Archive

Posts Tagged ‘holiday’

හැමදාම 86,400 ක්……


කට්ටිය අවුරුදු එහෙම සමරලා සතුටින් කාලය ගත කළානේ. දැන් ඉතින් ආපහු පරණ ජීවිත වලට බහින එපෑයෑ. ඉතින් මට හිතුනා දැකපු මේල් එකක තිබ්බ හොඳ පාඩමක් කට්ටිය එක්ක බෙදා ගන්න. ආරම්භය සුබවාදී වගේම අවසානය දක්වා එම සුබවාදි බව රැක ගන්න උදව්වක් ගන්න පුළුවන්ද බලන්න.

Autumn Leaves

මොහොතකට හිතන්න ඔබගේ ගිණුමට රු. 86,400 ක් හැම උදයකම බැර කරන බැංකුවක්  ගැන. දිනකින් දිනකට ශේෂය ගෙන නොයන; ගිණුම සතයටම හින්දන්න අවස්ථාව ලබා දෙන; සෑම රැයකම ඔබ භාවිත නොකල මුදල ගිණුමෙන් ඉවත් කරන ගිණුමක් ගැන. ඔබ ඒ වගේ ගිණුමකින් කුමක් කරයිද? අනිවා හැමදාම සතයටම හින්දයි නේ??????

Read more…

නිවාඩුවෙන් පසුව ආයෙත්……


ඔන්න කාලෙකට පස්සේ ආයේ එන්න ලැබුනා. ඇත්තටම කියනවනම් මාසෙකට පස්සෙ.

හේතුව කියනවනම් මම නිවාඩුවකට ඈත පැත්තකට ගියානේ. ඉතාලියේ වගේ යුරෝපීය රටවල අගෝස්තු මාසය කියන්නේ හැමෝටම නිවාඩු මාසයක් තමයි. ඉතින් හැමෝම වෙන වෙන රටවලට එහෙමත් නැත්තම් මුහුදට කිට්ටුව ගෝ කඳුකරය වගේ ශීතල පැති වල තිබෙන තමුන්ගේ නිවෙස් වලට යනවා. මොකද තියෙන උෂ්නත්වය දරාගන්න බැරි නිසා.

ඉතින් මමත් මේ පාර ගියා කඳුකර පොඩි ගමකට. ඒකේ නම Santa Croce del Sannino. ඇත්තටම නිස්කලංක ලස්සන පලාතක්.

ෆොටෝත් එක්ක වැඩිපුර විස්තර මම ඊලඟ පොස්ට් එකෙන් දාන්නම්. එහෙ ජංජාලේ හොයාගන්න සෑහෙන දුක් විදීන්න උනා. මොකද එකම එක බාර් එකක කැෆේ එකක් වගේ අරගත්තහම නොමිලේ සැරිසරන්න දුන්නා. ඒත් ඉතින් ඕකට හැමදාම රිංගන්න පුලුවන් එකක් යෑ. ඉතින් මම මිදි තිත්තයි කියලා හිතා ගත්තා. එහෙම කිව්වට මොකෝ මම උන්නේ නලිය නලිය. 😀

එහෙනම් ඉක්මනටම මගේ ෆොටෝත් එක්කම හම්බ වෙමු.

මෙන්න එතකම් මම ජංජාලෙන් හොයා ගත්තු ෆොටෝ ටිකක්. බලන්නකෝ.