මානව හිතවාදී අති උතුම් දෙවන ජුවාම් පාවුළු පාප්තුමා.
වර්ෂ 1920 මැයි 18 පෝලන්තයේ ක්‍රැකෝව් ප්‍රදේශයේදී එමිලියා හා වොයිටිල්ලා යුවලට මව්පිය පදවි උරුම කරමින් කැරොල් වොයිටිල්ලා මෙලොව එලිය දිටීය.
ආදරය
සැමරීමක් නොමැති උපන්දිනය.
අද සැප්තැම්බර් දාසය. මගෙ උපන්දිනය. අවුරුද්දට සැරයක් කේක් එකක් කපලා පොඩි ජොලියක් දාලා මතක හිටින්න ෆොටෝ දෙක තුනක් අරගෙන සැමරීමක් කරන්න……. එහෙමත් නැතිනම් පාටිය අවලංගු කරලා ඒ මුදල් වලින් අනාථ නිවාසයක ඉන්න සහෝදර සහෝදරියන් එක්ක සන්ධ්‍යාවක් ගත කරලා අර්ථවත් විදියට සැමරීමක් කරන්න… මමත් ආසයි. ඒත් අද මම ඉන්නෙ ඒ සැමරීම කරන්න හැකියාව තිබුනත් කිසිම ප්‍රබෝධයක් නැති තත්වයක. ඒකට හේතුව මම අද ඉන්නෙ දුරු රටක යුරෝ හොයාගන්න නොවිඳිනා දුක් විඳිමින් නිසාමත් නෙවෙයි. මම ගොඩක්ම ආදරය කරන මගෙ අම්මා මා අසල නැති එක ගැන තැවෙමින්. නිවාඩුවට ලංකාවට ගිහින් මාස දෙකහමාරක් අම්මා හා නංගි එක්ක ගත කරලා ආපු ගමන් හිතට දැනෙන කාංසිය වචන වලට පෙරලන්න තරම් මම භාෂාව හැසිරවීමේ දක්ෂතාවයක් මට නැහැ.
අම්මා ඇයගේ ජීවිතයම කැප කලේ අපේ පවුලේ විශේෂයෙන් දරුවන් දෙදෙනාගේ අභිවෘධිය වෙනුවෙන්. අම්මා තුල තිබුනු ඒ ධෛර්යය, කැපවීම මා තුල නම් පිහිටලා නැහැ. පොඩි කාලෙ ඉඳින්ම අපිට දුකක් දෙන්න නොවිඳිනා දුක් විඳින්න ඇති. මම සැපසේ පාසල් වෑන් රථයේ නැඟිලා පාසල් යනකොට හැම දාම අම්මා බස් එකේ කොළඹ ගියා රැකියාව කරන්න. අද කාලෙ බස් සේවය වඩා යහපත් තත්වයක තිබිලත් කොළඹ ගිහින් එනවා කියන්නෙ මරණවා වගේ වැඩක්. පැය එකහාමාරක් දෙකක් බස් එකක ඉඳගෙන වුනත් එනවා කියන්නෙ මට මෙහෙම නම්, සතියේ දින 5ක් පුරාවට රැකියාවට යනවා කිව්වම මට අද නම් හිතා ගන්නවත් අමාරුයි. ඒ ගෙදර අනිකුත් වැඩත් කරන ගමන්. ලැබෙන සොච්චම් පඩිය රෝල් ගහලා අපේ අවශ්‍යතා සපුරද්දි මම අනන්තවත් අනවශ්‍ය වියදම් ඉල්ලලා කන්කෙඳිරි ගාපු අවස්ථා අනන්තයි. ඒවා දෙන්න හැකියාවක් නොතිබුනු වෙලාවක මට තරහ ගිය අවස්ථාත් අපමණයි. එහෙම වුනේ මගෙ යාළුවො අත දිගැරලා වියදම් කරද්දි මම කොන්වෙච්ච නිසා වුනත් මගේ කන්කෙඳිරි ගෑම් වලදි අම්මා මොනා හිතන්න ඇතිද කියලා මට අද තේරෙනවා.
මට තාමත් අම්මව නිදහසේ තියන්න බැරි වෙච්ච එකට මම තාමත් හඬාවැටෙනවා අම්මේ. අදටත් අපි වෙනුවෙන් අම්මා විවිධාකාරයෙන් වෙහෙසෙන බව මම දන්නවා. රැකියාවට නොගියත් නොයෙකුත් ආකාරවලින් අම්මා අපි වෙනුවෙන් කරන කැපවීම් මට හොඳට තේරෙනවා. මට ඒ ණය කවදාවත් ගෙවා නිම කරන්න තියා ඒකේ තරම හිතාගන්නවත් නොහැකි වුනත් මම පුලුවන් තරම් අම්මව සතුටින් තියන්න උත්සහ කරනවා. මම ආපහු ලංකාවට එන්නෙ අම්මා වඩාත්ම සතුටු වෙන දේ ඉටුකරන්නයි. ඒ අම්මට හොඳ ලේලි පොඩ්ඩක් ගේන එක. ඉතින් ඒ ගමන එනතෙක් මම සමුගන්නවා අම්මේ. අපි එදාට අද පාටියත් එක්කම සමරමු!
මගෙ උපන්දිනයට සුබ පතන්න එක්වෙන ඔබ සැමට බොහොමත්ම ස්තූතියි. බොහොමත්ම පිං෴
පවුල තුළ සන්නිවේදනය III
ඒ දැරිය ඔවැනි වැදගත් ප්‍රශ්නයක් ගැන යලිත් ඇයගේ මව සමග කථා නොකරනු ඇත. මෙවැනි අන්දමින් ඉතා වැදගත් සාකච්ඡාවකට ඇරෙන දොරවල් අපේ හදිසි විවේචන හෝ විනිශ්චයන් නිසා වසා දමමුද?
පවුල තුළ සන්නිවේදනය II
පවුල තුළ සන්නිවේදනය මුල් කොටස කියවන්න
ක්‍රම ක්‍රමයෙන් මගේ හැඟීම් ගැන මටම සිතාගන්නට බැරි තත්වයකට මම පත් වූවෙමි. දැන් දැන් ගොළුවකුගේ හැඟීම් කවරාකාරකදැයි මට අවබෝධ වන්නට විය.
පවුල තුළ සන්නිවේදනය I
1987 අප්‍රියල් සත්මග කලාපයෙන් උපුටාගත් ලිපියකි……
පවුල තුළ සන්නිවේදනය
කොහෙත්ම කළ නොහැකි දෙයක්; මා කතා නැතුව සිටියොත් අපේ පවුලේ කටයුතු කොහොමට හිටීවිද? මට එකවරම සිතට ආයේය.
Recent Comments