Archive

Archive for March, 2010

මතකයන් අමතක කෙරුවත්


හරියටම මීට අවුරුදු 3කට කලින් අද වැනි දිනක ඇරඹි සුන්දරවූ එහෙත් වේදනාකාරී මතකයක් වෙනුවෙනි.

Read more…

Categories: ජීවිතය, දුක Tags: ,

බයිස්කෝප් සිංහලෙන් හා මම! III


ඔන්න හිතුවට වඩා ලිපිය දික්වේගෙන යන නිසා තුන් වෙනි කොටසත් ලිය වෙනවා. අදනම් ඉවර කරනවමයි. 😛

මුල් කොටස කියවපු අය දෙවෙනි කොටසත් කියවන්න ඇතිනේ…

දෙවෙනි කොටස ඉවර වුණේ මට ලැබුණු වැදගත්ම නිවේදනයෙන් නේ. ඔන්න මමත් අහගෙන ඉඳලා කිව්වා ” මචෝ මම ටයිප් කරන්නේ UCSC real time unicode converter එකෙන්නේ. නිවාඩු දවසේ කොහොමද කරන්නේ? මොකද ගෙදරට ජංජාලේ නැහැනේ ” කියලා. එතකොට තමයි ගුරා මට කිව්වේ ඒ පේජ් එකම සුරැකි කර ගත්තහම නෙට් නැතිවම යුනිකෝඩ් වලට හැරවෙන බව. ඒකමයි කාරිය කියලා මමත් හා කියලා වැඩේ බාර ගත්තා. අපි කරන්න ගත්තේ සයිට් එකේ උපසිරැසි සමඟ දීපු චිත්‍රපටි වලින් දෙවෙනියට දීපු The Shawshank Redemption [1994] චිත්‍රපටියයි. ගුරා හා මම තමයි කරන්න පටන් ගත්තේ. මම අගින් පටන් ගත්තා. පොර මුල හරියෙන් 200ක් විතර ඒ වෙනකොටත් කරලා බලලයි තිබ්බේ. මම ගෙදර ගිහින් පටන් ගත්තයි කියමුකෝ…. ලයින් දෙක තුනක් දාලා ඒක play කරලා බලපුවම ආපු සතුට ගුරාගෙන්ම උස්සපු වචන වලින් කියනවනම් රොම්බ හැපි. 😛

Read more…

බයිස්කෝප් සිංහලෙන් හා මම! II


පළමුවෙනි ලිපිය නැවැත්තුවේ මම බයිස්කෝප් සයිට් එක අඳුනගත්තු තැනින්නේ. අද ඉතුරු ටික…..

මම මුලින්ම පොතේ ගුරා කියන අන්වර්ථ නාමයෙන් සයිට් එක කරන්නේ කවුද කියලා මුකුත් නොදැන උන්නත් මමත් ටොරන්ට් වලින් චිත්‍රපටි බාගත කර ගන්න නිසා උනන්දුවක් දැක්වුවා ලිපි ගැන. ඒත් කමෙන්ට් කරන්න ගියේ නැහැ. මොකද ඒ වෙන කොට මට සිංහල ටයිප් කරන්න එච්චරම හැකියාවක් නොතිබුණු නිසා හා කියන දෙයින් මම චාටර් වෙයි කියලා හිතුනු නිසා.

Read more…

බයිස්කෝප් සිංහලෙන් හා මම I


ගොඩක් අය නොදන්න මගේ සිංහල බ්ලොග් එකේ උපසිරැසි පිටුවනම් නිතරම යාවත්කාලීන වුනත් මුල් පිටුවට කාලෙකින් පෝස්ට් එකක් දාන්න බැරුව බ්ලොග් එක වේලන්න හොඳ නැති නිසා මට හිතුනා ලිපියක් ලියන්න. මොකක් ගැන ලියන්නද කියලා හිතන කොට මට හිතුනා මුල් පිටුවට ලිපි නොවැටෙන හේතුව ගැනම ලිව්වනම් හොඳයි නේද කියලා. ඒකට ඉතින් හේතුව වෙන මොකක්වත් නෙවෙයි. බයිස්කෝප් සිංහලෙන් අඩවිය සමඟ මම අල්ලන අඩව්වනේ. 😛 කොහොම වුනත් අන්තිමේදි කල්පනා කළා බයිස්කෝප් අඩවිය සමග දැනට අවුරුද්දක් විතර වෙන්න කිට්ටු වෙන මගේ ඉතිහාසය කෙටියෙන් ලියන්න.

Read more…