Archive

Archive for December, 2009

සුබ අලුත් අවුරුද්දක් වේවා……


2009 අවුරුද්දත් ඉවරයි එහෙනම්. ආපසු හැරිලා බැලීමක් කරන්න හිතුනා. මේ අවුරුද්ද පටන් ගත්තේ නම් අමුතුම විදියකට. කතාවක් තියෙනවනේ ජනවාරි පලවෙනිදා සල්ලි අතින් යන්න හොඳ නෑ කියලා. හැබැයි මට නම් අතින් ගියා. හැබැයි අවුරුද්ද පුරාවට ගත්තහම මට මුදල් නැත්තම් රැකියාව අතින් 2008 ට වඩා ස්ථාවර වෙන්න පුළුවන් වුණා. හැබැයි පෞද්ගලික ජීවිතයේ නම් යම් පසු බෑමකින් තමයි අවුරුද්ද පටන් ගන්න සිද්ධ වුණේ. ඒත් දැන් නම් එවා අමතක කරලා දාලා ඉන්නේ. 🙂

මේ අවුරුද්දෙ සිද්ධ වුණු ලොකුම පෙරළියක් තමයි සිංහල යුනිකෝඩ් ගැන ඒ වගේම සිංඩිය ගැන දැන ගන්න ලැබීම. ඊට කලින් සිංදුවක් අහන්න අන්තර්ජාලයෙන් චැට් කරන්න විතරක් හුරු වෙලා හිටපු මම දැන් බ්ලොග් එකක් ලියන්නත් පුරුදු වුණා. චැට් රූම් පැත්ත පළාතක යන්නේ නැහැ. ඊට වඩා සින්ඩියේ තියෙන බ්ලොග් වල ලියවෙන දැණුම් සම්භාරයෙන් ධනවත් වීම වැඩදායකයි. ඒ වගේම මට හොඳ යාලුවන් කිහිප දෙනෙකුත් අඳුන ගන්න ලැබුනා. විශේෂයෙන්ම දැන් බ්ලොග් අවකාශයේ මාව වැඩි දෙනෙක් දන්නේ බයිස්කෝප් අඩවියට උපසිරැසි සහිතව චිත්‍රපටි දෙන කෙනා විදියටනේ. ( මගෙ බ්ලොග් අඩවියේ වුනත් වැඩිපුර කමෙන්ට් වැටිලා තියෙන්නේ සිංහල උපසිරැසි පිටුවටනේ ) 🙂 ඒකෙනම් සම්පූර්ණ ගෞරවය යන්න ඕනා පොතේ ගුරා සහෝදරයට තමයි. ඒ වගේම සරදියෙල්, ඇන්ත්‍රැක්ස්, පිස්සා, සොඳුරුසිත, ගෝලයා, දුකා, වගේ බොහෝ දෙනෙක්ව අඳුනගන්න ලැබුනා. (හදිස්සියෙන් ලියන නිසා නම් නොලියවුණු අය තරහ වෙන්න එපා හොඳේ)

ඉතින් සමස්තයක් විදියට ගත්තහම සාර්ථක වසරක් කියලා හඳුන්වන්න පුළුවන්. එහෙනම් ලබන්නාවූ නව වසර සුබම සුබ අලුත් අවුරුද්දක් වෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා හැමෝටම. ජය වේවා !!!!!!

සුබ නත්තලක් වේවා!!!!!!


ඔබ සැමට සුබ නත්තලක් වේවා. සාමයේ කුමාරයා ගෙනා සාමයේ පණිවුඩය සියළු හදවත් තුල රැව් පිළිරැව් දේවා…….

පිංතූර ගත්තේ මෙතනින්.

බලවත්ම……


වඩා බලවත්ම……

බලන්න මේ සටහනෙන් කීයක් ගැන ඔබට එකඟ වෙන්න පුළුවන්ද කියලා. ඒ වගේම කීයක් ඔබගේ ජීවිතයේ තියෙනවද කියලා.

Read more…

උත්සහය

December 11, 2009 Comments off

අපි ජීවිතයේ කොයිතරම් දේවල් ලඟා කරගන්න උත්සහ කරනවාද? ඒත් කීයෙන් කීයද සාර්ථක වෙන්නෙ? මේ කතාව කියවලා බලන්නකො ගත යුත්තක් තියෙනවාද කියලා.

Read more…

The Law of the Garbage Truck


ඔන්න කාලෙකට පස්සෙ පෝස්ට් එකක් දාන්න හිතුවා.

මේ කාලෙ ඇතුලත මම මේ බ්ලොග් එකේම ලියපු ජීවිතයට පාඩමක් කියන පෝස්ට් එක ගූගල් ගෲප් එකකින් උස්සලා ඒක කට්ටියකට මේල් කරලා තිබ්බා. දාපු සබ් එකක් අරගෙන ඒක තමුන්ගෙ කරගෙන තිබ්බා. ප්‍රශ්න ගොඩයි. කොහොම වුනත් මම තීරණය කළා වැඩිපුර සිංහලට පරිවර්තනය නොකර පෝස්ට් දාන්න. අනික සබ් දාන එකත් පොඩ්ඩක් අඩු කරන්න හිතුවා. ඒකටනම් හේතුව වෙනම එකක්. කොහොම වුනත් කියවල බලන්නකො. මේ සටහනෙන් පාඩමක් ගන්න පුලුවන්ද කියලා.

Read more…