Home > කලාත්මක, දැන්වීම් > අපි ඔවුන්ව වෙනස් කලෙමු.

අපි ඔවුන්ව වෙනස් කලෙමු.


ඕනාම දෙයක් විකුනන්න ප්‍රචාරණය අවශ්‍යමයි. අද කාලේ වෙළඳ දැන්වීම් ක්ෂේත්‍රය ගොඩක් තරඟකාරී වගේම  සෑහෙන නිර්මාණශීලීත්වයට බර වෙලා තිබෙනවා.

කලින් දාපු පෝස්ට් දෙකෙන් මම නිර්මාණශීලීත්වයට බර දැන්වීම් ටිකක් ඉදිරිපත් කලත් අද පෝස්ට් එකෙන් මම තරඟකාරීත්වය පිලිඹඳ උදාහරණයක් ඉදිරිපත් කරනවා. ආ මට ගියපාර කියන්න අමතක උනානේ මීට කලින් ඉදිරිපත් කල පෝස්ට් දෙකට අදාල පින්තූර මට මේල් කරලා එවලා තිබුනේ මගේ ආදර සහෝදරිය විසින්.

මේක අපට අසල්වැසි රටවන ඉන්දියාවේ තිබෙන පෞද්ගලික ගුවන්ගමන් සමාගමක් වන Jet Airways සමාගම මගින් කල දැන්වීමකට පිලිතුරු ලෙස අලුතින් බිහිවුනු අඩුවියදම් ගුවන්ගමන් සමාගමක් වන Kingfisher මගින් කරනු ලබූ දැන්වීමක්.

පිංතූරය ලොකු කරන්න ඒමත ඔබන්න.

Weve changed

We've changed

We made them change !!

We made them change !!

  1. July 22, 2009 at 11:59 pm

    ඇත්ත මචෝ, ඒත් ඉන්දියාවට වඩා බටහිර රටවල් ඒක බහුලයි. ඉන් Rogers හා Bell යන ලංකාවේ Dialog හා Mobitel වගේ සමාගම් දෙකක් ඒ ඒ ආයතනයේ වර්ණ හා ලාජනයන් එළිපිට භාවිතා කරමින් අනෙකාට වඩා තමුන් හොඳයැයි කියමින්ද අනේකාව හාස්‍යයට ගනිමින් වෙළඳ දැන්වීම් එහෙමත් නිපදවනවා.

  2. රොයිලි ප්‍රනාන්දු
    July 23, 2009 at 8:20 pm

    බටහිර රටවල තරඟකාරීත්වයත් වැඩියි නෙ මචං. හොඳවයින් මඩත් ගහගන්නවා ඇති එහෙනම් . 🙂

  1. No trackbacks yet.
Comments are closed.