මම ගැන……


මම ගැන කියනවා නම් මගේ ගම දංකොටුව. 😀 මට හිතෙනවා එහෙම කිව්වම කට්ටිය මොන තරම් දේවල් හිතයි ද කියලා. මම නම් ඕවට නෑ හොදේ….

අවුරුදු 13 ඉගෙන ගෙන හොඳ රස්සාවක් කර කර ඉද්දි වාසනාවකට හෝ අවාසනාවකට මේ රටට එන්න ලැබුනා. තාම මෙහෙට ඇවිත් අවුරුදු 2ක් වත් ගියෙ නෑ. හැබැයි ඇවිත් ටික කාලෙන්ම තේරුනා ලංකාව කියන්නේ කොයිතරම් සුන්දර රටක්ද කියලා. ඒක තේරෙන්න ඉතින් පිටරටකට යන්නම ඕනා.

කතාවට වඩා නිශ්ශබ්දව ඉන්න කැමති නිසා යාලූවෝ නම් ටිකක් අඩුයි. හැබැයි ඉන්න ටික දෙනාට නම් බොක්කෙන්මයි. කතාව අඩුකමටමද කොහෙද ලියන්න ටිකක් ආසයි. ලියන දේවල් කියවලා හිතෙන දෙයක් සටහන් කරන්නත් අමතක කරන්න එපා ……