Archive

Archive for July, 2009

ජීවිතයට පාඩමක්……


මේක මට ලැබුනු මේල් එකකින් උපුටා ගැනීමක්. පරිවර්තනය කලේ නම් මම.

කාටහරි නියම මේල් එක ඔනානම් මට කියන්න මම එවන්නම්.

වැදගත්ම පාඩම – “පුද්ගලයින්ව මතක තබා ගැනීම  “


මම උසස් අධ්‍යාපනය ලබන කාලයේ අපේ මහාචාර්‍යවරයා හදිසි ප්‍රශ්න කිහිපයක් අපට යොමුකලා. ප්‍රශ්න කිහිපයට ඉතා ඉක්මනින් පිළිතුරු ලීවිමට හැකි වුවත් අවසාන ප්‍රශ්නය ඇත්තටම මට ප්‍රේහේලිකාවක් උනා. එය තමයි ” පාසල පිරිසිඳු කරන තැනැත්තියගේ මුල් නම කුමක්ද?”

මේකනම් ඇත්තටම විහිලුවක් විය යුතුයි. මම ඇයව කිහිපවරක් දැක තිබුනා. ඇය උසයි, කොන්ඩය කලු අවුරුදු 50 ගනන් වල කෙනෙක්. නමුත් මම කොහොමද නම දන්නේ? මම එයට පිළිතුරු නොදි පිළිතුරු පත බාරදුන්නා.

පන්තිය අවසාන වීමට කලින් අපි ප්‍රශ්න කලා අවසාන ප්‍රශ්නයත් ලකුණු දෙන එකක්ද කියා.”අනිවාර්‍යයෙන්ම” ඔහු කිව්වා ” ඔබගේ වෘත්තියේදි ඔබට බොහෝ මිනිසුන් හමුවෙනවා. හැමෝම සුවිශේෂයි. ඒගොල්ලන් වෙත ඔබ අවධානය යොමු කල යුතුයි. අඩුම ගානේ සිනහවක් සහ ආයුබෝවන් කියා පැවසීමෙන්වත්”

මට කවදාවත් එම පාඩම අමතක උනේ නැහැ. මම දැනගත්තා ඇයගේ නම ඩොරති කියා.

**********

2 – උදව් කරන්න



එක් රැයක වයසක කලු ජාතික කාන්තාවක් අධිවේග මාර්ගයේ අයිනක කාරයට වී සිටිනවා අධික වර්ෂාවෙන් බේරීම සඳහා. ඇයගේ කාරය මේ වන විට කාර්මික දෝෂයකට ලක්වී ඇති අතර ඇය තමන්ව පසු කරන වාහනවලින් තම ගමන යාමට උදව්වක් ඉල්ලා සිටියා. තරුණ සුදු ජාතිකයෙක් ඇයට උදව් කිරීමට නැවතුනා

ඔහු ඇයව ආරක්ෂා සහිතව  ටැක්සියක් කරා ගෙන ගොස් ඇයට උදව් කරනවා. ඇය ඉතා හදිසියෙන් සිටින බවක් පෙනෙන අතර ඇය ඔහුගේ ලිපිනය ඉල්ලා ගෙන ඔහුට ස්තූති කර යන්නට යනවා.

ඉන් සතියකට පමන පසු ඔහුගේ නිවසට විශාල වර්ණ රූපවාහිනියක් සමඟ කුඩා සටහනක් ලැබෙනවා. ඒකේ කියවෙනවා ” මට එදා උදව් කලාට ඔබට බොහොම ස්තූතියි. ඒ වෙලාවේ මගේ ඇඳුම් පමනක් නොව මගේ ශක්තිය පවා පෙඟිලා තිබුනා. නමුත් ඔබ නිසා මට මගේ පුරුෂයාගේ මරණයට මොහොතකට කලින් ඔහු අසලට යන්න හැකි වුනා. ඔබට දෙවි පිහිටයි.

මීට
Mrs. Nat King Cole ( ඇමෙරිකානු ප්‍රසිද්ධ කලු ගායකයකුගේ බිරිඳක්)

******

3 – ඔබට සේවය කරන්නන්ව අමතක නොකරන්න

අවුරුදු 10ක් පමණ වයසැති වන ළමයෙක් හෝටලයකට ඇතුලු වී sundae නැමැති අයිස්ක්‍රීම් වර්ගයේ මිල විමසා සිටියා එතැන සේවයකරනු ලබන සේවිකාවගෙන්.”$ 0.50 යි ඇය පිලිතුරු දුන්නා.

කුඩා ළමයා තම පසුම්බිය රැගෙන තමා සතු මුදල් ප්‍රමානය ගණන් කර නැවතත් විමසුවා “හොඳයි සමාන්‍ය අයිස්ක්‍රීම් එකක් කීයද?” මේ වන විට සෑහෙන පිරිසක් තව සේවය බලාපොරොත්තුවෙන් සිටින නිසා ඇය නොයිසිලිමත් හා රළු ලෙස $0.35 ලෙස දැනුම් දුන්නා.

ඔහු නැවතත් ගණන් කර හොඳයි මට එහෙනම් සාමන්‍ය එකක් දෙන්න යැයි පැවසුවා. ඇය එය ලබා දුන් අතර ඔහු පසුව බ්ල ගෙවා පිටවුනා. ඇය ඔහු ගේ පීරිසිය ගැනීමට පැමිනි විට දුටු දෙයින් හඬන්නට පටන් ගත්තා. එහි තිබුනේ ඇයගේ ටිප් එක ලෙස $ශත 15ක්.

එනම් ඔහු ඇයගේ ටිප් එක ගැන නොසිතුවානම් ඔහුට තම කැමතිම වර්ගයෙ අයිස්ක්‍රීම් එක රස බැලීමට තිබුනා.

******

4 – ජීවන මාර්ගයේ බාධක

එක්තරා රජ කෙනෙක් පාරක් මැද එය අවහිර වෙන ලෙස විශාල ගලක් තබා පැත්තකට වී සැඟවී සිටියාලු. ඔහුගේ ධනවත්ම වෙලෙන්දන් සහ ඇමතිවරුන් එය දැක එය මගහැර ගමන් ගනු ලැබුවා. බොහෝ දෙනා හැමෝටම ඇසෙන පරිදි පාර අවහිර නොවන ලෙස තබාගැනීමට රජුට නොහැකි බව පවසමින් එය මඟහැර ගියාලු ගලට කිසිවක් නොකරම.

ඊලඟට එතැනින් ගොවියෙක් යන්නට ගියාලු එලවලු කදක් රැගෙන. ඔහු ඔහුගේ ගමන නවතා බොහෝ අමාරුවෙන් අර ගල අයින් කිරීම්ට උත්සහ කර බොහෝ අවසානයේ ගල පාරෙන් අයින් කරනු ලැබුවා.

ඊලගට ඔහු තමාගේ එලවලු කද ලඟට යන විට ගල තිබූ තැන රන්කාසි මල්ලක් දුටුව අතර ඒ තුල රජතුමාගේ පණිවිඩයක් සඳහන් සටහනක් තිබුනා. එහි සඳහන් වී තිබුනේ මෙම රන්කාසි මල්ල අර බාධකය අයින් කල තැනැත්තට ලැබෙන බවයි.

ගොවියා අපි කාටවත් නොතේරෙන පාඩමක් ඉගෙන ගනු ලැබුවා. එනම් සෑම බාධකයක්ම අපගේ තත්වය වර්ධනය කර ගැනීමට උදව්වකි.

******

5 – අවශ්‍ය වෙලාවට දෙන්න

අවුරුදු ගණනකට පෙර මම ස්වෙච්ඡා සේවකයෙක් ලෙස රෝහලක වැඩ කරමින් සිටින විට ලිස් නැමැති දුර්ලභ රෝගයකින් පෙලෙන කුඩා ගැහැනු ළමයෙක්ව දැන්ගන්නට ලැබුනා. ඇයට තිබුනු එකම අවස්ථාවනම් අවුරුදු 5ක් වයසැති ඇයගේ කුඩා සහෝදරයාගෙන් රුධිර පාරවිලයනය කර ගැනීමයි. ඔහුටත් මෙම රෝගය වැලදි සිට නොසිතූ ලෙස සුවය ලැබූ අයෙක්. ඔහු තුල ප්‍රතිදේහ නිපද වී තිබුනා රෝගය සමඟ සටන් කිරීමට.

වෛද්‍යවරයා තත්වය දරුවාට පැහැදිලි කර ඔහුගෙන් කැමැත්ත විමසා සිටියා. ඔහු එක් මොහොතකට පසුබා සිට ගැඹුරු හුස්මක් ගෙන මෙසේ පිළිතුරු දුන්නා.” හොඳයි මම එය කරන්නම් එයින් ඇය සුවවෙනවා නම්”

පාරවිලයන සිදුකරන විට ඔහු ඇයට එහා පැත්තේ ඇඳට වී සිටිමින් ඇය දෙස බලාසිටියා. ඔහුගේ හිනාව අඳුරු වී ගොස් එක්වරම මෙසේ ඇසුවා. “දැන් මම මැරෙන්න පටන් ගන්නවාද?”

ඔහුගේ කුඩා මොලයට වැටහී තිබුනේ ඔහු තම සියළුම රුධිරය ඇයව බේරා ගැනීමට දිය යුතුයි කියායි.

******
ඇත්තටම අනිකාගේ ඉරියව්ව, ආකල්පය තේරුම් ගැනීම සැම දෙයක්ම හොඳින් කර ගැනීමට උදව්වක් වෙයි.

අපි ඔවුන්ව වෙනස් කලෙමු.


ඕනාම දෙයක් විකුනන්න ප්‍රචාරණය අවශ්‍යමයි. අද කාලේ වෙළඳ දැන්වීම් ක්ෂේත්‍රය ගොඩක් තරඟකාරී වගේම  සෑහෙන නිර්මාණශීලීත්වයට බර වෙලා තිබෙනවා.

කලින් දාපු පෝස්ට් දෙකෙන් මම නිර්මාණශීලීත්වයට බර දැන්වීම් ටිකක් ඉදිරිපත් කලත් අද පෝස්ට් එකෙන් මම තරඟකාරීත්වය පිලිඹඳ උදාහරණයක් ඉදිරිපත් කරනවා. ආ මට ගියපාර කියන්න අමතක උනානේ මීට කලින් ඉදිරිපත් කල පෝස්ට් දෙකට අදාල පින්තූර මට මේල් කරලා එවලා තිබුනේ මගේ ආදර සහෝදරිය විසින්.

මේක අපට අසල්වැසි රටවන ඉන්දියාවේ තිබෙන පෞද්ගලික ගුවන්ගමන් සමාගමක් වන Jet Airways සමාගම මගින් කල දැන්වීමකට පිලිතුරු ලෙස අලුතින් බිහිවුනු අඩුවියදම් ගුවන්ගමන් සමාගමක් වන Kingfisher මගින් කරනු ලබූ දැන්වීමක්.

පිංතූරය ලොකු කරන්න ඒමත ඔබන්න.

Weve changed

We've changed

We made them change !!

We made them change !!

කලාත්මක වෙළඳ දැන්වීම් 02


ඔන්න මම පොරොන්දු වුනු විධියටම අර දැන්වීම් ටිකේ ඉතුරු ටික දානවා.

බලන්නකෝ මේවා කොයිතරම් නිර්මාණාත්මක විධියට හදලා තියෙනවද කියලා.

පිංතූර විශාල කරන්න ඒවා උඩ කොටන්නකෝ ……

Objects in the mirror are closer than they appear

Objects in the mirror are closer than they appear

Globle warming - If we don't act now The Future looks blue

2 Minutes - Maggi

There is an easier way of committing suicide

Donate Eyes

Donate Eyes

Tyres

Tyres



කලාත්මක වෙළඳ දැන්වීම් 01


සෑහෙන කාලෙකින් අලුත් සටහනක් ලියන්න බැරි උනා. ඇත්තටම කියනවනම් ටිකක් කාර්‍යබහුල උනා කිව්වොත් නිවැරදියි.

කොහොම උනත් මේ ළඟදි මට ලැබුනු මේල් එකක තිබුනු ආකර්ශනීය දැන්වීම් කීපයක් මේ පාර දාන්න හිතුවා.

බලන්නකෝ කොහොමද කියලා. තව කොටසක් තියෙනවා.  ඊලඟ පාරට ඒ ටික දාන්නම්……

පිංතූර විශාල කරන්න ඒවා උඩ කොටන්නකෝ ……

Spare parts for Humans are not as original as those for cars. Don’t Drink & Drive

Help them get into School shoes instead

Almost 5 million die prematurely each year as result of smoking

HELMET            HELL MET

Every child needs a Family

Simply marry.com