බයිස්කෝප් සිංහලෙන් හා මම I


ගොඩක් අය නොදන්න මගේ සිංහල බ්ලොග් එකේ උපසිරැසි පිටුවනම් නිතරම යාවත්කාලීන වුනත් මුල් පිටුවට කාලෙකින් පෝස්ට් එකක් දාන්න බැරුව බ්ලොග් එක වේලන්න හොඳ නැති නිසා මට හිතුනා ලිපියක් ලියන්න. මොකක් ගැන ලියන්නද කියලා හිතන කොට මට හිතුනා මුල් පිටුවට ලිපි නොවැටෙන හේතුව ගැනම ලිව්වනම් හොඳයි නේද කියලා. ඒකට ඉතින් හේතුව වෙන මොකක්වත් නෙවෙයි. බයිස්කෝප් සිංහලෙන් අඩවිය සමඟ මම අල්ලන අඩව්වනේ. 😛 කොහොම වුනත් අන්තිමේදි කල්පනා කළා බයිස්කෝප් අඩවිය සමග දැනට අවුරුද්දක් විතර වෙන්න කිට්ටු වෙන මගේ ඉතිහාසය කෙටියෙන් ලියන්න.


අන්තර්ජාලය සමඟ මගේ ඉතිහාසය 2006 තරම් ඈත කාලයක සිට පටන් ගත්තත් මුල් කාලයේ මට වැඩි වෙලා ජංජාලයේ ගත කරන්න ලැබුන් නෑ කිව්වොත් නිවැරදියි. මොකද ලංකාවේ රැකියාව කරන ස්ථානයේ දවසකට ගත කළ පැය 8-9 තරම් වෙච්ච කාලය තුල හැම වෙලාවෙම පරිගණකය ඉස්සරහ ජංජාලය සමඟ ගණුදෙනු කළත් ඒ සියල්ලම රැකියාවටම පමණක් සීමා වුණා කිව්වොත් නිවැරදියි. ඉඳලා හිටලා මේල් පරීක්ෂාකරපු එක ඇරුනම. ඉතින් රැකියාවෙන් පිට අන්තර්ජාලය සමඟ මම ගත කරන කාලය හරියටම පටන් ගත්තේ හරියටම කියනවනම් 2008 ජනවාරී මාසයේ කිව්වොත් නිවැරදියි. ඒ වෙද්දි ලංකාවෙන් පිටවෙලා දුරු රටකට වෙලා මගේම කියලා ලැපක් එහෙම අරගෙන තමයි හිටියේ. වෙනවිදියකින් කියනවනම් හරියටම මෙහෙදි මම උපයපු පළවෙනි වැටුපෙන් කලේ මේ ලැප ගත්තු එක තමයි. අදටත් මම ගාව තියෙන N70 දුරකථනය කේබල් එකෙන් අමුණගෙන එහෙම තමයි මුලින්ම අන්තර්ජාලයේ සැරිසරන්න පටන් ගත්තේ. එහෙම කරනකොට වේගය ගැන කියන්න දෙයක් නෑනේ. 🙂 ඇත්තෙන්ම කියනවනම් දවසේ ගමන් මාර්ගය වුණේ මේල් ටික බලලා හැට හුටාමාරකට ඒ ටික යවලා පත්තර දෙක තුනක් කියවලා කෙලින්ම යනවා යාළු chat එකට. එහෙම නැත්තම් yahoo එකෙන් චැට් කරන එක තමා කරපු එකම දේ. දැන් කල්පනා කරද්දි ඒක බොහොම බොළඳ වැඩක් විදියට හිතුනත් ඒක නිසාම තමයි මම මුලින්ම සිංහල යුනිකෝඩ් ගැන දැනගන්න ලැබුනේ. ඒ වගේම දැන් චැට් රූම් සහ යාහූ චැට් පැත්ත පලාතක නොගියත් අදටත් මූණු පොතේ ඉන්න යාළුවෝ කණ්ඩායමක් ඒකෙන් හමුවුණා කිව්වොත් නිවැරදියි. එක දවසක් යාළු චැට් එකට වැටුනු සිංහල අකුරු ටිකක් නිසා ඒක මොකක්ද කියලා හොයලා බලද්දි තමයි මම සිංහල යුනිකෝඩ් ගැන දැනගත්තේ. මොකද මටත් ඕනා වෙලා තිබ්බා සිංහලෙන්ම අකුරු පේන්න දාන්න. නැත්තම් සමහර වෙලාවට ඉංග්‍රීසි අකුරෙන් මම ලියන දේවල් වැරදි විදියට අනික් අයට තේරුම් ගිය වෙලාවල් තිබ්බ නිසා.

හැබැයි ඔහොම යුනිකෝඩ් ගැන දැනගද්දි 2009 අවුරුද්දෙ ජනවාරි විතර වුණා. 🙂 ඔය අතර දෙයියෝ දුන්නා වගේ රැකියාවේ හොඳ මාරුවක් සිද්ධ වුණා. ඒ මාරුව නිසා දවසේ පැය 24 පුරාම අන්තර්ජාලයට යන්න හොඳ ADSL සම්බන්ධතාවයක් හා විශේෂයෙන්ම ඒක නොමිලේ ලැබීම යන කරුණු කාරනා ඉටුවුණා. ඔන්න ඉතින් මමත් ටොරන්ට් වලින් චිත්‍රපටි බාගත කර ගන්න එහෙම පටන් ගත්තා. හැබැයි ඒ වෙද්දි සින්ඩිය ගැනවත් බයිස්කෝප් අඩවිය ගැනවත් කිසිම දැනුමක් තිබ්බෙ නැහැ. මේ අතරතුරේ තමයි සිංහල බ්ලොග් කරුවන්ගේ සංගමය හා සින්ඩිය දැන ගන්න ලැබුනේ. ඊට පස්සෙ චැට් රූම් සියල්ල අතාරැලා දාලා මමත් නිතරම සින්ඩියේ පාඨකයෙක් බවට පත් වුණා. දැකපු මුල්ම ලිපියකින් (අවාසනාවට මට දැන් එහි වෙබ් ලිපිනය මතක නෑ 😦 ) දැන ගත්තු Google Reader එක නිසා සින්ඩියේ සියළුම ලිපි හා මම නිතර ගැවසිච්ච ප්‍රවෘත්ති අඩවි වල ලිපි reader එකට ග්‍රහනය කර ගන්න ලැබුනා. ඔය අතර තමයි අපේ පොතේ ගුරා සහෝදරයා පටන් අරගෙන තිබුනු බයිස්කෝප් සිංහලෙන් අඩවිය දැක්කේ. ඒක මුලින්ම තිබ්බේ Blogspot අඩවියක් විදියට වගෙයි මට මතක.

දෙවෙනි කොටස……

  1. March 21, 2010 at 10:56 pm

    එහෙම බාගෙට ලියල හරියනවයෑ, දැං‌හෙට වෙනකං හිටපල්ලකො ඉතුරු ටික කියවන්න…

    • රොයිලි ප්‍රනාන්දු
      March 21, 2010 at 11:17 pm

      හික්ස් 😛 බය වෙන්න එපා. ඔක්කොම ලියලා ඉවරයි. අනිවා දෙනවා. 🙂

      පෝස්ට් එක දාන පරක්කුවට මූ කමෙන්ට් එකක් දාලත් ඉවරනේ. එල එල ස්තූතියි සහෝ කමෙන්ට් එකට 🙂

  2. March 22, 2010 at 2:00 am

    මමත් නොදන්න දේවල් දැනගන්න හොඳ වෙලාව. දෙවැනි කොටස එන තුරු බලා සිටිමි..

    • රොයිලි ප්‍රනාන්දු
      March 22, 2010 at 1:52 pm

      එල එල සහෝ හෙටම දෙන්නම්කෝ. ඇවිත් බලන්න 😛

  3. March 22, 2010 at 4:07 am

    අන් අයට වැඩක් කර දෙන ‍ගමන් ඔබේ බෙල්ල බේරා ගැනීමත් වැදගත්. හොඳක්ම වේවා.

    • රොයිලි ප්‍රනාන්දු
      March 22, 2010 at 1:53 pm

      ඔබ තුමාගේ කමෙන්ට් එක මම දැක්කේ පරක්කු වෙලානේ. මම ඔබ තුමාගේ සමාජ සත්කාරය ගැන මේ ලිපියෙම අවසානයේ ලියලා තියෙන්නේ. බලන්න කෝ 🙂

  4. March 22, 2010 at 6:33 am

    මමත් ඔය කාලෙම තමා සිංහල ගැන දැනගත්තේ.සින්ඩියට නිතරම ගියා.ඒත් බ්ලොග් එක පටන් ගත්තේ පස්සේ.බයිස්කෝප් එක හින්දා තමයි උඹව අඳුනාගත්තෙත්….
    ඉතුරු ටිකත් ලියන්න….

    • රොයිලි ප්‍රනාන්දු
      March 22, 2010 at 1:56 pm

      එල එල සහෝ මට ගොඩක් අයව අඳුන ගන්න ලැබුනෙත් කිසිම සින්ඩියකට නොදා මේ තරම් කට්ටියක් බ්ලොග් එකට ගොඩවදින්නෙත් බයිස්කෝප් සිංහලෙන් නිසා තමයි මචෝ. තේරෙනවනේ එහෙම කිව්වම බයිස්කෝප් සිංහලෙන් කියන්නෙත් තවත් සිංඩියක් නොවුනට ඒ වගේම ප්‍රසිද්ධියක් බ්ලොග් එකට ලැබුන තැනක් කියලා.

      ස්තූතියි මචෝ කමෙන්ට් එකට 🙂

  5. March 22, 2010 at 8:31 am

    අර කඩුව ගිලින්ඩ අද උගන්නලා එළියට ගන්න හැටි ලබනසතියේ උගන්නන්නං කිව්ව වගේ කතාවක් නේ බං මේක. ඔක්කොම කියලා දැම්මනං ඉවරයි.
    මේ ඊළඟ ලිපිය දානකොට උඹේ සැරින් සැරේ ඩිස්කනෙක්ට් වෙන ඉන්ටනෙට් කනෙක්ෂන් එක ලැබුනේ කොහොමද කියලත් කියපං.නැත්තං උඹ‍ව හදිස්සියකට හොයාගන්ඩ බැරුව අපි අනාත වෙන හැටි කියන්ඩ මම වෙන post එකක් ලියන්නං..
    සබ් ලෝකෙං ටිකකට මිදිලා මේ වගේ වෙනස් විදියේ ලිපියකුත් ලියපං ඉඳලා හිටලා (මට උඹේ රසික‍යන්ගෙං ගුටි කන්ඩ වෙන කතාවක් ද දන්නෑ කිව්වේ )..
    -ජය

    • රොයිලි ප්‍රනාන්දු
      March 22, 2010 at 1:59 pm

      හික් හික් ඔබතුමා දාපු පළවෙනි කමෙන්ට් එක වෙන්න ඕනා මේක නේද? සාදරයෙන් පිළිගන්නවා සහෝ.

      මෙහෙමනෙ බන් නෙට් අවුල් වෙලාවට ලිපිය ලියලා ඊයේ තමයි පෝස්ට් කළේ. ඉතිරි කොටසුත් දාලා වෙලාව හදලා තියෙන්නේ. 😛

      ඉක්ම්නට යථා තත්වයට එන්න ඕනා මචෝ. 😛

  6. chamila
    March 22, 2010 at 8:47 am

    බලාගෙන ගියහම උඹත් මාර පොරක්නේ…

    • රොයිලි ප්‍රනාන්දු
      March 22, 2010 at 2:01 pm

      හික් හික් මාර නෑ මාර නෑ. 😛

      ස්තූතියි සහෝ කමෙන්ට් එකට

    • March 23, 2010 at 3:53 pm

      yeh නැතුව 😛

  7. March 22, 2010 at 8:54 am

    මේ පෝස්ට් එක ලිව්වෙ wordpress වල ඉදලද… නැත්තං වෙන සොෆ්ට්වෙයා එකකින් ලියල අප්ලෝඩ් කරාද?..
    ෆොන්ට් සයිස් එක නියමට ම තියෙන නිසයි අහන්නේ

    • රොයිලි ප්‍රනාන්දු
      March 22, 2010 at 2:02 pm

      wordpress වල ඉඳන් තමයි මචෝ. මම 16pix වලට සයිස් එක සෙට් කළා. ඒක වෙන්න ඇති ඔය කියන වෙනස. 😛

  8. Gayathra
    March 22, 2010 at 9:04 am

    රොයිලි අයියා, ඔයාගෙ වැඩ ටික දිගටම කරගන යන්න, සුබපතනවා.. ජයවේවා!! 🙂

    • රොයිලි ප්‍රනාන්දු
      March 22, 2010 at 2:03 pm

      එල එල ස්තූතියි සහෝ. ස්තූතියි කමෙන්ට් එකට.

  9. March 22, 2010 at 9:08 am

    ටාන් ටීන් ඕන්න අපිත් ආවෝ.. ඒකෙ නෙමෙ උබත් මේ බ්ලොග් එක ඔය මොකක් හරි සින්ඩිකේටර් එකකට දාපන්. එහෙනම් ජය හෝ.
    (ඉලග එකත් ඕනේ)

    • රොයිලි ප්‍රනාන්දු
      March 22, 2010 at 2:05 pm

      ගුරා ඇඩ් නොදා සයිට් එක කරනවනම් මම සින්ඩි එකකට වත් නොදා සයිට් මේක කරනවා 😛

      මේකනේ මචෝ මේකට ලිපියක් දාන්න ගන්න කාලය අනුව හැම සින්ඩියක්ම ලිපියක් දාන්න කලින් එලියට විසි කරලා ඉඳියි 😛

  10. March 22, 2010 at 9:29 am

    I am not reading any of blogs in those days … but Sara send me your blog post to me…
    I m very proud of you man. Also appreciated your great work. keep it up..

    • රොයිලි ප්‍රනාන්දු
      March 22, 2010 at 2:06 pm

      මචං ඒ කියන්නේ උඹ මූණු පොතට හැමදාම එබෙනවා නේ. මම එව්ව මැසේජ් එකට උත්තරයක් එවහන්කෝ තරහ නැතිව

  11. Amila
    June 14, 2010 at 4:24 pm

    අද හෙට පහු වෙලා ගොඩක් දවස්නේ.තාම දෙවෙනි කොටස නැද්ද?අපි හරි ආසයි ඒක කියවන්න.මමත් දෙයියනේ කියලා බ්ලොග් එකක් ලියනවා.ලෝකේ තියන බහුබූත හොල්මන් ගැන.කමෙන්ට් එකක් කියන්නේ අපේ ශක්තිය වැඩිකරන තවත් පෙත්තක් නිසා ඔන්න මමත් කමෙන්ට් එකක් දැම්මා.මම අයියට මූණු පොතේ ඉල්ලීමකුත් දාන්නම්කෝ.ඒකත් සලකා බලන්න හොඳේ.යාලුවෝ 108ක් කියන්නේ බොහොම තෝරා බේරාගෙන ආශ්‍රය කරනව වගේ.ඒකයි සලකා බලන්න කිව්වේ.මගේ ඉස්කෝලෙයි ,කැම්පස් එකයි මූණු පොතේ දාලා නෑ.යාලුවෙක් වුණාම කියන්නම්කෝ.අදට එච්චරයි.මේ පට්ට වැඩේ දිගටම කරගෙන යන්න හදවතින්ම සුබ පතනවා.ආයෙත් ලංකාවට එන්න බලාපොරොත්තුවක් නැද්ද?

  12. jeewantha alwis
    December 19, 2012 at 3:28 pm

    මට කියන්න පුලුවන්ද ඔයගොල්ලන් සබ් හදන font එක

  1. March 23, 2010 at 6:09 am
  2. March 24, 2010 at 6:05 am
  3. March 10, 2014 at 5:30 am
  4. March 10, 2014 at 7:30 am
Comments are closed.