙරුණු 1960 කාලයේ දර්ශණ. ඒත් ඒ එක්කම මම ඒ ඡායාරූප වල දැකපු watermark එකේ තිබ්බ අඩවියට ගිහින් බැලුවහම ඒකේ සෑහෙන ඡායාරූප තියෙන වටින වෙබ් අඩවියක් බව තේරුණා. මට ලැබුණු විද්‍යුත් ලිපියේ තිබුනේ දුම්රිය මාර්ගය ගැන පමණක් වුනත් මේ අඩවියේ විවිධ වර්ග වල ඡායාරූප විශාල ප්‍රමාණයක් තිබෙන බව තේරුණු නිසාම අර ඡායාරූප දාන එක නවත්වලා ඒ අඩවිය ගැන ඔයාලට කියන්න හිතුනා. සමහරවිට ඔයාලා දන්නවත් ඇති. ඒත් නොදන්න අය වෙනුවෙන් තමයි මේ පෝස්ට් එක වෙන් වෙන්නෙ.

Read more…

සැමරීමක් නොමැති උපන්දිනය.


අද සැප්තැම්බර් දාසය. මගෙ උපන්දිනය. අවුරුද්දට සැරයක් කේක් එකක් කපලා පොඩි ජොලියක් දාලා මතක හිටින්න ෆොටෝ දෙක තුනක් අරගෙන සැමරීමක් කරන්න……. එහෙමත් නැතිනම් පාටිය අවලංගු කරලා ඒ මුදල් වලින් අනාථ නිවාසයක ඉන්න සහෝදර සහෝදරියන් එක්ක සන්ධ්‍යාවක් ගත කරලා අර්ථවත් විදියට සැමරීමක් කරන්න… මමත් ආසයි. ඒත් අද මම ඉන්නෙ ඒ සැමරීම කරන්න හැකියාව තිබුනත් කිසිම ප්‍රබෝධයක් නැති තත්වයක. ඒකට හේතුව මම අද ඉන්නෙ දුරු රටක යුරෝ හොයාගන්න නොවිඳිනා දුක් විඳිමින් නිසාමත් නෙවෙයි. මම ගොඩක්ම ආදරය කරන මගෙ අම්මා මා අසල නැති එක ගැන තැවෙමින්. නිවාඩුවට ලංකාවට ගිහින් මාස දෙකහමාරක් අම්මා හා නංගි එක්ක ගත කරලා ආපු ගමන් හිතට දැනෙන කාංසිය වචන වලට පෙරලන්න තරම් මම භාෂාව හැසිරවීමේ දක්ෂතාවයක් මට නැහැ.

අම්මා ඇයගේ ජීවිතයම කැප කලේ අපේ පවුලේ විශේෂයෙන් දරුවන් දෙදෙනාගේ අභිවෘධිය වෙනුවෙන්. අම්මා තුල තිබුනු ඒ ධෛර්යය, කැපවීම මා තුල නම් පිහිටලා නැහැ. පොඩි කාලෙ ඉඳින්ම අපිට දුකක් දෙන්න නොවිඳිනා දුක් විඳින්න ඇති. මම සැපසේ පාසල් වෑන් රථයේ නැඟිලා පාසල් යනකොට හැම දාම අම්මා බස් එකේ කොළඹ ගියා රැකියාව කරන්න. අද කාලෙ බස් සේවය වඩා යහපත් තත්වයක තිබිලත් කොළඹ ගිහින් එනවා කියන්නෙ මරණවා වගේ වැඩක්. පැය එකහාමාරක් දෙකක් බස් එකක ඉඳගෙන වුනත් එනවා කියන්නෙ මට මෙහෙම නම්, සතියේ දින 5ක් පුරාවට රැකියාවට යනවා කිව්වම මට අද නම් හිතා ගන්නවත් අමාරුයි. ඒ ගෙදර අනිකුත් වැඩත් කරන ගමන්. ලැබෙන සොච්චම් පඩිය රෝල් ගහලා අපේ අවශ්‍යතා සපුරද්දි මම අනන්තවත් අනවශ්‍ය වියදම් ඉල්ලලා කන්කෙඳිරි ගාපු අවස්ථා අනන්තයි. ඒවා දෙන්න හැකියාවක් නොතිබුනු වෙලාවක මට තරහ ගිය අවස්ථාත් අපමණයි. එහෙම වුනේ මගෙ යාළුවො අත දිගැරලා වියදම් කරද්දි මම කොන්වෙච්ච නිසා වුනත් මගේ කන්කෙඳිරි ගෑම් වලදි අම්මා මොනා හිතන්න ඇතිද කියලා මට අද තේරෙනවා.

මට තාමත් අම්මව නිදහසේ තියන්න බැරි වෙච්ච එකට මම තාමත් හඬාවැටෙනවා අම්මේ. අදටත් අපි වෙනුවෙන් අම්මා විවිධාකාරයෙන් වෙහෙසෙන බව මම දන්නවා. රැකියාවට නොගියත් නොයෙකුත් ආකාරවලින් අම්මා අපි වෙනුවෙන් කරන කැපවීම් මට හොඳට තේරෙනවා. මට ඒ ණය කවදාවත් ගෙවා නිම කරන්න තියා ඒකේ තරම හිතාගන්නවත් නොහැකි වුනත් මම පුලුවන් තරම් අම්මව සතුටින් තියන්න උත්සහ කරනවා. මම ආපහු ලංකාවට එන්නෙ අම්මා වඩාත්ම සතුටු වෙන දේ ඉටුකරන්නයි. ඒ අම්මට හොඳ ලේලි පොඩ්ඩක් ගේන එක. ඉතින් ඒ ගමන එනතෙක් මම සමුගන්නවා අම්මේ. අපි එදාට අද පාටියත් එක්කම සමරමු!

මගෙ උපන්දිනයට සුබ පතන්න එක්වෙන ඔබ සැමට බොහොමත්ම ස්තූතියි. බොහොමත්ම පිං෴

මට ලැබුනු වටිනාම විද්‍යුත් ලිපි වලින් එකක්.


මේක නම් ටිකක් දිග වෙයි. ඒත් ජීවිතයට ගොඩක් වැදගත් වෙයි. ඉතින් වෙලාව ඇති විටෙක කියවන්න.

විශ්වාසය

ඕනෑම සබැඳියාවක වැදගත්ම කොටස විශ්වාසයයි. විශ්වාසය බිඳුනු විට එය සබඳතාවයේ අවසානයයි. මද විශ්වාසය, සැකය ජනිත කරවයි. සැකය, තරහව ජනිත කරවයි. තරහව, වෛරය ජනිත කරවයි. වෛරය, වෙන්වීම ට මග පාදනු ලබයි.

දුරකථන ක්‍රියාකරවන්නියක් වරක් මෙසේ පැවසීය. ඇය වෙත දිනක් ඇමතුමක් ලැබුනු අතර “Public Utilities Board” ලෙස ඇය එයට පිළිතුරු දෙනු ලැබීය. කිසිදු පිලිතුරක් අනෙක් අන්තයෙන් නොවූයෙන් ඇය නැවතත් “PUB” ලෙස පැවසීය. තවමත් පිළිතුරක් නොලැබුනු බැවින් ඇය විසන්ධි කිරීමට සැරසෙත්ම අනෙක් පසින් කාන්තාවක් මෙසේ පිළිතුරු දෙනු ලැබීය. “ඔහ් මේ PUB එකද? සමාවෙන්න මට මේ නොම්බරය හම්බවුනේ මගෙ මහත්තයගෙ සාක්කුවක තිබිලා. මම මේ නොම්බරය කාගෙද කියලා දැනගෙන උන්නෙ නෑ”

Read more…

දෙමාපියන් වෙත ආදරයෙනි…..


පංති බාර ගුරුතුමිය ළමුන් හට අභ්‍යාසයක් දෙමින් තම තමුන්ට දෙවියන්ගෙන් ඉල්ලීමට අවශ්‍ය දේ ගැන රචනාවක් ලියන ලෙස පවසන ලදී. දිනය අවසානයේ නිවසේදී හරි වැරදි පරීක්ෂාකරමින් සිටින විට එහි තුබූ එක රචනාවක් ඇයට බොහෝ සෙයින් සිත් වේදනා ගෙන දෙන ලදී. වැඩනිමවී ගෙදරට පැමිණි සැමියා ඇය හඬනු දැක ඒ පිළිබඳ විමසිලිමත් විය. ඇය ඔහුට එක් රචනාවක් දි කියවන ලෙස ඉල්ලා සිටින ලදී.

Read more…

පවුරු බිඳින්නට කාලයයි!!!!!!


පාරදෘශ්‍ය උනාට මේකත් පවුරක්!!!!!!

නිදහස දැක දැකත් තාමත් හිර වෙලා……

අපි කොතරම් නිදහස් යැයි සිතුවත් කොයිතරම් නම් බිත්තිවලට කොටුවෙලා ඇද්ද?……

නමුත් ඔබගේ උත්සාහය ඔබගේ පරමාර්ථය තරම්ම අප්‍රමාණයි නම්, සම්පූර්ණ කැපවීම ජයග්‍රහනය කරා ඔබව රැගෙන යනු ඇත.

අවශ්‍ය වන්නේ උනන්දුව පමණි…………………