Archive

Posts Tagged ‘Details’

හෑෂ් ටැග් එකෙන් ටොරන්ට් හොයාගමු…..[Updated]


12

ඇත්තටම කියනවනම් මේ දේ ගොඩ දෙනෙක් දන්න දෙයක්. ඒත් ඉතින් නොදන්න අය වෙනුවෙන් ලියන්න හිතුවා. හැෂ් ටැග් එකෙන් ටොරන්ට් එක හොයන්න සිද්ධ වෙන ප්‍රධාන හේතුවක් තමා අපි දෙන අඩවි සමහර වෙලාවට, සමහර රටවලට පිවිසෙන්න අවහිර කර තිබීම. නැත්තම් හදිසියේ ටොරන්ට් අඩවිය අක්‍රීය කළොත් පෝස්ට් බර ගානක ලින්ක් බර ගාණක් අක්‍රීය වෙන හින්දා තියෙන වෙලාවත් එක්ක ඒවා හදන්න ටික කාලයක් නොහැකිවීම. ඉතින් අපි ඒවා හදනකම් බලා නොයිඳ හැෂ් එකෙන් ටොරන්ට් එක හොයාගන්නෙ කොහොමද බලමු.

 

 

පළවෙනි ක්‍රමය හරිම පහසුයි. (විශේෂ ස්තූතිය චින්තක බණ්ඩාර මල්ලිට)

චින්තක මල්ලි විසින් හදපු ඩොක් එක මෙතෙනින් බලන්න. ඒ විදියට කෙලින්ම අපේ utorrent softwear මාර්ගයෙන්ම ලේසියෙන්ම ටොරන්ට් එක බාගත කරගන්න පුළුවන්.

 

 

ඊලඟට ලේසිම ක්‍රමය තමා, අපි දීලා තියෙන හැෂ් ටැග් එක කොපි කරගෙන ගූගල් කිරීම. ඒකෙන් ඒ ටොරන්ට් එක තියෙන වෙබ් සයිට් ටික පෙන්නනවා. ඉතින් බ්ලොක් කරල නැති සයිට් එකකින් ඒක බාගත කරගන්න ඔයාලට පුළුවන්.

තව ක්‍රමයක් තමා ටොරන්ට් සර්ච් එංජින් වල හෝ ඔයාල නිතරම යන ටොරන්ට් සයිට් එකක සර්ච් කරන එක.

තවත් ක්‍රමයක් තමා http://178.73.198.210/ කියන සයිට් එකෙන් බලන එක. ඒකට අනුව පහළ විදියට TORRENT_HASH කියන තැනට හැෂ් ටැග් එක දාල එන්ටර් කළොත් ටොරන්ට් එක ඩවුන්ලෝඩ් වෙනවා.

http://178.73.198.210/torrent/TORRENT_HASH.torrent

උදාහරණ විදියට අපිට ගන්න ඕනා 86c503645656712f186d6281748521866af9ded9 කියන එකනම් අපි ලින්ක් එක දෙන්න ඕනා මේ විදියටයි.

http://178.73.198.210/torrent/86c503645656712f186d6281748521866af9ded9.torrent.

පැහැදිලි ඇති කියලා හිතනවා. මීට අමතරව ලේසි ක්‍රම තියෙනවනම් ඉදිරියේදී දැනුම් දෙන්නම්.

ආරම්භය……


මෙච්චර කල් බ්ලොග් කියව කියව උන්නු මමත් බ්ලොග් එකක් පටන් ගන්න හිතුවා. මම ගැන පොඩි විස්තරයක් කියලම වැඩේ පටන් ගන්නම්. මගේ ගම දංකොටුව. ඒත් දැන්නම් ඉන්නේ නේපල්ස් (Naples) වල. හරියටම අවුරුදු 25 පිරුණු දාට පහුවදාම මෙහෙට එන්න ලැබුනා.

මෙහෙට ඒ කියන්නේ ඉතාලියට එන්න මම ඉන්න ප්‍රදේශයේ ගොඩක් අය සිහින දකිමින් ඉන්නවා. කොටින්ම කියනවනම් මීගමුව ඉඳන් හලාවත වෙනකම් ඉන්න ජනතාවගෙන් වැඩි කොටසක් දැන් ඉන්නේ මෙහේ. ඒත් ලංකාවේ ඉන්නකොට දකින ඉතාලියයි මෙහෙට ආවට පස්සේ දකින ඉතාලිය යයි කියන්නේ බොහොම වෙනස් තැන් දෙකක්. ඒ කට්ට ඉතින් කාලම බලන්න ඕනා. මම ඒ ගැන වෙනම ලිපියකින් කතා කරන්නම්.

ඇත්තටම මම බ්ලොගයක් පටන් ගන්න හිත හිත ඉද්දි අපේ පොතේ ගුරා සහෝදරයා ආරධනා කලා බලන චිත්‍රපටි ගැන හැදින්වීම් කරන්න. ඉතින් මමත් චිත්‍රපටි බලන්න හරිම රුසියනේ 😀 . මමත් ලිපි 3-4 ලිව්වා. ඒකෙන් ඉතින් මම මේ වැඩේ පටන් ගන්න එක ඉක්මන් උනා. ඒකේ ස්තුතිය යන්න ඕනා ඉතින් පොතේ ගුරා සහෝදරයට.

අදට මේ ඇති. මම ආරධනා කරනවා හැමෝටම මම ලියන දේ වල හොඳ, නරක, වැරදි, පෙන්වන්න කියලා. ඕනා දෙයක් බාර ගන්න සූදානම්. එහෙනම් පස්සේ දවසක හමු වෙමු.